Awushadaya Kaha ඖෂධය කහ

 

අප සිටින ලෝකය තුළ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය ආහාර ව්‍යංජන රසවත් කිරීම හා විෂ නැසීමට යොදා ගන්නා විශේෂ ඖෂධ ශාකයක් ඇත්නම් කහයි. මෙම ශාකය දේශීය වෛද්‍ය විද්‍යාව හා පාරම්පරික වෛද්‍ය විද්‍යාව තුළ සුවිශේෂ තැනක් හිමිවේ. ඈත අතීතයේ සිට ආසියාතික රටවල ආහාර රසවත් කිරීම හා වර්ණවත් කිරීමට විෂ නැසීමට මෙම ඖෂධ ශාකයේ අල යොදා ගෙන ඇත.කහ ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය වූයේ ඛ්භපජභථච තධදඨච යනුවෙනි. එමෙන්ම මෙම ශාකයේ කුලය වූයේ (හරිද්‍රා)ZINGIBERACEAE කුලය වේ. කහ ශාකය හඳුන්වනු ලබන්නේ අත්කහ බිංකහ යනුවෙන් සිංහල භාෂාවෙන් හැඳින් වූ අතර දෙමළ භාෂාවෙන් මාංජල් නමින් හඳුන් වනු ලබයි.

 

පහතරට තෙත් කලාපයේ සහ මධ්‍යම ප‍්‍රදේශයේ වගා කෙරෙන වාර්ෂික ශාකයෙකි. තවද සෑම ගෙවත්තකම පාහේ දැකිය හැකිවේ. කාලයක් තිස්සේ හොඳින් වැඩුණු ශාකවල මල්හට ගැනීම සිදුවේ. එම මල් සුදු මිශ‍්‍ර කහ පැහැයෙන් යුක්ත වේ. වර්ෂයකට වරක් ඵල නෙලා ගන්නා මෙම ශාකයේ මේරූ අලවල අංකුර සහිත අල නැවත වගා කිරීම සඳහා බීජ ලෙස යොදා ගත හැක. සමාන්‍යයෙන් මාර්තු අපෙ‍්‍ර්ල් වර්ෂාවත් සමඟ කහ සිටවීම ආරම්භ කරයි. පස බුරුල් ලොම් වැලි මිශ‍්‍ර පස ඉතා යෝග්‍ය වේ.මාසයක් පමණ ගතවන තුරු ඇල්බීසියා ග්ලිරිසිඩියා වැනි රනිල ශාකවල කොළ අතු මසක් පමණ යෙදීමෙන් කහ ශාකයේ වර්ධනයට මහත් රැකුලක් වේ.කහ ශාකය සිටවා මාස 8 – 9 යක් කාලයේදී හොඳින් අල මෝරා වැඩෙනු ලබයි. මෙසේ මේරුණු ගස්වල කොළ මැරීමට (වියලීමට) පටන් ගනු ලබයි. එම අවස්ථාව අස්වනු නෙලීමට හොඳ අවස්ථාව වේ. මෙසේ ගලවා ගත් අල විවිධ අයුරින් කල්තබා ගැනීමට කටයුතු යොදා ගනු ලබයි. අද වෙළදපලේ ආදායම් ලබන භෝගයක් ලෙසට පත් වී ඇත.කහ ඖෂධ ශාකයේ දේශීය වෛද්‍ය විද්‍යාවට සහ පාරම් පරික වෙදකම මහත් මෙහෙවරක් ඉටුකරනු ලබයි.

 

එනම් ලේ පිරිසිදු කිරීම කුෂ්ඨ රෝග සුව කිරීම, රක්ත රෝග සුවකිරීමට හා පීනස නැසීමට පණු රෝගය සුව කිරීමට විශේෂයෙන් යොදා ගැනේ. තවද අත් බෙහෙත් ලෙස අලුත් තුවාල සඳහා කහ යුෂගෑම ගෝනුස්සන් දෂ්ඨ කළ විට කහ කුඩු දුම් ඇල්ලීම ඇස් රුදාවට කහ මල් තැම්බූ වතුරෙන් සේදීම සිදු කරයි. දද සඳහා කහ මල් අඹරා ගානු ලබයි.අමතරව අප ගන්නා ආහාර වල ව්‍යංජන රසවත් කිරීම මෙන්ම එහි විෂ නැසීම මගින් සිදුවෙයි. සියලු මැල්ලුම් වලට මෙම ඖෂධය යොදාගැනීම තුළින් විෂ නැසීම බලාපොරොත්තු වේ. මේ අයුරින් අපගේ සෑම නිවසකම ඉතා පහසුවෙන් වැවිය හැකි ඖෂධ ශාකයක් වන බැවින් අපට අවශ්‍ය ප‍්‍රමාණය තම නිවසේ වගා කර ඖෂධ ශාකය අප රැක ගනිමු.