Arthapal Wagawa අර්තාපල් වගාව

 

දකුණු ඇමරිකාවේ අන්දිස් කඳුවැටිය නිජ බිම කර ගත් අර්තාපල්, සොලනේසීය(Solnaceae) කුලයට අයත්, සොලනම් ටියුබරෝසම් (Solanam tuberosum) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අර්ථික සහ දේශපාලන ලෙස ප‍්‍රධාන තැනක් ගන්නා බෝගයකි. මායා හා ඉන්කා ජාතීන් විසින් ආහාර බෝගයක් ලෙස ලොවට හඳුන්වා දුන් අර්තාපල්, යුරෝපීය ජාතිකයකු වන සැමුවෙල් බේකර් විසින් ක‍්‍රි:ව: 1850 දී ලංකාවට හඳුන්වා දෙන ලදී.

මෙම බෝගය ක‍්‍රි:ව: 1951 - 1952 කාලයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් රහංගල පිහිටි පර්යේෂණ මධ්‍යස්ථානයේදී විශාල වගාවක් ලෙස ආරම්භ කළත්, නිසි වගා ක‍්‍රම අනුගමනය නොකිරීම හේතුවෙන් රෝග හා පළිබෝධ හානියට පත‍්‍රවිය.

නැවත වරක් ක‍්‍රි:ව: 1959 සහ 1961 දී

‘‘සම්ලාභි” අර්තාපල් පර්යේෂණ ආයතනයෙන් සහ බටහිර ජර්මනියෙන් මෙරටට පැමිණි විශේෂඥයින්ගේ මගපෙන්වීම යටතේ අර්තාපල් වගාව ආරම්භ කරන ලදී.

ක‍්‍රි:ව: 1970 න් පසු ශ‍්‍රි ලංකාවේ ප‍්‍රධාන අල බෝගය බවට පත්වූ අර්තාපල්, මුලින්ම කªකර ප‍්‍රදේශවලට පමණක් සීමා වී තිබුනත් දැන් කල්පිටිය, යාපනය වැනි ප‍්‍රදේශවලත් ජනප‍්‍රිය බෝගයක් බවට පත්වී ඇත.

කඳ - Stem

කඳ, ධාවක, ආකන්ද යන ආකාර තුනම කඳක අඩංගු වෙයි. කඳ තනි කඳක් ලෙස පැමිණ එය අතුවලට බෙදෙයි. එක් පැළයක මොටියන් 1-9 දක්වා තිබෙන්නට පුළුවන්. මල් හටගන්නා කාලයේ උස අනුව කඳන් ආකාර 3 ට බෙදෙයි. එනම්,

  • මිටි45 cm ට අඩු,
  • මධ්‍යස්ථ 45-60 cm
  • උස 60cm ට වැඩි

කඳ හරස්කඩය රවුම් හෝ ෂඩාශ‍්‍රාකාර වේ. කඳ හරස්කඬේ කුඩා සිදුරක් තිබීමට හෝ නොතිබීමට පුළුවන.

කඳේ වර්ණයන්

  1. කොළ පමණක්
  2. රතු - දුඹුරු පමණක්
  3. දම්- පමණක්
  4. කොළ පාට කඳ, රතු දුඹුරු පැල්ලම්
  5. කොළ පාට කඳ, දම්පාට පැල්ලම්
  6. රතු පාට කඳ, දුඹුරු හා කොළ පැල්ලම්
  7. දම් පාට කඳ, කොළ පැල්ලම්
  8. කොළ කඳ රතු හෝ දම් තිත්
  9. රතු හෝ දම් පාට කඳ, කොළ තිත්
  10. වෙනත්

අංකුරය

ප‍්‍රධාන කොටස් 2 කි. අංකුර වර්ධනයට අර්තාපල් බීජ ගබඩාවේ තත්ත්වය බලපායි. පාදස්ථ කොටස පොළවෙන් යට පවතී. එයින් ධාවක හටගනී. ධාවක සමහරක් ආකන්ද බවට පත්වෙයි.

