Aligata Peera අලිගැට පේර

 

පලතුරු ලොවේ මෑත භාගයේදී අප රටේ ජනප‍්‍රිය වූ පලතුරු වර්ගයක් වන අලිගැටපේර ගැනයි අද ඔබට කියන්න යන්නේ. මධ්‍යම ඇමරිකාව ගෝතමාලාව මැක්සිකෝව ඇතුළු රටවල ජනතාවගේ ප‍්‍රධාන ආහාරය වශයෙන් සැලකෙන මස් මාංශවලටත් වැඩි පෙ‍්‍රීටීන් ගහන වූ කෑමට ප‍්‍රියකරන පලතුරක් වශයෙන් අලිගැටපේර හැඳින්විය හැකියි.ලෝරාසේ (Lauroceae) ශාක කුලයට අයත් කේතු ආකාර දර්ශනීය අලිගැටපේර ගස නිජභූමිය වශයෙන් බටහිර ඉන්දීය දූපත් හා ගෝතමාලාව හැඳින්විය හැකියි.තවද ලොකයේ දකුණු ශාන්තිකර සාගරය අවට මෙන් ඉන්දියාවේ සහ ලංකාවේද පැතිර පවතී. ධාන්‍ය පිටියෙන් සෑදූ රොටියක්, ඇලිගැට පේර ගෙඩියක්, කෝපි කෝප්පයක් ගෝතමාලා වැසියන්ගේ ප‍්‍රධාන ආහාරය වනවා මෙන්ම ඇමරිකන් කාන්තාවන්ගේ අතුරු ආහාරය අලිගැටපේර බවට පත්වී තිබෙනවා.

 

ඉංග‍්‍රිසි භාෂාවෙන් අවකාඩෝ යනුවෙන් අලිගැටපේර හඳුන්වන අතර ජැමෙයිකාවේ සර් ස්ලෝනි විසින් පළකරන ලද ශාක නාමාවලියේ අවකාඩෝ හෙවත් ඇලිග්‍රේටර් පෙයාර්ස්ටි‍්‍ර යන එම නම සිංහල භාවිතයේදී අලිගැටපේර වශයෙන් හඳුන්වා තිබෙනවා.අතු පතර විහිදී වැඩෙන අලිගැටපේර කිකිළි බිත්තරයක හැඩයෙන් ගත් බීජය මගින් ව්‍යාප්තිය සිදුවී ඇත. මෙම බීජ සිටුවීම මගින් හෝ පොලිතින් මළු යොදා ගැනීමෙන් පැළ ලබා ගැනීමට හැකිවේ. අතු බද්ධ කිරීම (ලේසර් ක‍්‍රමය) නවතම ශාක බද්ධ කිරීම ප්ලෝරිඩාවේ ජෝර්ජ් බී. සෙලෝන් හඳුන්වා දී ඇත. එක් බීජයකින් පැළයක් හටගන්නා අතර සමහර අවස්ථාවලදී පැළ දෙකක් වුවද හටගනී.

 

අලිගැටපේර සඳහා මෘදු ලෝම පස මෙන්ම බොරළු පස හා වැලි සහිත පසේද වැඩෙයි. ගස් අතර පරතරය මීටර් 7*7 ක් විය යුතු අතර අවුරුදු 5 කදී ගෙඩි හටගනු ලබයි. පෙබරවාරි මාර්තු මාසවලදී අතු රිකිලිවල මල් පොකුරු වශයෙන් හටගනී. අලිගැටපේර මල් දෙවරක් පිපෙන බව උද්භිද විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා. උදයේ ස්තී‍්‍ර පුෂ්පය පිපෙන අතර සවස් කාලයේ පුරුෂ මල විකසිත වේ. ගෝතමාලා වැසියන් ධාන්‍යයෙන් සෑදූ රොටි කෑමට ගන්නේ ඉදුණු අලිගැටපේර මද සමග හා ළුෑනු සහ ලුණු මිශ‍්‍රකර සලාදයක් වශයෙන්ද භාවිතා කිරීමෙනි.පෙ‍්‍රීටීන් හා කැලරි බහුල අලිගැට පේරවල ගුණ පදාර්ථවල විශ්ලේෂණය අනුව ජලය 78.66% ක්ද මේදය 9.80% ක් කාබෝහයිඩ්රේට් 9.08% ක් ඇති බව සොයාගෙන තිබෙනවා. තවද පේර මද ග‍්‍රෑම් 100 ගවමස් වලට වඩා 118 ක කැලරි ප‍්‍රමාණයක් ඇති බව පර්යේෂණ මගින් හෙළිකර ගෙන ඇත.මෙහි සීනි අඩංගු වී ඇත්තේ 01% පමණ වන සුළු ප‍්‍රමාණයක් බැවින් දියවැඩියා රෝගීන් හටද සුදුසු පලතුරක් ලෙස වෛද්‍ය විශේෂඥයන් ද පිළිගෙන ඇත. අද සමාජයේ ගවමස් කෑමෙන් ඈත්වන මෙවන් අවදියක දුවල පුතාලා හට අලිගැටපේර ආහාරයට ගැනීම තුළින් වැඩි පෙ‍්‍රී ටීන් ප‍්‍රමාණයක් ලබා ගැනීමට හැකිවනු ඇත.