Advertisement
Hot Kello

Dhehi Aswanna දෙහි අස්වැන්න

 

කුරුණෑගල අනුරාධපුර, මොණරාගල හම්බන්තොට වැනි වියලි දේශගුණයක් ඇති දිස්ති‍්‍රක්කවල හොඳින් වැවෙන වාණිජ අතින් මෙන්ම දෛනික ජීවිතයට අවශ්‍ය ඖෂධීය ගුණයෙන්ද යුතු පැගිරි කුලයේ දෙහි වගාව, වර්තමානයේ ගොවීන් අතර ඉතා ජනපි‍්‍රය වගාවකි. ඉතා සරල සහ සාම්ප‍්‍රදායික වගාවක් වන දෙහි වගාව කිසිදු රසායනික ද්‍රව්‍ය භාවිතයකින් තොරව තරමක සරු බිමක වුවද වැවෙන වියලි කාලගුණයට ඔරොත්තු දෙන සංකීර්ණ ප‍්‍රභේධයන්ගෙන් තොර වගාවකි. ගෙවතු වගාවටද ඉතාම යෝග්‍ය වේ.සිටුවා වසර 6 ක දී පමණ සිට වසරට දෙවතාවක් දෙහි අස්වනු ලබාගත හැකිය. ඇතැම් වසරවලදී දෙහි අස්වැන්න අතිවිශාල වන අතර එම අස්වැන්න අලෙවිකර ගැනීමට නොහැකිව ගස්යටම විනාශවන අවස්ථාද දක්නට නියමිත මිලකට විකුනා ගැනීමටද නොහැකි වේ.දෙහි අවාරයේදී එහි මිලද ඉතා ඉහළවන අතර දෙහි සොයා ගැනීම ද දුෂ්කර වන බව පෙනේ. දෙහි කල්තබාගැනීම පිණිස සහ අලෙවිය පිණිස දැනට පවතින්නේ සාම්ප‍්‍රදායික ක‍්‍රම කිපයකි. ලුණුදෙහි දැමීම, සහ පොළොවේ වළලා තැබීම මෙන්ම දෙහි ඇඹුල් දියර ලෙස තබාගැනීමද ශීීත කරනය භාවිතයෙන් කල්තබාගැනීමද දැන් සිදුවේ. එහෙත් එම ක‍්‍රමවේද මහාපරිමාණ ලෙස හා විධිමත් යාන්ත‍්‍රණයක් ලෙස කි‍්‍රයාත්මක නොවේ.මහා පරිමාණයෙන් දෙහි කල්තබා ගැනීමේ සහ ඉතා ඉහළ මිලකට මැද පෙරදිගට අපනයනය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් දැන් ඉතා සාර්ථක ලෙස කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ අඹන්පොල ප‍්‍රදේශයේ දී කි‍්‍රයාත්මක වේ. කුරුණෑගල නගරයේ සිට ඇල්ල හරහා අංක 57 අනුරාධපුර මාර්ගයේ දළදාගම සහ ගල්ගමුව අතර අඹන්පොළ නගරය පිහිටා ඇත. මෙහි ඇති “ යාපව්ව ටේ‍්‍රඩර්ස් “ වෙළෙඳායතනය ප‍්‍රදේශයේ වෙනත් වෙළෙඳසැල්වලට වඩා විශේෂත්වයක් ගෙන ඇත. ඊට ප‍්‍රධානතම හේතුවවන්නේ ඉහත සඳහන් දෙහි කල්තබාගැනීමේ සහ ඒවා ඉහළ මිලකට මැද පෙරදිගට අපනයනය කිරීමේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වීමයි.එස්.ඒ. එම්. නසාර්දීන් මහතා මෙම ව්‍යාපෘතියෙහි නිරතව සිටි. ඔහු අවුරුදු 45ක් පමණ වයසැති මහව විජයබා මධ්‍ය මහාවිද්‍යාලයෙන් අ.පො.ස. උසස්පෙල දක්වා විද්‍යා විෂයයන්ගෙන් අධ්‍යාපනය ලැබුවෙකි. එසේම දැන් ඒ මහතා මහව ප‍්‍රාදේශීීය සභාවේ මන්තී‍්‍රවරයෙකු ලෙසද කටයුතු කරයි.අවට ගම්මාන 50ක පමණ දෙහි අස්වනු දිනපතාම පාහේ මෙම ස්ථානයට ලැබෙන අතර හොඳ ප‍්‍රමිතියකින් යුතු ඉදුණු දෙහි කි.1ක් සඳහා රු. 7 ක් පමණ මුදලක් මේ දිනවල ගොවීන් වෙත ලබා දේ. දිනකට දෙහි කි. 1000 ක් පමණ මිලදී ගන්නා මෙම ස්ථානයේ දෙහි නොතිබෙන දිනයක් නොමැති තරම්ය.