ස්වර්ණමාලි ගුරුමෑණියෝ - Swarnamali Gurumaniyo
Hot Kello

Bigoniya බිගෝනියා

 

දුටුවනගේ නෙත සිත වශීකරවන විසිතුරු ශාක අතර සුවිශේෂී තැනක් හිමි බිගෝනියා ශාකය ඔබේ ගෙමිදුල පමණක් නොව නිවෙසද සැබැවින්ම සුන්දර කරවයි. මෙම සුන්දර වගාව කෙරෙහි වැඩි දෙනකුගේ අවධානයක් යොමු වී ඇති අතර මෙම විශේෂාංගය ඔස්සේ අපි උත්සාහ දරනුයේද ඔබට බිගෝනියා වගාව පිළිබඳ ක‍්‍රමානුකූල දැනුවත් කිරීමක් ලබා දීමටයි. ඒ අනුව අද අප කතා කරනුයේ බිගෝනියා පැළ බෝ කර ගැනීම පිළිබඳවය.ඉතාමත් අලංකාර බිගෝනියා වගාවක් පවත්වාගෙන යාමට ඔබටත් හැකියාව ලැබේ නම් එය මානසික තෘප්තියට ඉවහල් වනවා පමණක්් නොව ව්‍යාපාරයක් ලෙසින් හොඳ ආදායම් මාර්ගයක්ද ලබාගත හැකි මගක් වෙයි. මේ සඳහා ඔබේ වගාව ව්‍යාප්ත කිරීමට පැළ බෝ කරගත යුතුය. එය ක‍්‍රම කිහිපයකින් සිදු කළ හැකිය. * පඳුරු වෙන් කිරීමෙන්* කඳ කැබැලි මාර්ගයෙන්* බීජ මාර්ගයෙන්* පත‍්‍ර මඟින්

 

* පඳුරු වෙන් කිරිම බිගෝනියා ශාකය වැඩුණු පසු මවු ශාකය වටා තවත් පැළ කිහිපයක් හට ගැනීම අනිවාර්යයෙන්ම සිදුවේ. මෙලෙස වැඩුණු පඳුරෙන් තනි තනි වශයෙන් පැළ වෙන් කොට වෙන වෙනම සිටුවීමෙන් වර්ගයා බෝ කර ගැනීමට හැකියාව ලැබේ.

 

* කඳ කැබැලි මඟින්හොඳින් වැඩුණු බිගෝනියා ශාක කඳ කැබැලිවලට කපා සිටුවීම තුළින් ද මෙම වර්ගයා බෝ කරගත හැකිය. එහිදී අංකුර පැන නඟින ස්ථානයට මඳක් පහළින් කඳ කැබැලි වෙන් කිරීම සුදුසු වේ.

 

* බීජ මාර්ගයෙන් බිගෝනියා බීජ රෝපණය සඳහා කොම්පෝස්ට් සහ වැලි කොටස් 1 : 1 ප‍්‍රමාණය ගෙන මිශ‍්‍රණයක් සාදා ගත යුතුය. වඩාත් යහපත් ප‍්‍රතිඵල ලබා ගැනීම සඳහා මෙම මිශ‍්‍රණය ජීවානුහරණය කරගත යුතුය. බීජ තවාන් කරන බඳුන පතුල සිදුරු කර තිබීමත් ඒ මත උළුකැට කැබැලි තට්ටුවක් අතුරා වගා මිශ‍්‍රණය යෙදීමත් වැදගත්ය. එවිට සීග‍්‍රයෙන් වතුර බැසයාම සිදුවේවි. බීජ ඇතිරූ පසු ඒ මත තවත් වැලි ස්වල්පයක් ඉස බඳුන් කට වීදුරු කැබැල්ලකින් වසන්න. මෙය හොඳින් සෙවණ ලැබෙන ස්ථානයක තැන්පත් කළයුතු අතර වියළීමට ලක් නොවීම සඳහා ජලය සැපයිය යුතුය. දිනකට විනාඩි කිහිපයක් වීදුරුව විවෘත කර වතුර අවශ්‍ය නම් යෙදිය යුතුය. බීජ පැළ වූ පසුව විදුරුව ඉවත් කළ යුතු අතර සෙ. මී. 03 ක් පමණ වැඩුණු පසු කුඩා බඳුන්වලට මාරු කරන්න.