පත‍්‍ර

අර්තාපල් ශාකයේ ඇත්තේ සංයුක්ත පත‍්‍රයකි. එහි මැද නාරටියක් අඩංගුවේ. එය ද බහුල ලෙස පත‍්‍රිකාවලට බෙදී ඇත.

පත‍්‍රයේ පවතින රෝම ගතිය ප‍්‍රභේද අනුව වෙනස් විය හැක. පත‍්‍ර වෘන්තය කඳට සම්බන්ධ වී ඇති කෝණයේ ප‍්‍රමාණය, වෘන්තය දෙපැත්තෙන් ඇති කුඩා පත‍්‍ර දෙකේ ප‍්‍රමාණයන් හා එ්වායේ බාහිර පෙනුම ප‍්‍රභේද හªනාගැනීමට වැදගත් වේ. පත‍්‍ර සමමිතික හෝ අසමමිතික විය හැක. යම් ප‍්‍රභේදයක පත‍්‍රිකාවේ මැද නාරටියේ පාට වෙනස් නොවී පවතී.

ආකන්දය

මෙය වැඩි දියුණු වු කඳකි. එනම් ප‍්‍රමාණයෙන් විශාල වූ ධාවකයකි. සාමාන්‍ය කඳක මෙන් අංකුර/ඇස් මෙහි අඩංඟු වේ. ඒවා වලයාකාරව සැකසී ඇත. එක් ඇසක අංකුර එකක් හෝ කීපයක් තිබිය හැක. ආකන්දය ආහාර ගබඩා කරන අතර ප‍්‍රචාරණ ව්‍යුහයක් ලෙසත් ක‍්‍රියාකරයි.

හිරුඑළියට නිරාවරණයවී වර්ධනය වුවහොත් එය කොළ පැහැතිවී ප‍්‍රභාසංස්ලේෂණ ව්‍යුහයක් ලෙස ක‍්‍රියාකරයි. සමහර අවස්ථාවල පත‍්‍ර තුල නිපදවන අහාර පහළට ගමන් නොකිරීම නිසා ආකන්ද වර්ධනය නොවීමට ඉඩ ඇත. යම් රෝගයක් හෝ යාන්ත‍්‍රික හානියක් එයට හේතු විය හැක.

ආකන්දවල ලක්‍ෂණ අනුවද ප‍්‍රභේද හඳුනාගත හැක. එනම්,

  • ආකන්දයේ හැඩය
  • ඇස්වල ස්වභාවය
  • අලයේ ප‍්‍රමාණය
  • පොත්තේ ස්වභාවය
  • කඳට සම්බන්ධ වන ආකාරය වැනි ලක්ෂණ මෙහිදී සලකා බලයි.

 

ඩිසයරි
නුවරඑළිය, බදුල්ල, පුත්තලම හා යාපනය ප්‍රදේශ සදහා නිර්දේශ කර ඇත. මාස 03කින් අස්වනු නෙළාගත හැකි ප්‍රභේදයකි.

පිටත හැඩය

රවුම් සිට ඕවලාකාර

පිටත පැහැය

රතු පැහැතිය

ඇතුලත පැහැය

කහ මිශ්‍ර සුදු පැහැතිය

ඇස්වල ස්වභාවය

ගැඹුරු

මොටියේ ස්වභාවය

රතු දම් පැහැතියි, කෙදි බහුලව ඇත.

 

හිල්ස්ටාර්
මෑතකදී නිර්දේශ කරන ලද ප්‍රභේදයකි. පශ්චිම අංගමාර රෝගයට ඔරොත්තු දෙයි. මාස 3 1/2 අස්වනු ලබා දෙයි

පිටත හැඩය

දිගටි ඕවලාකාර

පිටත පැහැය

සුදු පාටය

ඇතුලත පැහැය

සුදු ක්‍රීම් පැහැතිය

ඇස්වල ස්වභාවය

මධ්‍යස්ථ

මොටියේ ස්වභාවය

දම් පැහැතියි, කෙදි අඩුයි.

