bimmal hathu wagawa බිම්මල්[හතු] වගාව ඔබ දන්නවාද?

බිම්මල් එහෙම නෑත්නම් කවුරුත් දන්න විදියට හතු අපිට නුපුරුදු දෙයක් නම් නෙවෙයිනේ.කොටින්ම කියනවා නම් කන්න ගන්න පුස් විශේශයක්.දිලිර තම වර්ගයා බෝ කිරීමට යොදා ගන්නා විශේශිත වු උපක්‍රමයේ ප්‍රතිපල තමයි අපි ආහාරයට ගන්නේ හතු කියලා.පෝශණ ගුනය වගේම ඖශදීය ගුනයෙනුත් බිම්මල් පරිපුර්ණ අහාරයක් විදියටයි සෑලකෙන්නේ.විශේශයෙන්ම රක්තහීනතාවයට හා ලියුකේමියා රෝගය පාලනය කිරීමෙත් සුවිශෙශි ගුනයක් මේ හතුවල තියෙනවා කියලා සදහන් වෙනවා.ඒ නිසාම තමයි අපි කවුරුත් දන්න ස්වභාවික හතු වර්ග[මාවෑලි හතු,උරුපහ]වලට අමතරව ස්වයං රෑකියාවක් විදියටත් බිම්මල් වගාව ජනප්‍රිය වෙලා තියෙන්නේ.වගාවක් කිව්වාට මේක ගෙවත්තේ කරන වගාවක් එහෙම නම් නොවෙයි.මොකද සමහර අය ඒක පටලවා ගන්නවා.මේ වගාව අපි කරන්නේ පරිසර තත්ව පාලනය කරපු බිම්මල් ගෘහයක් තුල.එහෙම නෑත්නම් නිවසේම කාමරයක් අපිට මේ සදහා යොදා ගන්න පුලුවන්.පරිසර තත්ව පාලනය කරපු ගෘහයක් කියලා මම කිව්වේ මේ හතු වගා කරන්න පරිසරයේ තෙතමනය ඒ කිව්වේ ආර්ද්‍රතාවය ටිකක් වෑඩි වෙන්න ඕන.ඒකට අපි උපක්‍රම කීපයක් පාවිච්චි කරනවා.බිමට යොදාගන්නේ තෙත් කරපු වෑලි තට්ටුවක්. ඒ වගේම ගෘහය තුල මීදුමක් වගේ ජලය ස්ප්‍රේ කිරීම කරනවා. වගේම බිම්මල් දිලීර ජාලය වර්දනය වන අවස්තාවෙදි ගෘහය තුල අදුරු පරිසරයකුත් අස්වනු නෙලීම සිදු කරන කාලයේ අලෝකයත් තියෙන්න ඕන.මේකෙදි වෑදගත්ම දේ තමයි දිලීර එහෙම නෑත්නම් හතු වෑවිමට සුදුසු මාද්ය සාදා ගන්න එක.ප්‍රධාන වශයෙන් ම ගන්නේ ලී කුඩු.එවත් ශක්තිමත් අරටුවක් නෑති ගස්[ඈල්බීසියා,අබ] වලින් ගත්තු ලී කුඩු වීම ඉතාම වෑදගත්.ඊට අමතරව සහල් නිවුඩු,මුං පිටි ,හා රසායනික වශයෙන් මෑග්නීසියම් සල්ෆේට් .තමයි මේ මිශ්‍රණය සෑදිමට අවශය වන්නේ.පදමට හදාගත්තු මිශ්‍රනය පොලි ප්‍රොපීලින් [තාපයට ඔරොත්තු දෙන පොලිතීන්] බෑග් වල පුරවා ඉන්පසු ජීවානුහරනය කර ගෑනිමක් සිදු කරන්න ඕන.මොකද වෙන දිලීර වර්ග මේකේ තියෙන්න පුලුවන්නේ.එහෙම උනොත් අපේ දිලීර වර්ගය වගා කරන්න වෙන්නේ නෑ.මේ කට විශේශිත බෑරලයක් තුල හුමාලයෙන් තම්බා ගෑනිම සිදු කරනවා.ඊට පසුව තමයි මේ බෑග් වලට ආරක්ශිත තත්ව යටතේ බිම්මල් බීජ යොදන්නේ.[බිම්මල් බීජ කිව්වට වී හෝ කුරක්කන් බීජවල වර්දනය කරපු දිලීරය තමයි]ඔන්න ඊට පස්සේ තමයි කිව්ව බිම්මල් ගෘහය වෑදගත් වෙන්නේ.බීජ ආමුකුලනය කරලා මාසෙකින් විතර අස්වනු එහේම නෑත්නම් හතු නෙලා ගන්න පුලුවන්.සාමාන්යයෙන් වෙලද පොලේ බිම්මල් කිලෝ එකක් රු150/200 වගේ මිලකට අලෙවි කිරීම සිදු කරනවා

මේ බිම්මල් වලින්

  • බිම්මල් සුප්

  • බිම්මල් සෑන්ඩ්විච්

වගේ විවිදාකාර ආහාර වර්ගත් සකස් කර ගන්නත් පුලුවන්.