Amukkara අමුක්කරා

 

දේශීය කුල පාරම්පරික වෙදකම රැකදෙමින් අප රට තුළ වැඩෙන ශාකයකි අමුක්කරා මුල්, (අල) පොඩි කළ විට අශ්වයෙකුගේ මූත‍්‍ර ගඳට සමාන වූ බැවින් අශ්වා ගන්ධ නමින් හඳුන්වයි. සුවඳ තුළින් අමුක්කරා හඳුනා ගැනීමට පහසු වේ. කණ්ඨකාරී සොලෙනාසියේ SOLANACEAE කුලයට අයත් අමුක්කරා Withania somnifera (L) Dunal  උද්භිද විද්‍යාත්මක නාමයෙන් ද හඳුන්වනු ලබයි. තවද සිංහල නමින් අස්ගොදු ලෙසද දෙමළ බසින් අමුක්කරා යන්වෙන්ද හඳුන් වයි. මේ ශාකය වසර ගණනාවක් උවද පඳුරක් ලෙසින් වැඩෙනු ඇත. මීටරයක් පමණ උසකින් සමන්විතවේ. අමුක්කරා පත‍්‍රය දුර්වර්ණ කොළ පාටින් යුක්ත වූ අණ්ඩාකාර බවකින් යුක්ත වේ. මේ ශාකයේ මල් ලා කොළපාටින් යුක්ත වේ. කිනිති 3 – 6 කි පමණ ඇත. මල් පෙති වල පිට පැත්ත බූවකින් වෙලී ඇත. අමුක්කරා ගෙඩිය තද රතුපාටින් ගහන වූ අතර ගෝලාකාර වේ. ගෙඩිය අතුළත  බීජ දුඹුරු පාටින් පිහිටා ඇත. එමෙන්ම අමුක්කරා ගෙඩි කුඩා පත‍්‍ර වලින් වැසී ඇත.අමුක්කරා ශාකය ලංකාව , ඉන්දියාව, මධ්‍යධරණී ප‍්‍රදේශ හා දකුණු අප‍්‍රිකාවේ බහුල වශයෙන් දක්නට ලැබේ. විශේෂයෙන් වියළි ප‍්‍රදේශ වල වගා කරන මෙම ශාකය ලංකාවේ වියළි කලාපයේ ඉතා හොඳින් වැඩේ. විශේෂයෙන් අතැහැර දැමූ ඉඩම් වල වැඩෙනු ඇත.

 

දැනට ශාක සංරක්ෂිත ස්ථාන පේරාදෙණිය උද්භිද උද්‍යානය, නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනය, බත්ගොඩ, පල්ලේකැලේ ගිරාදුරුකෝට්ටේ ඔසු උයන් අමුක්කරා ශාකයෙ අල සහ මුල් ඖෂධ වශයෙන් භාවිතයට ගැනීමෙන් ස්නායු ශක්තිමත් කරයි. වේදනා නසයි. නින්ද ඇති කරයි. බඩ ගින්න වඩයි. අකලට මහළු වීම හා ජරාවට පත්වීම අඩු කරනු ලබයි. අමුක්කරා අත්බෙහෙතක් ලෙස සෙම් ප‍්‍රතිශ්‍යාව හා කැස්සට කුඩු කරගත් මුල් දීම හන්දි ඉදිමුම, හා වේදනාව නැසීම ශක්තිය ඇත. කිරි කැටිගැසීමේ හැකියාව ඇති බැවින් විස ද්‍රව්‍ය නිෂ්පාදනයේ දී යොදා ගැනීමට හැකිය. කෘමිනාශක නැසීමේ ශක්තියක් ද ඇති බැවින් ඇතැම් ගොවිතැන් අතර මිශ‍්‍රව වගාකරයි. වියළි කලාපවල අමුක්කරා වගාවට ඉතා හිතකරවේ. බීජ යොදා ගැනීම තුළින් වගාව සාර්ථක වේ. මාර්තු සහ අපෙ‍්‍ර්ල් කාලවලදී තවාන් පිළියෙක කර එකතු කරගත් බීජවල සෙවල ගතිය යනතුරු සෝදා වියළා ගත යුතු වේ. පසුව බීජ සිටවන අවස්ථාවේ සෝදා සිටවුන ලබයි. මාස 6 සිට 10 ක් වූ පැළ සඳහා එහි වටේ පස් බුරුල් කර කොම්පස් දැමිය යුතුය. ඉන් පසු මාස 18 කට පසු අස්වැන්න නෙලීම සිදු කළ හැකිය. සාරවත්ව වැඩුණු අමුක්කරා ගසකින් ග‍්‍රෑම් 200 සිට 250 ක් පමණ අස්වැන්න ගැනීමට හැකිවේ.මල් හටගැනීමෙන් පසු ගෙඩි හට ගැනීමෙන් පසු අමුක්කරා මුල් ගලවා පවනේ වේලා ගනු ලබයි. එහෙත් මෙම ශාකයේ මුල් අමුවෙන් ගැනීම ඉතා සුදුසු වේ.