Athdemata ඇත්දෙමට

 

අප රටට ආවේනික වුවක් ලෙස සැලකෙන ඇත්දෙමට ශාකය මීටර් 20-25 පමණ උසට වැඩීම සිදුවේ. එම වැඩීම සෙමින් සිදු වන අතර ශාකයේ කඳ විශාල වේ. මෙම ශාකයේ මේරු කොළ තද කොළපාටින් යුක්ත වන අතර සියම් බූවකින් වෙලි ඇත. අවුරුද්දකට වරක් මල් පිපේ. එනමුතු පුෂ්ප දවිලිංගික වන අතර දුර්වර්ණ රෝස පාට වේ. මල්පෙති පහකින් සමන්විත වන අතර මල්පිපෙන විට කහපාටට හුරුවේ. රේණු 4 ක් පමණ ඇති මල් ඉතා සුවඳවත් වී දසත පැතිරේ. මෙම ශාකයේ ගෙඩි ගෝලාකාර වන අතර කොළපාටින් යුක්ත වේ. ගෙඩි ඉදෙන විට කහපාට වේ. ගෙඩි මාශ වලින් පිරි ඇත.ඇත්දෙමට ශාකයේ පොත්ත අළුපාටින් යුක්ත වන අතර ඝනව කද වටා වෙලි ඇත. ශාකයේ ඇතුළු කද සුදු පාටින් යුක්ත වේ .ඇත්දෙමට ශාකයේ කුලය වන්නේ නිර්ගුණ්ඩිය මෙම ශාකයේ සිංහල නාමය ඇත්දෙමට වන අතර සංස්කෘතික නාමය ගම්බාරිවේ. දෙමළ නම ගුමඩි වූ අතර හින්දියෙන් කටිබිහාර් ලෙසින් හඳුන්වනු ලබයි. ඇත්දෙමට ඖෂධ ශාකය බීජ මඟින් හට ගැනීම සිදුවේ. මෙම ඖෂධ ශාකය වගා කිරීම විශේෂයෙන් සිදු නොවේ. එනමුදු ආයුර්වේදය මඟින් නිෂ්පාදනය කරනු ලබන දශමූලාරිෂ්ඨය සඳහා ඇත් දෙමට ශාකයේ මුල් තම්බා ගැනීම සිදු කරයි. කසාය සඳහා ඉතා අත්‍යවශ්‍ය ඖෂධයෙකි.ඇත්දෙමට ගෙඩි කසාය රක්තාතීසාරය ඉතා ගුණදා යකවේ.

 

තවද ඇත්දෙමට මුල්කසාය මඟින් ආහාර අරුචිය නැති කරයි.මල බද්ධ,අර්ශෂ් රෝගය සුවකිරීමට හා තද පිපාසය සංසිදවීමට ඉතා ගුණදායක වේ. තවද ගෙඩි වල යුෂ මෙන්ම ලපටි පත‍්‍රවල යුෂ පානය කිරීමෙන් මුත‍්‍රා අඩස්සි මෙන්ම සැරව සමඟ මුත‍්‍රා පිටවීම සුව කරනු ලබයි. ඇත්දෙමට ශාකයේ මුල් මල් පොතු ගෙඩි හා ඇටවල මද හා කොළ ඖෂධයන් සඳහා ගනු ලබයි. මෙහිදී ආම වාතරෝග උණරෝග ඉතා හිතකර වේ. විශේෂයෙන් ගෙඩි වෙදකමේදී ඇත්දෙමට ශාකයේ පොතු යොදා ගනු ලබයි.මෙම ශාකයෙන් දැනට නිෂ්පාදනය කරනු ලබන ඖෂධ අතර දසමූලාරිෂ්ඨය දශමූල ක්වාතය මහා පස් මුල් ක්වාතයයි. මෙහි කිසිදු වල් නාශක හෝ රසායනික දියර යොදා නොගැනේ. එබැවින් මෙහි ඇති ඖෂධීය ගුණ මහිමය තුළින් අප ශරීරයේ ලෙඩරෝග නිට්ටාවට සුව කිරීම සඳහා මහත් මෙහෙයක් ඉටු කරනු ලබයි.