Awushadaya Karapincha ඖෂධය කරපිංචා

 

ව්‍යංජන රසවත් වීම හා ඖෂදීය ගුණ මහිමයෙන් පිරි ශාඛයක් ඇත්නම් කරපිංචා ඖෂධීය ශාකයයි. ඉන්දියාව, නේපාලය, ශී‍්‍ර ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල බහුල වශයෙන් දැකීමට හැකි ශාකයෙකි. කරපිංචා විශේෂයෙන් වියළි කලාපවල බහුල වශයෙන් දැකීමට හැකිවේ. විශේෂිත සුවඳකින් හෙබි කරපිංචා මුළුතැන් ගෙයි විශේෂ තැනක් හිමිව ඇත. කරපිංචා වර්ග දෙකක් ඇත. එනම් වල් කරපිංචා හා ඖෂධ ගුණයෙන් හෙබි කරපිංචා යනුවෙනි. කරපිංචා දලු හා නටු රත්පැහෙන් යුක්ත වේ. වල් කරපිංචා සුදු හෝ රත්පැහැ ගනු නොලැබේ.ජම්බීර් කුලයට අයත් ( RUTACEAE )  කරපිංචා ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය  Murraya Koenigiispreng වේ. මීටර් පහක් පමණ උසට ගසක් ලෙසින් හෝ පඳුරක් ලෙසින් වැඩෙති. වසර පුරාම එකම ලෙස වැඩෙනු ඇත. සියුම් වූ රෝමයෙන් ගහන වූ පත‍්‍ර කඳ කොළපාටින් යුක්තවේ. තවද ශාකයේ අතු අග කොළ කිනිති වශයෙන් දැකීමට හැකිවේ.බීජ කොළ පාටින් යුක්ත වන අතර කුඩා මල් අතු අග සුදු පාටින් සුවඳවත් වේ. මෙම ශාඛයේ ගෙඩි ගෝලාකාර කමින් යුක්තයි. කොළපාටින් යුක්ත බීජ දැකිය හැකි වේ. මෙම ශාඛයේ කොළ පොතු මුල් යනාදී සියලුම දෑ ඖෂධයක් ලෙස භාවිතයට ගනු ලැබේ.

 

කරපිංචා වල පුදුමාකාර විෂ නසන ගතියක් ඇත. සෙංගමාලය වැනි රෝගවලදී කරපිංචා කැඳ දෙනු ලබයි. කරපිංචා භාවිතය පිළිබඳව සමහර අවස්ථාවල අප සිතන්නේ ව්‍යාංජන රසවත් කිරීමට පමණක් ගන්නා බවයි. එහෙත් මෙහි ඇති ඖෂධීය ගුණ මහිමය කෙතරම්ද කිසිඳු පෙහොර මිශ‍්‍රණයකින් හෝ කෘමිනාෂක යෙදීමෙන් තොරව ස්වාභාවිකව වැඩෙන කරපිංචා ශාකයේ කොටස් භාවිතයට දේශිය වෛද්‍ය ක‍්‍රමය තුළ විශේෂත්වයක් ඇත.ආහාර අජීර්ණ අවස්ථාවල කෑම අප‍්‍රිය දනවන අවස්ථාවල බඩගින්න නැතිකම තුරන් කිරීම බඩේ කැක්කුම බඩ පුරවා දැමූ අවස්ථා වල අවශ්‍ය පරිදි සකස් කර ගැනීම සුදුසු වේ. තවද වමනය නසයි. කරපිංචා අනෙකුත් ඖෂධයන් සමඟ මිශ‍්‍ර කර විවිධ ලෙඩරෝග සඳහා යොදා ගනු ලැබේ. මෙම කරපිංචා කොළය කබළේ රත්කර කුඩු කර කෝපි මෙන් බීමෙන් බඩේ ඇතිවන රෝග සඳහා ඉතා හිතකර වේ. තවද කරපිංචා කොළ ලුණු මිරිස් සඳහා ඖෂධයක් වශයෙන් භාවිතයට ගනු ලැබේ. අකලට හිස කෙස් පැසීම කරපිංචා පෝෂ්‍ය ගුණය නිසා නතර වේ. තවද දිනකට කරපිංචා කොළ 10 ක් පමණ දිනපතා ආහාරයට ගැනීමෙන් තරබාරු ගතිය දුරුවේ.පාරම්පරික වෙදකම හා දේශීය වෙදකම තුළ මෙම කරපිංචා වැනි ඖෂධයන් ආරක්ෂා කරමින් ඉන් කිසි ප‍්‍රතිඵල නෙලා ගනු ලැබේ. එහෙත් පරිසරයෙන් අරක්ෂා කරමින් අපගේ ජීවිත වලට අනුපමේය සේවයක් කරන මෙවන් ශාකයක් ආරක්ෂා කරමින් තමන්ගේ ගෙවත්තේ එක් ශාකයක් හෝ සිටවීම අප සැමගේ යුතු කමයි.