 

පත‍්‍ර මඟින් පැළ ලබා ගැනිමමේ සඳහා තෝරා ගත යුත්තේ හොඳින් වැඩුණු නිරෝගී පත‍්‍රය. පත‍්‍ර වලින් මෙන්ම පත‍්‍ර කැබැලි මාර්ගයෙන්ද පැළ ලබා ගැනීමේ හැකියාව ඇත.පත‍්‍රයක් රෝපණය කරන විට එහි ප‍්‍රමාණයට වඩා වැඩි ඉඩක් ඇති බඳුනක් තෝරා ගතයුතු අතර බඳුනේ කට වැසීමේ හැකියාවද තිබිය යුතුවේ. කළින් සඳහන් කර ඇති පරිදි රෝපණ බඳුන සකස් කොට එයට වැලි සහ කොහුබත් 1 : 1/2 ක් අනුපාතයට හෝ වැලි කොම්පෝස්ට් 1 : 1/2  අනුපාතයට මිශ‍්‍ර කරන්න. මෙය බඳුනේ කට මට්ටමේ සිට අඟල් 01 ක් පමණ ඉඩ ඉතිරි වන්නට වගා මිශ‍්‍රණය යොදන්න. සිටුවීමට ප‍්‍රථම පත‍්‍රයේ නටුව ළඟින් කපා ප‍්‍රධාන නාරටියේද තැනින් තැන කපන්න. දැන් බඳුනේ මැද (වගා මිශ‍්‍රණය යෙදූ ) අඟලක පමණ සිදුරක් සාදා පත‍්‍රයේ නටුව එයට ඇතුළු කරන්න. මෙහිදී සම්පූර්ණ පත‍්‍රයම මිශ‍්‍රණය මත තිබිය යුතුවේ. සිටුවීමට ප‍්‍රථම මිශ‍්‍රණය ජලයෙන් තෙත්කළ යුතු අතර පත‍්‍ර කොටස් සිටුවා වීදුරු කැබැල්ලකින් බඳුන වසා සෙවණ සහිත ස්ථානයක තබන්න.අනතුරුව සති දෙක තුනකින් කුඩා පැළ මතුවීමට පටන් ගනියි. මෙහිදී පත‍්‍ර දෙක තුනක් මතු වූ විට දියර පොහොරක් යෙදිය යුතු අතර මේ අවස්ථාවේදී තද සෙවණ සහිත ස්ථානයෙන් සාමාන්‍ය ආලෝකය ඇති තැනකට බඳුන මාරු කිරීමට වගබලා ගන්න. ඉන්පසුව කොම්පෝස්ට්, වැලි, කොළ පොහොර අඩංගු වගා මිශ‍්‍රණයට පැළ මාරු කරන්න. සති 11/2  ක් පමණ ගත වු පසුව පෙරවරුවේ ලැබෙන හිරු එළියට පැළ යොමු කළ යුතු වේවි. සති දෙකකට වරක්් කාබනික දියර පොහොර සහ 20 : 20 : 20 අඩංගු පොහොර මාරුවෙන් මාරුවට යෙදීම බිගෝනියා ශාකය අලංකාරව වර්ධනය සඳහා උපකාරී වේ. අනෙකුත් ශාකයන්ට මෙන්ම බිගෝනියා ශාකයට ද දිලීර රෝග සහ කෘමි හානි වැළඳේ. ජලය රඳා පැවැත්මෙන් මුල් කුණුවීම සහ කඳ කුණුවීමේ රෝගය ද, පත‍්‍ර කුණු වීමද සිදුවේ. එවිට ශාකය ගලවා කුණු වූ ;කාටස කපා ඉවත්කර මුල් සෝදා නැවත රෝපණය කර දිලීර නාශක යොදන්න. කෘමි හානි ඇතිවූ විට කෘමි නාශක යෙදීමත් ඉතා වැදගත්. මෙම උපදෙස් නිසිලෙස පිළිපැදීමෙන් ඔබටත් සාර්ථක බිගෝනියා වගාවක් පවත්වාගෙන යා හැකිය.