එස්. ඒ. එම්. නසාර්දීන් මහතා සමග කරන ලද සාකච්ඡාවේදී සහ එහි අවට පරිසරය නිරික්‍ෂණය කිරීමේ දී මෙම දෙහි කල්තබාගැනීම සහ මැදපෙරදිගට අපනයන කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව වැදගත් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවිය. මෙම ව්‍යාපෘතිය සඳහා අනුග‍්‍රහය ලැබී ඇත්තේ ශී‍්‍ර ලංකාවේ පිහිටි බවර් ආයතනය වෙතිනි.මෙම ව්‍යාපෘතියෙහි පවතින යාන්ත‍්‍රණය සහ වැඩ පිළිවෙල ඉතාම සරලය, ස්වභාවිකය, එසේම විවෘතය.ප‍්‍රමිතියෙන් උසස් ඉදුණු දෙහි දින 25 ක් පමණ එකදිගට තද අව්වේ වියලාගැනීම මෙහි ප‍්‍රථම අදියරයි. ඉදුණු දෙහි කි.ක් පමණ  කි.1 ක් දක්වා බර අඩුවන ලෙස වියලා ගැනීම මෙහිදී සිදු කෙරේ. මෙම අවස්ථාවේදී පින්නට සහ වැස්සට අසුනොවීමට වගබලාගැනීම වැදගත්ය. දිලීර ආසාධනය වැලැක්වීම මෙහිදී අත්‍යවශ්‍ය කරුණකි. දින 25ක් තිස්සේ තද අව්වේ හොදිින් වේලුණු දෙහි මේ වන විට තද දුඹුරු පාටක් ගන්නා අතර තද ගණ ස්වරූපයක් උසුලයි.නැවත මෙම දෙහි පූර්ණ විජලනයකට ලක් කළ යුතුය. එය සිදුකරන්නේ දහය්යාවලින් තාපය ලබාදෙන මැටියෙන් කළ පෝරණයක් ඇසුරෙණි. මෙහිදී මෙතෙක් පැවති දෙහිවල බර තවදුරටත් අවම කෙරේ. මෙහිදී දෙහිගෙඩි තද කලුපැහැයක් ගන්නා තුරුම විජලනය කළ යුතුය. එම අවස්ථාවේදී දෙහිගෙඩිය තදින් වේලී ශක්තිමත් ගණයක් බවට පත්වේ. ඉතාම සැහැල්ලු දෙහිගෙඩියක් බවට පත්විය යුතුය. මෙහිදී දෙහි කි. 5ක් එක කිලෝවක් දක්වා විජලනය කෙරේ.මෙම අවස්ථා දෙකේදීම කිසිදු රසායනික ද්‍රව්‍යයක් භාවිතා නොකෙරේ. කලුපාටට හැරුණු දෙහි කි. 10 ය බැගින් වූ පාර්සල් සකස්කර අපනයන සඳහා සූදානම් කිරීම දක්නට ලැබුණි. මෙසේ හොඳින් වියලා උසස් ප‍්‍රමිතියකින් යුතුව මැදපෙරදිගට යවන දෙහි කි. 1 ක් සඳහා රු. 700 ක පමණ මුදලක් ලැබෙන අතර එම රටවල දෛනික පරිභෝජනය සඳහා මෙය ඉතා ජනපි‍්‍රය කුලුබඩුවක් බවද අනාවරණය විය. විශේෂයෙන්ම ව්‍යංජන රස කිරීමට එය අත්‍යවශ්‍ය අංගයක් බවද හෙළිවිය.පවතින ඉහළ ඉල්ලුම නිසා වසරකට මෙසේ වියලි දෙහි කි. 50000ක් පමණ අපනයන කරන බවද හොඳින් වේලන ලද දෙහි වසර 5ක් පමණ කල්තබා ගැනීමට හැකිවන බවද එස්. ඒ. එම්. නසාර්දීන් මහතා පෙන්වා දෙයි. එම රටේදීද මේ සඳහා කිසිදු රසායනික ද්‍රව්‍යයක් මිශ‍්‍ර නොකෙරේ.ඉදිරියේදී දෙහි විජලනය කිරීම සඳහා යන්ත‍්‍රයක් යොදා ගන්නා බවද පෙන්වාදුන් නසාර්දීන් මහතා ඒ සඳහා රු. ලක්‍ෂ 24ක් පමණ අවශ්‍ය බවද පෙන්වා දෙයි. එසේ වුවහොත් දැනට සේවයේ නියුතු කම්කරුවන් 5 දෙනාට අමතරව තවත් 20 දෙනෙකු පමණ යොදවා ගත හැකි බවද අනාවරණය කරන ලදී. ශී‍්‍ර ලංකාව තුළ මෙම වියලි දෙහි අලෙවිකිරීමට තවම පියවර ගෙන නොමැති බවද මෙහිදී ප‍්‍රකාශ විය. මෙවැනි ව්‍යාපෘති ස්වයං රැකියාවක් ලෙසද දේශීය කර්මාන්තයක් ලෙසද අගය කළ හැකිය.