Rukshan Jayasekara



Ahala ඇහැළ

 

අප රටේ ජන ගීත හා ජන කවි ඇසළ මල් වෙනුවෙන් නිර්මාණ බිහිකර ඇත. තවද ජූලි මාසය ඇසල මස ලෙසින් හඳුන්වනු ලබයි. මේ අයුරින් බලන කළ ඇහැළ ඖෂධයට විශේෂ තැනක් හිමි වේ. බක්මස (අප්‍රේල්මස) මල් පිපීම ආරම්භ වී ඇසළ මස අවසන් වේ. සාමාන්‍ය වශයෙන් අඩි 30 - 40 උසට වැඩෙනු ලබයි. මෙම ශාකයේ පොත්ත අළු පැහැයෙන් යුක්ත වේ. ඇහැළ ශාකයේ මල් කහ පැහැයෙන් පහතට ඉත්තක් ලෙසින් දිස්වේ. මෙම කරල් තුළ බීජ හටගැනීම සිදුවේ. ඇහැළ ඖෂධ ශාකයේ සිංහල නාමය ඇහැළ ලෙසින් ද සංස්කෘත නාමය ආර්ශ්ව ද රාජ් වෘක්ෂ නම් වේ. දෙමළ භාෂාවෙන් තීරුකෝණ්ඩයි නමින් හදුන්වනු ලබයි. ඇහැළ ශාකයේ පත‍්‍ර සෙ. මී. 35 – 40 පමණ දිගු වන අතර වියළි කාලයේ පත‍්‍ර හැලී ශීත කාලයේ දී දළුලා වැඩෙයි. මෙම ශාකයේ කුලය වූයේ ඹ්ඥඨභථඪදධඵච වේ. ඇහැළ ශාකය බහුල ලෙස ව්‍යාප්ත වී ඇත්තේ අනුරාධපුරය රක්වාන කුරුණෑගල ප‍්‍රදේශ වලය.

 

ඖෂධ වශයෙන් ඇහැළ ශාකයේ මුලෙ පොතු ක‍ඳේ පොතු කරල් කොළ මල් එමෙන්ම බීජ (ඇට) භාවිතයට ගනු ලබයි. මෙම ඖෂධ කොටස් තුළින් සුව වන ලෙඩරෝග නම් උණ හෘද රෝග ආමාශ ගත රෝග සඳහා විශේෂ වේ. තවද නොමේරූ ඇහැළ කොළ මැල්ලුම කිරිපණු රෝගය සඳහා ප‍්‍රත්‍යක්ෂ ඖෂධයකි. මෙහි ඇති විරේචන ගුණය නිසා පණුවන් මත් වී මළපහ සමඟ පිටවේ. ශාකයේ කොළ අමුකහ සමඟ අබරා ගෑමෙන් පොතුකබර රෝගය ඇති අයගේ දිරා ගිය සමේ කොටස් නැවත වර්ධනය වේ. තවද රුධිරය පිරිසිදු වේ. මැලේරියා රෝග සුව කරන අතර වාත රෝග සඳහා අත්බෙහෙත් ලෙස භාවිත කෙරේ.ඇහැළ ඖෂධය මේ අයුරින් මහත් මෙහෙයක් කරන අතර කැඩුම් බිඳුම් වෙදකමේ දී කොළ පොතු මැල්ලුම් ලෙස යොදා ගනු ලබයි. ඇහැළ ශාකයේ වර්ග දෙකක් ඇත. මල් ඇහැළ හා බෙහෙත් ඇහැළ වේ. මෙහි දී භාවිතයට ගනු ලබන්නේ බෙහෙත් ඇහැළ වල මල් පිපෙන අතර වල් ඇහැළ වල මල් නොපිපේ. ඇහැළ වැනි දේශීය ඹෟෂධීය ශාක අපගේ ලෙඩ රෝග සඳහා යොදා ගන්නේ නම් ශරීර සෞඛ්‍ය ශක්තිමත් වනවා නොවනු මානයි.