 

රාජා

පිටත හැඩය

රවුම් සිට ඕවලාකාර

පිටත පැහැය

රතු පැහැතිය

ඇතුලත පැහැය

ක්‍රීම් පැහැතිය

ඇස්වල ස්වභාවය

මධ්‍යස්ථ

 

ලයිරා

පිටත හැඩය

දිගටි ඕවලාකාර

පිටත පැහැය

මධ්‍යස්ථ කහ

ඇතුලත පැහැය

ක්‍රීම් පැහැතිය

ඇස්වල ස්වභාවය

මධ්‍යස්ථ

 

ග්‍රැනෝලා

පිටත හැඩය

රවුම්

පිටත පැහැය

සුදු පැහැතිය

ඇතුලත පැහැය

ක්‍රීම් පැහැතිය

ඇස්වල ස්වභාවය

ගැඹුරු

මොටියේ ස්වභාවය

රතු මිශ්‍ර දම් පැහැතියි, කෙදි අඩුයි.

 

ඉස්නා

පිටත හැඩය

දිගටි ඕවලාකාර

පිටත පැහැය

සුදු පැහැතිය

ඇතුලත පැහැය

ක්‍රීම් පැහැතිය

ඇස්වල ස්වභාවය

මධ්‍යස්ථ

මොටියේ ස්වභාවය

දම් කොළ පැහැතියි, කෙදි අඩුයි.

 

සන්ටේ

පිටත හැඩය

ඕවලාකාර

පිටත පැහැය

මධ්‍යස්ථ කහ පැහැතිය

ඇතුලත පැහැය

ලා කහ පැහැතිය

ඇස්වල ස්වභාවය

මධ්‍යස්ථ

මොටියේ ස්වභාවය

ලා දම් පැහැතියි, කෙදි අඩුයි.

 

කොන්ඩෝර්

පිටත හැඩය

දිගටි ඕවලාකාර

පිටත පැහැය

රතු පාටය

ඇතුලත පැහැය

ලා කහ පැහැතිය

ඇස්වල ස්වභාවය

මධ්‍යස්ථ

මොටියේ ස්වභාවය

තද රතු පැහැතියි, කෙදි සාමාන්‍යයි.

 

වගාව සඳහා ඉඩම් සැකසීමේදි වල් මර්දනය සඳහා ග්ලයිෆෝසෙට් වල් නාශකය යොදාගැනේ. නමුත් වගාව ස්ථාපිත කළ පසු අර්තාපල් වගාවේ වල් මර්දනය ඉතා සරළය.
අර්තාපල් බීජ සිටුවා සති 2 දී පමණ, පස බුරුල්කිරීම ද සති 3-4 දී පමණ ගස් මුලට පස් එකතුකිරීමක් කළයුතු වේ. මේ අවස්ථාවේ දී , වල් පැළෑටි කුඩා කාලයේ දී ම උදැල්ලට කැපීයාම හා පසට යටවිම නිසා මර්දනය වේ.

 

සති 4 ක් වන විට අර්තාපල් ශාකය රිකිලි දමා වැඩෙන බැවින් , පස හොඳින් ආවරණය වේ. මේ නිසා වල් පැළෑටි වර්ධනය සීමාවේ. ඒ බැවින් බෝහෝ විට අර්තාපල් වගාවේ විශේෂිත වල් මර්දනයක් අවශ්‍ය නොවේ.

 

වල් නාශක භාවිතය

අර්තාපල් වගාවේ වල් මර්දනයට අර්තාපල් සිටවූ අවස්ථාවේදීම මෙට්ටි‍්‍රබියුෂන් (සෙන්කර්) වැනි රසායනික වල් නාශකයක් යෙදීම මඟින් වල් මර්දනය කළ හැකිය.

 

බිම් සැකසීම

සෙ.මි. 30-40 පමණ ගැඹුරට පස පෙරලා සියුම්ව සකසා ගතයුතුයි.

පස ආම්ලික නම්, අළුහුණු අවශ්‍ය ප‍්‍රමාණය මුලික බිම් සැකසීමේදී යොදා පස සමඟ මිශ‍්‍රකර ගතයුතුය

කාණු සහ වැටි සැකසීම

කානු දෙකක් අතර පරතරය සෙ.මි. 60 ද කානුවේ ගැඹුර සෙ.මි. 20-25 වන පරිදි සකස් කළයුතුයි.

