Advertisement
Hot Kello

Awushada Palaati ඖෂධ පැළෑටි

 

යමක් තිබෙන තුරු අපට එහි අගය දැනෙන්නේ නැත. එය මිනිස් ස්වභාවයයි. එනිසාම මේ වන විටත් බොහෝ දේ මිනිසාට අහිමි වී ගොසිනි. එහෙත් තවමත් අප පමා නැත.කොපමණ බටහිර වෙද හෙදකම් ගැනීමට පෙළඹුණත් උණක්, සෙම්ප‍්‍රතිශ්‍යාවක් වැළඳුණ විට අපට ඉඟුරු, කොත්තමල්ලි අමතක කළ නොහැකිය.තවමත් වැල් පෙනෙල, ඉරමුසු කැඳ කෝප්පයක රස බැලීමට වැඩි දෙනෙකු කැමැතිය.බඩේ අමාරුවකදී ඉඟුරු කෑල්ලක් සොයා කඩයට දුවන්නන්, කැඳට කොතැනක හෝ ඇති පෙනෙල වැල් උදුරා ගෙන එන්නන් කොපමණද? සමහරුන් මැල්ලුමට, කැඳට, කසායට තුරු ලතා ලබා ගන්නේ පොළෙනි.පොළෙහි ද මෙම ඖෂධීය ශාක ලබා ගැනීමට ඇත්තේ වැල් පිටින්. නැතිනම් ගස් පිටින්.ඔබ පොල්පලා, බැබිල, පෙනෙල වැනි තුරු ලතා ඇත්නම් උදුරා ගන්නේ පාර අයිනක් වැනි කිසිදු සැළකිල්ලක් නැති තැනකිනි.දැනට ගණනය කර ඇති අන්දමට පෙටෙ‍්‍රීලියම් වලින් අපට ප‍්‍රයෝජන ගත හැක්කේ වසර හතළිහක් යන තුරු පමණි. එසේ නම් ළිඳ ළඟ, වැට ළඟ අපට දක්නට ලැබෙන පෙනෙල, කරපිංචා වැනි ඖෂධීය ශාඛයක ආයු කාලය ගැන කවර කතාද?

 

අවශ්‍යතාවයකදී අප ඒවා වැල පිටින්ම හෝ ගස පිටින්ම උදුරා ගෙන අවශ්‍ය කොටස් පමණක් ප‍්‍රයෝජනයට ගනී. ඇතැම් විට අවශ්‍ය වන්නේ සුළු කොටසක් පමණි.ඉන් පසු ඒවාට අත් වන ඉරණම ගැන කවර කතාද? විශාල මිල ගණන් ගෙවා කිසිදු ප‍්‍රයෝජනයක් නොමැති ශාක මගින් ගෙවත්ත පුරවා ගන්නා අප වැඩි දෙනෙක් කරපිංචා පැළයක්, ඉඟුරු පඳුරක් පෝච්චියක හෝ ගෙවත්තේ වවා ගැනීමට පෙළඹෙන්නේ නැහැ.සමහරු විනෝද ගමන් ගිය විට ශාක උදුරා ගෙන එන්නේ කිසිදු විපරමකින් තොරවය. ඒවා ඉතාමත්ම වටිනා ඖෂධීය ශාක වීමටද පුළුවන. ඇතැම් වටිනා ඖෂධීය ශාක ඒ පළාතට පමණක් ආවේණිකය. ඒවා වෙනත් පරිසරයකදී විනාශයට පත් වේ.ඖෂධීය ගුණයෙන් පොහොසත් පැළෑටි මෙබඳු විනාශයකට පත් වීමට ශාක පිළිබඳ අවබෝධයක් නොමැති කමද හේතු වී තිබේ. අද පරපුර ඇඹුල් ඇඹිලියා, ඉරමුසු, බැබිල වැනි බොහොමයක් ශාක හඳුනන්නේ නැත. එනිසාම ඒවා වල් පැළෑටි යයි කියා විනාශ කිරීමට පෙළඹෙයි. දරුවන්ට සෑම පැළෑටියක්ම හඳුන්වා දෙන්න.ගසක් වැලක් උදුරා දැමීමට පෙර එහි ඖෂධීය ගුණය ගැන සිතන්න. එය අද පරපුරට පමණක් නොව මතු පරපුරටද අප විසින් කරනු ලබන සද් කාර්යයකි.