Rukshan Jayathilaka Advertisement

Bathala බතල

 


ව්‍යාප්තිය -

දකුණු ඇමෙරිකාව, ආසියානු හා අප්‍රිකානු මහද්වීපික රටවල දක්‌නට ලැබෙන අතර ශ්‍රී ලංකාවේ සෑම පළාතක ම වැවෙන ජනප්‍රිය බෝගයකි.

දේශීය වශයෙන් ගත් කල බතල ප්‍රභේද කිහිපයක්‌ ඇත. මේවා රතු බතල, කහ බතල, සුදු බතල, සහ ඇඟිලි බතල යනුවෙන් හැඳින්වෙයි. හිරමන බතල යනුවෙන් හැඳින්වෙන ප්‍රභේදයක්‌ ද වෙයි. දඬු කැබැලිවලින් බෝ කරගත හැකි ය. වසරේ ඕනෑ ම කාලයක වගා කළ හැකි ය. දෛනික ආහාරයක්‌ ලෙස ගෙවත්තේ සාර්ථක ආර්ථික බෝගයක්‌ ලෙස මධ්‍ය හා මහා පරිමාණයෙන් ද වගා කළ හැකි ය. බතල ආශ්‍රිතව විවිධ ආහාර නිෂ්පාදන කරන බැවින් වෙළෙඳ පොළේ හොඳ ඉල්ලුමක්‌ ඇත.


 

පෝෂ්‍ය ගුණය -

කාබෝහයිඩේ්‍රට්‌ බහුලව අඩංගු වන අතර සරල සීනි, තන්තු ද බහුලව අඩංගු ය. මේ හැරුණු කොට බීටා කැරොටින් හෙවත් විටමින් A විටමින් C සහ විටමින් බී6 අඩංගු ය. ප්‍රොaටීන, යකඩ සහ කැල්සියම් අඩංගු බැවින් පෝෂ්‍ය ගුණයෙන් ඉහළ ආහාරයක්‌ ලෙස පිළිගැනෙයි.