බැවුම් සහිත ඉඩම්වලදී සෝදාපාලූව අවම වන පරිදි සමෝච්ච රේඛා දිගේ ඇලි හා වැටි දැමිම කළයුතුයි. වැටියේ දිග ඉඩමේ පිහිටීම හා වගා නඩත්තුව පහසුවන පරිදි, තමාගේ කැමැත්ත අනුව සකස්කර ගතහැකිය.

 

ජල සම්පාදනය

අර්තාපල් ශාකයට වියළි තත්ත්වයන් දරාසිටිමේ හැකියාව ඇතත් හොඳ වර්ධනයක් හා අස්වැන්නක් ලබාගැනිම සඳහා ජලසම්පාදනය අවශ්‍ය ප‍්‍රමාණයට සිදුකළ යුතුයි.

 

ජල සැපයීම දුර්වල හෝ අවශ්‍ය ප‍්‍රමාණයට වඩා ජලය ඇති විට, ආකන්දවල අස්වාභාවික තත්ත්වයන් ඇති වේ. එනම් ආකන්ද කුණුවීම, ආකන්ද මතුපිට පුපුරායාම, විකෘතිවීම හා දුර්වර්ණවිම ආදී තත්ත්වයන් ඇති වේ.

 

කෙසේ වුව ද අස්වැන්න නෙලීමට ආසන්න කාලයේ දී ජල සම්පාදනය සිමාකළයුතුය. පත‍්‍ර මත ඇති පිනි බිංදු සේදී යන පරිදි ජලසම්පාදනය කිරීම වඩාත් සුදුසුය.

 

ෙපාෙහාර භාවිතය

පොහොර යෙදීම ආකාර දෙකකට කළහැකිය. එනම් සාමාන්‍ය අර්තාපල් පොහොර නිර්දේශය භාවිතකිරීම හෝ පස් පරීක්‍ෂාකර වඩාත් නිවැරදි පොහොර නිර්දේශය භාවිතකිරීම. පස් පරීක්‍ෂාකිරීම මඟින් අළුහුණු , කබනික පොහොර යෙදිම හා රසායනික පොහොර පිළිබඳ නිර්දේශ ලබාගත හැක.

පොහොර භාවිතයේදී වඩාත් හොඳ ප‍්‍රතිඵල ලබාගැනීම සඳහා රසායනික පොහොර හා කාබනික පොහොර ඒකාබද්ධව යෙදීම අත්‍යාවශ්‍යය. කුකුල් පොහොර යොදන අවස්ථාවේදී සිටුවීමට දින 3-5 පමණ පෙර පසට එකතුකර ජල සම්පාදනය කළයුතුය.

සාමාන්‍ය පොහොර නිර්දේශය

1. කාබනික පොහොර

  • ගොම පොහොර (දිරාපත් වු ගොම) හෙක්./ටොන් 10-12 පමණ
  • කුකුල් පොහොර හෙක්./ටොන් 5-6 පමණ

2. රසායනික පොහොර නිර්දේශය

නුවරඑළිය/ බදුල්ල දිස්ත‍්‍රික්ක සඳහා

හෙක්./කි.ග‍්‍රෑ.

 

යුරියා

T.S.P

M.O.P

මුලිකව (සිටුවීමේදී)

165

270

125

සිටුවා සති 3-4න්

(පස් මුදුන් කිරීමේදී)

165

-

125

වී වගාවෙන් පසු අර්තාපල් වගාකරන බදුල්ල දිස්ත‍්‍රික්ක සඳහා

හෙක්./කි.ග‍්‍රෑ.

 

යුරියා

T.S.P

M.O.P

මුලිකව (සිටුවීමේදී)

165

270

85

සිටුවා සති 3-4න්

(පස් මුදුන් කිරීමේදී)

165

-

85

පුත්තලම / කල්පිටිය ප‍්‍රදේශ සඳහා

හෙක්./කි.ග‍්‍රෑ.

