Rukshan Jayasekara



Apple ඇපල්

 

ලොව පුරා සිටින බාල, තරුණ, මහලු සියලු දෙනාගේම ජනප‍්‍රියම පලතුර ලෙසින් විරුදාවලිය ලත් පලතුර ඇපල් යයි කීවොත් එය නිවැරදිය. ඇපල් පුරාණයේ සිට ග‍්‍රීක හා රෝමවරුන් බහුල වශයෙන් භාවිතා කර ඇත. මේ හා බැඳුණු එක් ප‍්‍රධාන කතාවක් නම් ඇඩම් හා ඊව් ඊඩන් උද්‍යානයේදී කෑ තහනම් ගෙඩි ගැන සඳහන් කර නැතත් බොහෝ චිත‍්‍ර එය ඇපල් ලෙස දක්වා ඇත.ඇපල්වල මූලාරම්භය නැගෙනහිර තුර්කිය හා නිරිත දිග රුසියාව මෙන්ම සුළු ආසියාවෙන් සිදු වී ඇත. ඇපල් වර්ග කීපයක් මව්බිම වශයෙන් උතුරු අමෙරිකාවෙන් සිදු වී ඇති අතර වර්ෂ දහස් ගණනක් තිස්සේ ඇපල් වර්ග වර්ධන කර ඇත. මුල් අවදියේ ඇපල් වර්ග 10,000 ක් පමණ තිබී ඇතත් මේ වන විට බොහෝ වර්ග විනාශ වී ඇත.ඇපල් වල උද්භිද විද්‍යාත්මක නාමය  ර්චතභඵ ච්ධථඥඵබඪජච Malus Domestica වශයෙන් හඳුන්වා ඇත. මෑතකදී කළ පර්යේෂණ අනුව දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් අසනීප බොහොමයක් වැලකීමට හැකියාව ඇති බව පර්යේෂණ වලින් පෙන්වා දී ඇත. සාමාන්‍ය්‍ය ඇපල් ගෙඩියක ග‍්‍රෑම් 05 ක පමණ ප‍්‍රමාණයක් තන්තුමය ඇති අතර මළ පහ කිරිම සාමාන්‍ය්‍ය තත්ත්වයෙන් පවත්වා ගෙන යෑමට මහත් රුකුලක් වේ. එමෙන්ම පිළිකා වැලැක්වීම සඳහා ද ඇපල් වැදගත් කාර්යයක් සිදු කරනු ලබයි. දිනකට ඇපල් ගෙඩි 2 ක් හෝ ඇපල් ජූස් පානයෙන් ධමනිවල කොලොස්ට්රෝල් බැඳීම අඩුකරයි. තවද ඇපල් පොත්තෙන් ලබාගන්නා ද්‍රව්‍ය වලින් බැක්ටීරියා නාශකයක් ලෙස කි‍්‍රයා කරයි.ඇපල් මල් හට ගැනීමෙන් අනතුරුව ඇපල් ගෙඩියක් පැසීමට දින 120 – 150 ක් පමණ ගතවේ. එය ඇතැම් වර්ගවල දින 70 ක් පමණ අඩුවන අතර ඇතැම් වර්ගවල දින 18 පමණ දිගු වන අවස්ථා ද ඇත.ලෝක ඇපල් නිෂ්පාදනය පිළිබඳව සඳහන් කිරීමේදී එහි සාමාන්‍ය නිෂ්පාදනය අක්කරයකින් කිලෝ. 9800 ක් පමණ වන අතර එය නවසීලන්තයේදී අක්කරයක් සඳහා කි. 40000 දක්වා වර්ධනය කර ගෙන ඇත. එයට හේතුªවී ඇත්තේ අවශ්‍ය දේශගුණය හා නිසි වගා කළමණා කරණයයි. ඇපල් වගාව අප රටේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දේශීය වගාවක් ලෙස වගා කිරීමට බිදුණුවැව කෘෂිකර්ම පර්යේෂන ආයතනයේ සහය ඇතිව මහත් උත්සහයක් ගෙන ඇත. මෙම ආදර්ශනයේ ඇපල් ගස් 4 වගාකර ඇත. ඉන් හටගත් ඵලදාව ගසක ගෙඩි 300 – 350 ක් අතර වී ඇත. එමෙන්ම පිටරට ඇපල් හා සමාන පැහැයෙන් හා වැඩුණු බවින් යුක්ත වී ඇත. මෙම ඇපල් වර්ගය රෝම් බියුටි නමින් හඳුන්වා ඇත. අවුරුදු ගණනාවක් කරන ලද පර්යේෂණ වල ප‍්‍රථිඵලයක් ලෙස පිටරට ඇපල් හා අප රට ඇපල් බද්ධ කිරීමෙන් රෝම් බියුටි ඇපල් හදාගෙන ඇත. මෙම බද්ධ කිරීම සඳහා ග‍්‍රීන් හවුස් ආරක්‍ෂා ක‍්‍රමය භාවිතා කර ඇත. දැනට වයස අවුරුදු 6 – 7 ක් පමණ මෙම ඇපල් වගාව මධ්‍යම පළාතේ ව්‍යාප්ත කිරීමට උත්සහ දරා ඇත.