Aththora ඇත්තෝර

 

අප ශරීරය වසාගෙන සිටින ආරක්ෂකයා වූ විශාලතම ඉන්ද්‍රිය සමයි. ශරීරයේ බාහිර සීමාව ලෙසින් සලකන සම ශරීරයේ දළ වශයෙන් වර්ග අඩි 20 ක් පමණ මින් වැසී පවතී. මේ තුළින් ශරීරයේ තාපය සමව තබා ගනිමින් ශරීරයේ බාහිරව ඇතුළු වන විෂ බීජ ඇතුළු වීම වලකනු ලබන ආරක්‍ෂකයායි. එහෙත් සමට ඇතිවන පීඩාකාරී දද කුෂ්ඨ හොරි වැනි ලෙඩරෝග නසන ප‍්‍රධාන ඖෂධ වේදියා ලෙස ඇත්තෝර හැඳින්විය හැක.

 

සමට ඇතිවන කුෂ්ඨ දද ශරීරය පුරා වර්ධනය වේ. එවන් අවස්ථාවලදී බටහිර වෛද්‍ය ක‍්‍රම භාවිතා කළත් විවිධ වූ ඖෂධීය තෙල් වර්ග භාවිතා කරනු ලබයි . එම තෙල් නිෂ්පාදනය සඳහා වැඩි වශයෙන් යොදා ගෙන ඇත්තේ ඇත්තෝර ශාකයයි. විශේෂයෙන් වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවන් හට පණු රෝගය ඇති වූ අවස්ථා වලදී ඇත්තෝර මැල්ලුම් සාදාදෙනු ලබයි.තෝර ශාකයේ වර්ග කිහිපයක් ඇතිමුත් ලක්ෂණ හා හැඩ ගුණය අනුව ප‍්‍රභේද දක්නට ඇත. මෙහිදී පෙතිතෝර එක් වර්ගයක් වන අතර නිතර රසවත් ව්‍යාංජනයක් ලෙස ගනු ලබයි. ඇත්තෝර ශාකය අමෙරිකාව ජන්මභූමිය වී ඇති අතර ඉන්දියාව බෙංගාලය , ශී‍්‍ර ලංකාව බහුල ලෙස ව්‍යාප්තව ඇත. අප රටේ ජලාශි‍්‍රත ප‍්‍රදේශවල ඇළ වේලි හා ගංගා දොළ ප‍්‍රදේශ වල බහුල ලෙස දක්නට ඇත.ඇත්තෝර ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය වූයේ  ඛ්චඵඵඪච ඒතචබච  වේ. කුලය වූයේ ශිම්බි කුලයයි . මේ ශාකය විශාල පඳුරක් ලෙසින් මීටර් 05 පමණ උසට වැඩේ. මෙම ශාකය සවිශක්තිය අඩු වන අතර ඝන බූවකින් වෙලි ඇත. පත‍්‍ර සෙන්ටිමීටර් 30 - 60 දික්වූ ආයාත හැඩයෙන් යුත් පත‍්‍රයෙකි. තවද මෙම ශාකයේ මල් කහපැහැතිය. මෙහි බීජ ලා දුඹුරු පැහැයෙන් මෙන්ම තද දුඹුරු පැහැයෙන් ද යුක්ත වේ .

 

ඖෂධයක් ලෙස ඇත්තෝර කොළ ඇට සහ මුල් ගනු ලැබේ. මේ ඖෂධ ශාකයේ කොළ, වා පිත් රෝග සඳහා ඉතා ගුණදායක වේ. තවද අක්මාව ශක්තිමත් කරන ගුණයද ගුල්ම අර්ශෂ් රෝග සඳහා ඉතා හිතකර වේ. ඇත්තෝර ශාකය අනෙකුත් ඖෂධීය ශාක සමග විවිධ ලෙඩ සඳහා යොදා ගනු ලබයි.අද වෙළඳ ලෝකය තුළ සම ආරක්ෂා කර ගැනීම සඳහා විශාල වශයෙන් රුව වඩන සබන් වර්ග මෙන්ම තෙල් වර්ග නිෂ්පාදන කර ඇත.තවද විවිධ වූ ඇඟ ගල්වන තෙල් වර්ග නිෂ්පාදන කර ඇත. ඒ සඳහා අඩංගුව ඇත්තේ ඇත්තෝර මිශ‍්‍රණයයි.මේ අයුරින් බලන කල අප රටට ආගන්තුක ශාකයක් වුවත් කිසිදු පොහොර භාවිතා හෝ කෘමි නාශකවලින් තොර අද අප රටේ දේශීය වෛද්‍ය විද්‍යාව තුළ මහත් පෙරළියක් කිරීමට ඇත්තෝර ශාකය සමත්ව ඇත.