 

යුරියා

T.S.P

M.O.P

මුලිකව (සිටුවීමේදී)

65

270

50

සිටුවා සති 2න්

65

-

50

සිටුවා සති 4න්

65

-

50

සිටුවා සති 6න්

65

-

50

සිටුවා සති 8න්

65

-

50

යාපනය දිස්ත‍්‍රික්කය සඳහා

හෙක්./කි.ග‍්‍රෑ.

 

යුරියා

T.S.P

M.O.P

මුලිකව (සිටුවීමේදී)

165

270

125

සිටුවා සති 3-4න් (පස් මුදුන් කිරීමේදී)

165

-

125

 

T.S.P - ටි‍්‍රපල් සුපර් පොස්ෆේට්

M.O.P - මියුරියේට් ඔෆ් පොටෑෂ්

බීජ අර්තාපල් කි.ග‍්‍රෑ 50 ක (හොන්ඩරයක්) වපසරිය සඳහා සාමන්‍ය පොහොර නිර්දේශය කි.ග‍්‍රැ. වලින්

 

නුවරඑළිය හා බදුල්ල දිස්ත‍්‍රික්ක සඳහා

බදුල්ල දිස්ත‍්‍රික්කයේ කුඹුරු ඉඩම් සඳහා

 

යුරියා

ටි.එස්.පී

එම්. ඕ.පී

යුරියා

ටි.එස්.පී

එම්. ඕ.පී

මුලික පොහොර (යෙදීම සිටුවීමේ දී)

04

07

03

04

07

2.5

මතුපිට පොහොර යෙදීම පස් දමන විට

04

-

03

04

-

2.5

කාබනික පොහොර කාණුවලට දමා තුනී පස් තට්ටුවකින් වැසිය යුතුය. ඉන් පසු රසායනික පොහොර මිශ‍්‍රණය ද කාණු තුළට යොදා තුනී පස් තට්ටුවකින් වැසිය යුතුය.

පස් මුදුන්කිරීම සිටුවා සති 3-4 න් කල යුතුය. මෙම කාලය තුළ ආකන්ද සෑදෙන මොටියන් වැඩෙන බැවින්, දෙපැත්තේ ඇති වැටිවල පස් ගෙන වැඩෙන ගස් මුලට වැටියක් සැදෙන ලෙස එකතු කළයුතුුය. මේ නිසා ගස් ඇදවැටිම වැළකෙන අතර වල් මර්දනය ද සිදුවේ. ජලවහනය දියුණු වේ. මේ අවස්ථාවේ දී ම මතුපිට පොහොර යෙදීම ද කළ හැකිය.

 

ෙරා්පන ද්‍රව්‍ය

ලෙඩ රෝගවලින් තොර, මි.මි. 28-55 අතර (DIAMETER) බීජ ආකන්ද තෝරාගත යුතුය. තමන් මිලදී ගන්නේ නම් පිළිගත් විශ්වාසනීය ස්ථානයකින් ගතයුතුය. එමෙන්ම තෝරාගන්නා වර්ගය, එම වර්ගයේ ම බව පරික්‍ෂාකර තහවුරුකර ගතයුතුය.

මෙම බීජ ආකන්ද වල මොටියන්ගේ දිග සෙ.මි. 1-3 පමණ විය යුතු අතර ආකන්දයක මොටියන් 3-5 පමණ තිබීම වඩාත් සුදුසුය. එම මොටියන්ගේ කුඩාවට මුල් ඇදී ඇති ස්වභාවයක් තිබීම ද ඉතා වැදගත්ය.

එම තෝරාගන්නා බීජවල අග‍්‍රස්ථ අංකුරය පමණක් ඇත්නම්, එම අංකුර ඉවත්කර සති 2ක් පමණ තබා පාර්ශ්වික අංකුර වැඩුන පසු සිටුවිමට යොදාගතයුතුය. (අංකුර ඉවත්කිරීම එක වතාවක් පමණක් කළ යුතුය.)

 

ක්ෙෂ්ත්‍ර සම්පාදනය

තෝරා ගත් බීජ අල 2 ක් අතර සෙ.මි. 25 ක් වන පරිදි මොටියන් උඩ අතට සිටිනසේ කාණුවල තැබියයුතුය. ඉන්පසු වැටි වල ඇති පස් ගෙන එමඅල සහ මොටියන් වැසීම කළයුතුය.

