Rukshan Jayasekara



Awushadiya Guna Madan ඖෂධීය ගුණ දෙන මාදං

 

නිවර්තන කලාපයට අයත් ලංකාව,ඉංදියාව බෝර්නියෝ යන රටවල බහුලව දක්නට ලැබෙන මාදං ශාකය තෙත් ප්‍රදේශවල වියලි ප්‍රදේශවල බහුලව දක්නට ලැබේ.මෙහි විශේෂත්වය නම් සෑම මුඩුබිමක ශාකය පැලවිමයි.පදුරු ස්වරූපයට වැඩෙන මෙම ශාකය මාදං හීං මාදං වශයෙන් ඇති අතර මාදං වල මාංශය වැඩි ප්‍රමානයක් ඇත. මෙම පළතුර විශේෂයෙන් කුරුළ්ලන්ගෙ ප්‍රධාන ආහාරයක් බවට පත්ව ඇති අතර සියළු දෙනාගේ මනදොල සපිරෙන කෙතරම් කැවත් සිතට නොදැනෙන පලතුරකි.විශේෂයෙන් වගුරු බිම් වල වැඩි වශයෙන් මාදංගස මෙන්ම හීං මාදංවැඩි වශයෙන් දැක ගැනිමට හැකිවේ.ෂයිගියුම් කුමිනි (syzygium cumini)උද්ධිත නාමයෙන් හදුන්වන අතර myrtaceae ලවංග කුලයට අයත් වේ.මෙම ශාකය මිටර් 9-10 සාමාන්‍ය උසට ඔටුන්නක් හැඩයට වැඩෙන දර්ශනීය ගසකි.

මාදං ගසේ ව්‍යාප්තිය බීජ මගින් සිදුවෙයි. වසර 4-5 තුළදි මෙම ශාකයේ පලදාව හට ගැනිම සිදුවේ. ශාකයේ පත්‍ර අංඩාකාර යුගල වහයෙන් පිහිටන අතර පත්‍ර තරමක් ගොරෝසු බව්න් යුක්ත වේ.මෙම ශාකයේ ක‍ඳේ පොත්ත සුදු පාටට හුරු අතර ක‍ඳේ ඇතුළු පැත්ත ලා රතු පාට්න් යුක්ත වෙයි. ලීය ශක්තිමත් ‍ෙවයි.

මාදං ගසේ මල් පොකුරු වශයෙන් හට ගනි.මල් විකසිත වීමෙන් අනතුරුව මල් රේණු පමණක් ඉතිරිවනඅතර මලක මිලි ලිටර් 4ක් පමණ දිග මල් රේණු 80ක් පිහිටා ඇත.මෙහි ගෙඩි හට ගැනිමද පොකුරු වශ‍ෙයන සිදුවේ.මාදං ගෙඩිය කුඩා අවධියේ කොළ පාටින් යුක්ත වන අතර පැසෙන විට දං ගෙඩිය මොලොක්වි තද දම් පාට හෝ කළු පාටින් යුක්ත මිහිරි රසයක් ගෙන දෙයි.

මාදං ගෙඩිය අමුවෙන් කෑමට නොහැකි වනඅතර කල් තබා ගැනිමට හෝ වෙනයම් පානයක් හෝ ආහාරයක් සාදා ගැනිමට නොහැකි ‍ෙවයිමොදං ගදස් පොතු හා ඇට ආයුර්වේද ඖෂධයකි.සරස්වති නිඝණ්ඩුව නැමති ග්‍රන්තයේ සදහන් කර ඇති පරිදි මාදං මධුරයි. එමෙන්ම උෂ්නයි.

කහට ගතියෙන් හා පැණි රසයෙන් යුක්ත වන බැවින් කැස්සනැති කරන ඖෂධයක් වන අතර මාදං ඇටයෙන් මල බඳිනු ලබන අතර මධුමෙිහය නැති කරනවා මෙන්ම කැඩුම් බිදුම් වෙදකමේදි මාදං පොතු වලට විශේෂ තැනක් හිමි වේ.

එහෙත් මෙහි අනිකුත් වර්ගය හීං මාදං කිසිදු ආයුර්ටේද ඖෂධයක් වශයෙන් නොගනි. මාදං ගස පිළිබදව විවිධ මත ඇති අතර ඉඩමක මාදං ගසක් ඇත්නම් එම ස්ථානය ලිදක් කැපිමට සුදුසු බවද මාදං ලීයෙන් උළුවහු නිම කළේ නම් බොහෝ යස ඉසුරු ලැබෙන බවද ජනප්‍රවාදයේ එයි.