Swarna Guru Maniyo ස්වර්ණ ගුරුමෑණියෝ
Hot Kello

Annasi අන්නාසි

 

අන්නාසි අපේ පසිඳුරන්ම පිනවන්නට සමත් පලතුරකි. ඇසට පි‍්‍රය, දිවට රස, සුමිහිරි අන්නාසි ගෙඩිය අන්තර්ජාතිකව සුහද පිළිගැනීමක සොඳුරු සංකේතය වශයෙන් පිළිගැනෙන්නේ එනිසාම විය යුතුය. ලොව සියලු මිහිරි රසයන් එකට එක් වූවා වැනි රසයක් ඇති නිසාදෝ අන්නාසි ගෙඩියට ‘ විශිෂ්ට පලතුර ‘ හෙවත්  ඥයජඥතතඥදබ ටපභඪබ  යන නම ලැබී ඇත. අනානා යන වචනයෙන් අනාසස් නම සෑදී ඇති අතර ‘ අනානා වචනයේ තේරුම විශිෂ්ට පලතුර යන්නයි. අනාසස් අන්නාසිවලට කියන නමකි. අන්නාසි ගෙඩියක් ලබන්නාද සැබෑ වාසනාවන්තයකි. අන්තර්ජාතික පිළිගැනීමට අනුව ඔබ අංග සම්පූර්ණයි යන කියමන අන්නාසි ගෙඩියකින් සංකේතවත් වෙයි.බ‍්‍රසීලය, බෙලීවියා, පේරු හා පැරගුවේ රටවල් නිජබිම් කර ගත්ත ද අන්නාසි අපේ රටට ජාතික පලතුරක් තරමටම සමීප වී ඇත. එනිසාමදෝ අන්නාසි හා බැඳුණු ගමක නමක් ද පවතී. අන්නාසි රස ගුලාවක් පමණක් නොව එය විටමින් රැසකින්ම පොහොසත්ය. මැංගනීස් විටමින් සී, තයමීන් ( විටමින් බී 1 ) මෙහි වැඩි වශයෙන්ම අඩංගු පෝෂකය. අන්නාසි ගෙඩියේ ගුණවත් බව වැඩි කරන පෝෂක වතුර ග‍්‍රෑම් 86.50 ප්‍රෝටීන ග‍්‍රෑම් 0.39 මේදය ග‍්‍රෑම් 0.43 කාබෝහයිඩ්‍රේට් ග‍්‍රෑම් 12.39 කැල්සියම් මිලි. ග‍්‍රෑම් 7 යකඩ ග‍්‍රෑම් 0.37මැග්නීසියම් මිලිග‍්‍රෑම් 14 පොස්පරස් මිලි ග‍්‍රෑම් 7 පොටෑසියම් මිලි ග‍්‍රෑම් 113 සෝඩියම් මිලි ග‍්‍රෑම් 1 සින්ක් මිලි ග‍්‍රෑම් 0.08 තඹ මිලිග‍්‍රෑම් 0.110 මැංගනීස් මිලි ග‍්‍රෑම් 1.679 විටමින් ‘ සී ‘ මිලිග‍්‍රෑම් 15.4 තයමීන්, රයිබොෆ්ලේවින් හා නියැසිනි යනබී කාණ්ඩ ද මෙහි අඩංගුය. අන්නාසි විටමින්වලින් වගේම එන්සයිමවලින්ද පොහොසත්ය. මෙහි අඩංගු බ්‍රොටලෙන් නම් එන්සයිමය අප ගන්නා ආහාර දිරවීමට ආධාර වෙයි. එපමණක් නොව එය ප‍්‍රදාහ තත්ත්වයන් වළක් වන්නක් ලෙස කි‍්‍රයා කරයි. ඇතැම් ප‍්‍රතිජීවක හා ඖෂධවල කි‍්‍රයාකාරිත්වයටද බ්‍රොමලෙන් එන්සයිමය ආධාර වේ. තුවාල වීමෙන් ඇතිවෙන තත්ත්වයන් සුව කිරීමට ද බ්‍රොමලෙන් උපකාරී වේ. ටින් කළ අන්නාසිවල මෙම හෝර්මෝනය අඩංගු නැත. ඒ ටින් කිරීමේ දී මේ එන්සයිමය විනාශ වෙන නිසයි. මස් පිසීමේදී සමහරු අන්නාසි එක් කරන්නේ ඒවා මෘදු බවට පත් කිරීම සදහායි. මස් මෘදු වන්නේ එහි අඩංගු එන්සයිම නිසයි. ජෙලටීන් අඩංගු ආහාර පිළියෙළ කිරීමේ දී ද අන්නාසිවල අඩංගු එන්සයිම ආධාර කර ගනී. මෙම එන්සයිම ගස්ලබුවල අඩංගු එන්සයිමවලට සමානය.බඩවැල්වල රෝග තත්ත්වයන්, දරුවා ප‍්‍රසුත කරන කාලය පමණ ඉක්මවා ගිය විට, කෑම අරුචියට අන්නාසි ගුණදායක බවට විශ්වාසයක් පවතී.පෙ‍්‍රීටීන අක‍්‍රමිකතා ඇති අයට අන්නාසිවල අඩංගු එන්සයිම හිතකර නැත. අන්නාසි වෙනත් පලතුරු මෙන් ශීීතකරණයේ තබා කල් තබා ගත නොහැකිය. ඒ වගේම කැඩු පසු අන්නාසි ගෙඩිය ඉදෙන්නේද නැත. අන්නාසි පඳුරේ කොළවල ශක්තිමත් කෙඳී අඩංගුය. එනිසාම කෙඳී නූල්, රෙදි පිළියෙල කිරීමට ද ගනී. අපේ අසල් ඉන්දියාවේ අන්නාසි ඉඩම් මායිම් කිරීම සඳහා ද වගා කරයි. නැවුම් අන්නාසි ගෙඩියක රස ගුණ අත්දකින්න ඔබත්, ගෙවත්තේ අන්නාසි පැළයක් වවා ගන්න. අන්නාසිවලින් පිරි ගෙවත්ත ඔබ මෙන්ම සියලු දෙනාවම සුහදත්වයෙන් පිළිගනු ඇත. ඒ අන්නාසි ‘ සුහද පිළිගැනීමක සොඳුරු සංකේතය නිසයි.-