වගා පරතරය හා බීජ අවශ්‍යතාවය :- පේලි අතර පරතරය සෙ.මි. 60 ක් හා පැළ අතර පරතරය සෙ.මි. 25 ක් වියයුතුය. මේ අනුව සම්මත ප‍්‍රමාණයේ බීජ අර්තාපල් ටොන් 2-2.5 ක්, හෙක්ටයාරයකට (අක්කරයකට කිලෝ ග‍්‍රෑම් 2500) අවශ්‍ය වේ.

කේෂ්ත‍්‍රය තෝරාගැනීම

විශේෂයෙන් අර්තාපල් හෝ එම කුලයට අයත් බෝග උදාහරණ ලෙස බටු , තක්කාලි, මිරිස් හා දුම්කොළ වගා නොකළ ඉඩමක් වියයුතුය. (අවුරුදු 2 ක් වත් අර්තාපල් හෝ එම පවුලට අයිති බෝග වගා නොකළ ඉඩමක් වඩාත් සුදුසු වේ. * බැක්ටිරියා හිටුමැරීමේ රෝග කාරක හා රන්වන් කොෂ්ඨ වටපණුවන් ගෙන් තොර ඉඩමක් වියයුතුය. ඉඩම සකස්කිරීම හා පොහොර යෙදීම සාමාන්‍ය අර්තාපල් වගාකරන පිළිවලට කළයුතුය.

වගා පරතරය

බීජ සඳහා වැඩි අල ප‍්‍රමාණයක් ලබාගැනීමට පරතරය අඩුකිරීම වඩා යෝග්‍යයි. කාණු අතර පරතරය සෙ.මි. 45 ක් ද පේලි තුළ අල අතර පරතරය සෙ.මි. 20 ක් වන ලෙස ද පවත්වාගැනීම වඩාත් සුදුසු වේ.

රෝග හා කෘමි පාලනය

විශේෂයෙන් අර්තාපල් බීජ සඳහා වගාකරන විට රෝග හා කෘමි පාලනය ඉතා වැදගත්ය. බැක්ටිරියා හිටුමැරීමේ රෝගය 1% කට වඩා අඩු වගාවක් බීජ සඳහා සුදුසුය. එම වගාවේ හිටුමැරීමේ රෝගය ඇත්නම්, එම පැළ ගලවා ඉවත්කර විනාශකළයුතු අතර, එම පැළ අවට ඇති පස් පවා ඉවත්කලයුතුය. විශේෂයෙන් කෘමි පාලනය කළයුතුය. කුඩිත්තන් මඟින් වෛරස් රෝග බෝවීම සිදුවන නිසා වගාව පුරාම කෘමි මර්දනය කිරීම ඉතා වැදගත්ය. ක්‍ෂේත‍්‍රයේදීම පැල ඉපියන්ගෙන් වන හානි මර්දනය හිතකරය.

අස්වනු නෙලන අවස්ථාව

හොඳින් ගස් මෝරන අවස්ථාවේදි හා අල වල පිට පොත්ත නොගැලවෙන අවස්ථාව, එනම් අල හොඳින් මෝරා ඇති අවස්ථාව, බීජ සඳහා අස්වනු නෙලීමට වඩාත් සුදුසුය.

බීජ සඳහා අර්තාපල් ගබඩාකිරීම

බීජ සඳහා තෝරා ගත් අල පවනේ වේලාගතයුතුය. අල තැම්පත්කිරීම සඳහා ලී බන්දේසි වඩාත් සුදුසු ක‍්‍රමය වෙයි. ලී බන්දේසි වල අල තැම්පත්කරන විට බීජ තට්ටු 3-4 ක් වන සේ තැබීම වඩාත් සුදුසුය. නමුත් පෙට්ටි හෝ දැල් මලූ භාවිතකිරීම ගොවින් අතර දක්නට ලැබේ. හොඳ මොටියන් ඇති බීජ ලබාගැනීමට නම් ලී බන්දේසි වල බීජ ගබඩා කළයුතුය.

