Aba Mango අඹ

 

උද්භිද විද්‍යාව අනුව අන්කාඩියාසේ (Anacardiaceae) (ආමුකුලය) පවුලට අයත් අඹ ගස මැන්ගිපීරා ඉන්ඩිකා (Mangifera Indical) වශයෙන් ද හඳුන්වති.මෙම ශාකය රසාල කාමාංග පි‍්‍රයම්බු (සංස්කෘත), ආම (හිංදි), මාංගා (දෙමළ), මැංගෝ (ප‍්‍රංශ සහ ඉංගී‍්‍රසි), මන්ග් – කිවො (චීන) යනාදී භාෂාවලින් ද හඳුන්වනු ලබයි. අප රටේ බුදුදහම ප‍්‍රචලිත කිරිමට පැමිණි මිහිඳු මාරහතන්වහන්සේ මිහින්තලා පව්වේදී දෙවන පෑතිස්ස රජතුමාගේ නුවණ පරික්‍ෂණය කරනු ලැබුවේ ද අඹ ගස මුල්කරගෙන ප‍්‍රශ්න ඇසීමෙනි. කි‍්‍ර: පූ: 307 දක්වා ඉතිහාසයකට විහිදී ඇති බව අපට සිතාගත හැක.ශී‍්‍ර‍්‍ර ලංකාව, මලයාසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, බටහිර ඉන්දීය දූපත් හා මැඩගස්කරය යන රටවල සාමාන්‍ය පලතුරක් බවට අද පත්වී ඇත.අඹ ගසේ ව්‍යාප්තිය හටගන්නේ අඹ ඇටයෙන් වන අතර බීජ ප‍්‍රරෝහණ කාලය සති හතරක් පමණ වේ. උද්භිද විද්‍යාවේ දියුණුවත් සමග අඹ පැළයකට වෙනත් අඹ ගසක පොත්තක් බද්ධ කිරීම ආරම්භ වීමෙන් පසු අඹ වගාව විශාල වශයෙන් ව්‍යාප්ත වීමට හේතු විය.

 

මෙම ශාකය  මෘදු ලොම් පසේ, මෙන්ම ගල්, වැලි, බොරලු, සහිත පසේත් වැවෙන බව අපට දැකිය හැක. අප රටේ නිර්දේශ ප‍්‍රදේශ වශයෙන් වියළි කලාපයට අයත් පුත්තලම, වව්නියාව, හම්බන්තොට, යාපනය යන දිස්ති‍්‍රක්කවල වගාකරන අතර අක්කරයක් සඳහා ගස් 20 ක් පමණ සිටවීම සඳහා නිර්දේශ කර ඇත.රසයත් වර්ණයත් හෙබි අඹ වර්ග රාශශියක් ඇත. ඉන්දියාවේ වර්ග 1000 කට අධික සංඛ්‍යාවක් ද අප රටේ මී අඹ, ගිරා අඹ, ඇටඹ, බෙට්ටි අඹ, කොහු අඹ, වල් අඹ, ඩම්බර් අඹ, යාපනේ අඹ වශයෙන් ද සාමාන්‍ය අඹවලට වඩා ලොකු අඹ පොල් අඹ වශයෙන් ද පොතු බද්ධ කිරීමෙන් සකසා ගත් අඹ ගස් මිලාඩ් කර්තකොලොන්බන් අම්බලව් යන නමින් ඉතාමත් ජනපි‍්‍රය වන අතර රසයෙන් ද අනූනය.අප රටේ අඹ වාරය අපෙ‍්‍ර්ල්, මැයි, ජූනි මාස වල වන අතර, වියළි දේශගුණයක් පවතින පෙබරවාරි මාසයේ මල් හටගනී. තවද පැසුණු අඹ කැඩීමට සාමාන්‍යයෙන් දින 90 ක් පමණ ගතවනු  ඇත.අප සැමගේ ජීවිතවලට අඹ ඉතා වටිනා ඖෂධයක් වන අතර “ඒ”, ‘සී”, “ඩී”, යන විටමින් වලින් ශරීරයට අවශ්‍ය කැල්සියම්, ලෝහ, ජීවධාතු හා ඇස්කොරයින් ඇසිඩ් වලින් අවශ්‍ය ගුණය ලබා දෙයි.අඹ දළු, කොළ, මල්, ගෙඩි, ඇට, මද, පොතු හා මැලියම් ඖෂධයක් වශයෙන් ප‍්‍රයෝජනයට ගන්නා අතර ආහාර දිරවීමට මහත් සේවයක් ඉටුකරයි. නොඉදුණු අඹවලින් චට්නි සාදන අතර ඉදුණු අඹවලින් බීම වර්‍ග නිෂ්පාදනය කරනු ලබයි. අඹ ව්‍යාංජනය ඉතා රසවත් වේ. අඹ ඇට මදයේ මාංශජනක ධාතු 5.6% ඇති බව නයිජීරියාවේ කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය මගින් සොයාගෙන ඇත. තවද මදයෙන් ලබාගන්නා තෙල්වලින් සබන් සෑදීම සඳහාත් තෙල් ලබාගැනීමෙන් පසු යුෂවලින් සත්ව ආහාර නිෂ්පානය කරනු ලබයි.