Rukshan Jayathilaka

Annasi Shakaya අන්නාසි ශාකය

 

අන්නාසි - Ananas පර්යාය නාමය - Synonym:-Bromelia amanas කුලය - Family:-Bromeliaeas

සිංහල නාමය      අන්නාසි - Annasi

සංස්කෘත නාමය   අනන්නාස‌- anannas

දෙමළ නාමය      පෛන් ඇපල් - paie-Apple

හින්දි නාමය       අනනාස් - Ananas

බෙංගාල නාමය    අනාරිස් - Anaris

තෙලඟු නාමය      අනසා පණ්ඩු - Anasa-pandu

 

වැඩෙන ස්ථාන:

ශ්‍රි ලංකාවේ සෑම පළාතකම වැඩෙන ශාකයකි.එහෙත් ආර්ථික ලාභ බලාපොරෝන්තවෙන් අධිකව වවනු ලබන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේය.ප්‍රණිත රසැති පලතුරක් වන මේය ගෘහස්ත භුමිවල වගා කිරිමට ලක්වැසි බොහෝ දෙනා ඇල්මක් දක්වති.

 

ස්වභාවික ලක්ෂණ:

ආයු කාලය වෙසරකි.පළමු වසර තුළ ශාකය හොඳින් වැඩේ.ශාඛා නොමැත.පත්‍ර රැසකි.සරු පසෙහි යහපත්ව වැඩෙන ශාකයක කොළයක් අඩි 3 හෝ 4 ක් පමණ දිගට වැඩේ.පතයයක අභ්‍යාන්තරය සිහින් ඝණ කෙඳිවලින් භරිතව පවති.කොළ පැහැති පත්‍ර (දෙපසම) දාරවල ඉතා සියුමි කටු පිහිටා ඇත.කඳ ඉතා කෙටිය .තුඹසක් හැඩය ගන්නා කොරපොතු (වැනි) සමූහයක් පිහිටා ඇත.පෙති 3 න් සමන්විත පුෂ්ප මංජරියක් පවති.දෙවන වසරෙදී මල් හට ගනි.පීදුනු මල් කෙමෙන් විශාල වී මඳ කලක් නාක්ම යෑමෙන් පසු අධික ඉස්මෙන් හා රසයෙන් පිරුණු ඵලයක් දරයි.එය ආරක්ෂා කිරීම පිණිස කටු සහිත මදක් කුඩා පතය රාශියක් ගෙඩිය(එලය)මුදුනේපිහිටයි.

විවිධ වර්ගවලට අයත් අන්නාසි දිවයිනේ විවිධ පලාත් වල වැවේ.කඳු මදුන්  වල දක්නට ලැබෙන්නේ ගල් අන්නාසිය.දරු අන්නාසි නමින් වර්ගයක් ද ඇත.එවා අංකුර රැසකින් නිර්මිතව ඇත.අංකුර පිහිටා ඇත්තේ ඵලයේ පහළින්ම ය.ඈත අතීතයේ ඉන්දියාවෙන් රැගෙන විත් බෝ කරන ලද ඉතාමත් මිහිරි රසයකින් යුත් මුරුසි අන්නාසි,උඩරට කැලෑබදව හෝ වතු අද්දර ඉබේ පැලැවෙන ශාක වර්ගයක් බවට පත්ව ඇත.පැහැයෙන් එය දමි පාටින් යුක්තය.දි ගැටි හැඩයක් ගනි.

 

ඖෂධ සඳහා යෙදිය හැකි අංග:                        

ගෙඩි සහ කොළ ඉස්ම.

 

විශේෂ ගුණය (ඖෂධීමය):

කොළ ඉස්ම ප්‍රභල කෘමිනාශකයකි.පළතුරු විරේචන ගුණයෙන් යුක්තය.

 

සුව කළ හැකි රෝග:

මාස් ශුද්ධියේදි ඇතිවෙන අවහිරතා මඟ හරවයි.ගර්භාෂය සඔකෝචනය කරවයි.

මුත්‍රා අඩස්සිය දුරලයි.ස්කැචි රෝගයට හිතකරය.සෙංගමාලය,ඉක්කාව.

 

වෙනත් රෝගී අවස්ථාවලට ඖෂධ යෙදිය හැකි කර්ම:   

විරේකයට.

 

විරේක කරවීමට:

1.අන්නාසි කොළ ඉස්මට සීනි මිශ්‍රකර දීම.

 

බඩ පිපුමට:

2. නොමේරු අන්නාසි හොඳින් තලා ලබාගත් යුශට විනාකිරි ස්වල්පයක් මිශ්‍ර කර දීම.

3. සෙංගමාලය සැදුනු රෝගීන්ට ඉදුණු අන්නාසි ඉතා හොඳ පළතුරකි.