ගබඩා තුළට හොඳින් අලෝකය ලැබීය යුතුය. 60% පමණ විසිරීත අලෝකය ලැබීම වඩාත් සුදුසුය. අර්ද්‍රතාවය 90%-95% අතර ද, උෂ්ණත්වය 24දජඅඩුවෙන් තැබීම වඩාත් සුදුසුය. උෂ්ණත්වය 8දජ පමණ අඩුකිරීමෙන්, මාස 8-10 අතර කාලයක් කල්තබාගත හැකිය.

ගබඩා තුළ කෘමි හානි මර්දනය

ගබඩා තුළදී අල ඉපියන් හා කුඩිත්තන් ගෙන් වන හානී බහුල නිසා මර්දනය වැදගත් වේ. මේ නිසා නිර්දේශිත කෘමිනාශක භාවිතකළයුතුය. තව ද ගබඩා තුළ වා සිදුරු හා දොර ජනෙල් කෘමිරෝධක දැල් ගසා අවරණයකර තැබියහැක.

 

ෙරා්ග පලිෙබා්ධ පාලනය

පත‍්‍ර කනින්නා (Liriomyza huidobrensis)

වර්ෂ 1997 දී පමණ ආනයනික විසිතුරු බෝග මඟින් ආක‍්‍රමනය වූ කෘමියෙකි.

ජීවන චක‍්‍රය

  • සුහුඹුලා

    හිස හා උරස පෙදෙස දිළිසෙන කහ පැහැයෙන් යුත් කුඩා කළු පැහැති මැස්සෙකි
  • ඩිම්බ නිධායකය ආධාරයෙන් බිත්තර දැමීමට හා ශාක යුෂ උරාබීමට පත‍්‍ර සිදුරුකරයි
  • මේනිසා පත‍්‍ර වලින් ජලය අධික ලෙස වාෂ්ප වීම හා ද්වීතියික ආසාධනයට ඉක්මනින් පාත‍්‍රවීම සිදු වේ.විශේෂයෙන් පශ්චිම අංගමාරයට පහසුවෙන් ගොදුරු වේ
  • කීටයා

    පත‍්‍ර තුළ උමං සාදමින් පත‍්‍ර අභ්‍යන්තරය ආහාරයට ගනියි
  • එබැවින් පත‍්‍රයේ කොළ පැහැති කොටස් ඉවත් වී සුදු පැහැති උමං දක්නට ලැබේ
  • මේ නිසා ප‍්‍රභාසංස්ලේෂණය සීමාවීම, උත්ස්වේදනය අධිකවීම හා ද්වීතියික ආසාධනයට ගොදුරුවීම සිදුවේ
  • අධි හානිදායක මට්ටමකදී සම්පූර්ණ බෝගයම විනාශ වී යා හැකිය
හානිකරන බෝග
වල් පැළෑටී

කඩුපහර, ගොටුකොළ, පැනිකම් විශේෂ, වල්අබ, ගිරාපලා, ඇඹුල් ඇඹිලිය, කලූකම්බේර

පාලනය කරගන්නා ආකාරය

වගාව පරික්‍ෂාකිරීම - වගාව ස්ථාපනයට ප‍්‍රථම
වගාකිරීමට බලාපොරොත්තු වන ක්‍ෂේත‍්‍රය වටා ආසාධිත පරණ වගාවන් පැවතිය හැක. එවැනි වගාවක සිට සුහුඹුල් මැස්සන් අලූත් වගාවකට පැමිණිය හැක. මේ නිසා වගාකිරීමට බලාපොරොත්තු වන කේෂ්ත‍්‍රය වටා අඩි 5ක් උසට දැල් ගසා ආවරණය කිරීම සුදුසුය.

මීට අමතරව තවාන් පැළ ලබාගැනීමේදී හානිය දක්නට නොලැබෙන පැළ ලබාගැනීම හා ආසාධනයට ලක් නොවු තවාන් තෝරාගැනීම කළ යුතුය.

වගාව පරීක්‍ෂාකිරීම - වගාව ආරම්භයෙන් පසුව

මේ සඳහා ඉතාමත් තුනීවට ග‍්‍රීස් තවරන ලද වර්ග අඩි එකේ කහ පොලිතීන් පුවරු ක්‍ෂේත‍්‍රයේ තැනින් තැන රැඳවිය යුතුය. එවිට සුහුඹුල් මැස්සන් කහ පාටට ආකර්ෂණය වී ඔවුන් පුවරුවේ ඇලී සිටිනු දැකිය හැක. මීට අමතරව අර්තාපල් හා බීට් වගාවක නම් පත‍්‍ර මත සුදු පැහැති ලප පැහැදිලිව දැකිය හැක. මෙම ලප සුහුඹුල් සතා බිත්තර දැමීමට හා ශාක යුෂ උරාබීමට උගේ ඩිම්බ නිධායකයෙන් සාදන ලද සිදුරු වේ. හානියේ මුල් අවස්ථාවේදීම කොහොඹ සාරය යෙදීම ආරම්භ කළ යුතුය. මෙහිදී වෙළඳපොළේ ඇති කොහොඹ ඇට කුඩු හෝ නිවසේදී කොහොඹ ඇට තලා සාදා ගන්නා ලද කුඩු භාවිත කළ හැක.


කොහොඹ ඇට නිස්සාරණය සකස් කරගැනීම

කොහොඹ තෙල් නිස්සාරණය නොවන පරිදි කොහොඹ ඇට කුඩු කළ යුතුය. එයින් අවශ්‍ය ප‍්‍රමාණය (සාන්ද්‍රණය : කොහොඹ කුඩු 2ට ක් ජලය 1 ක ක්) ජලය සමඟ කලවම්කර අවම වශයෙන් පැය 4 ක් තැබිය යුතුය. මෙහිදී මෙය කේෂ්ත‍්‍රයට යෙදීමට අදහස් කරන දිනට කලින් දිනයේදී සකස්කර ගතයුතුය. එම මිශ‍්‍රණය රෙදි කැබැල්ලකින් පෙරාගත් ද්‍රාවණයට ජලය මිශ‍්‍රකර වගාවට යෙදීය හැක.


මෙසේ සාදා ගත් ද්‍රාවණයට ටීපෝල් ස්වල්පයක් යොදා සවස් කාලයේ ක්‍ෂේත‍්‍රයට යෙදීම සිදුකරන්න. මේ ආකාරයට කොහොඹ සාරය දින තුන හතරකට වරක් බැඟින් අඛණ්ඩව යෙදීම සිදු කළ යුතුය. මේ මඟින් සුහුඹුල් මැස්සන් ගේ හානිය වළක්වා ගතහැක. කොහොඹ නිස්සාරණය සුහුඹූල් මැස්සන්ට විකර්ෂණයක් ලෙස ක‍්‍රියාකරයි. කොහොඹ ඇට දියර භාවිතයේ වැදගත්කම වන්නේ මෙය වියදම් අඩු ලාභදායි ක‍්‍රමයක් වීමයි.

මීට අමතරව නිර්දේශිත අනෙකුත් කෘමිනාශක වනුයේ,

  1. සයිරෝමසින් (ට‍්‍රයිගාඞ්) 5 g/l
  2. ඇබමැක්ටික් (වර්ටිටෙක්) 1 ml/l
  3. ඇසඩි රැුක්ටීන් (නීමසාල්) 2 ml/l

සයිරෝමසින් සහ ඇබමැක්ටික් යන කෘමිනාශක වගාවක් සඳහා දෙවරක් පමණක් යෙදීම නිර්දේශ කරයී.

පත‍්‍ර කනින්නා පාලනයට නිර්දේශිත කෘමි නාශක පමණක් භාවිත කළ යුතුය. මීට හේතුව වන්නේ මෙම කෘමියාගේ ජෛව පාලනය හොඳින් සිදුවීම සඳහා ස්වභාවික සතුරන් විශේෂයක් පිටරටින් ආනයනයකර දැනට කේෂ්ත‍්‍රයේ මුදාහැර තිබීමයි. නිර්දේශ නොකරන ලද කෘමි නාශක භාවිත කළ විට මෙම ජෛව පාලකයා විනාශ වේ.

ස්වභාවික සතුරන් මඟින් පාලනය