Advertisement
Hot Kello

Dhiwul Wood Apple දිවුල්

 

දුවලා පුතාලා දන්නවාද අප රට මව්බිම කරගත් එකම පලතුරක්. ඒ තමා දිවුල්. අප රටේ වියළි කලාපයේ කැලෑබඳව හා තෙත් කළාපයේ අතරින් පතර වැඩෙන ශාකයෙකි. ඉන්දියාවේ වියළි ප‍්‍රදේශවල පමණක් මෙම ශාඛය දැකිය හැක.රූටාසේ (RUTACEAE)  ජටිධීර ශාක කුලයට අයත් වන අතර උද්භිද විද්‍යා මගින් පෙරෝනියා ලිමෝනියා (FERONIA LAMONIA) වශයෙන් හා පෙරෝනියා එලිපන්ට‍්‍රම් (FERONIA ELEPHATUM) වශයෙන් හෙන්රි ටී‍්‍රමන් හා එච්.ඇෆ්. මැක්මිලන් යන උද්භිද විද්‍යාඥයින් හඳුන්වා දෙනු ලැබේ.අප විසින් දිවුල් ගස වශයෙන් හඳුන් වන අතර කඨින ඵල ගන්ධ ඵල (සංස්කෘත) තුයෙන් බේල් (බෙංගාලි) විලාම් පිකම් (දෙමළ) වුඩ් ඇපල් (ඉංග‍්‍රීසි) යන භාෂා වලින්ද හඳුන්වනු ලබයි. වගා කිරීමෙන් තොරව වියළි කලාපවල වැඩෙන අතර මෙම ප‍්‍රදේවාසීන් හට විශාල ආදායම් මාර්ගයක්ද උපයා දෙනු ලැබේ.දිවුල් හා දොඩම් නාරං ජම්බෝල වැනි පැගිරි ශාක බද්ධ කිරීමෙන් වැඩි ඵලදාවක් ලබා ගත හැකි බව හම්බන්තොට ප‍්‍රදේශයේ කරන ලද පර්යේෂණ තුළින් පෙන්වා දි ඇත. තවද වර්ෂයක් ඇතුළත ඵලදාව නෙළා ගැනීමට හැකි බවද පෙන්වා දී තිබේ.

 

මෙහි ව්‍යාප්තිය බීජ මගින් හෝ ගස්වල මුල් පලුදු වූ විට එස ස්ථානයෙන් අංකුරයක් සේ වැඩෙනු ලබයි. මෙහි විශේෂත්වය ජනවාරි පෙබරවාරි කොළ හැලී මාර්තු වර්ෂාවත් සමග දළු දමා ගස ප‍්‍රාණවත් වේ. අගෝස්තු සැප්තැම්බර් මාසවල මල් හටගෙන දිවුල් ගෙඩි හැදීම සිදුවේ. අමු දිවුල් ගෙඩි මදය සුදුපාට වන අතර ඉදුනු ගෙඩිවල මදය දුඹුරු පාට වී මදය මොළොක් වේ. දිවුල් මදය මිරිකා පොල් කිරි මිශ‍්‍ර කිරීමෙන් සකස් කර ගත හැකි දිවුල් කිරි පානය ඉතා ප‍්‍රණීත රසයෙන් යුක්තය. මද වලින් සකසාගත් ජෑම් අද වෙළෙඳ පොළේ ජනප‍්‍රියත්වයට පත්ව ඇත.ඉතිහාසය අපට පෙන්වා දී ඇති ආකාරයට චිත‍්‍ර කර්මාන්තයේ වර්ණ සංයෝගයට මහත් පිටු වහලක් වී ඇත්තේ දිවුල් ලාටු උපයෝගී කර ගැනීමයි. මේ පිළිබඳව වරාහමිහිරයන්ගේ බාහත්සංහිතාවේත් “ශිල්පරත්නය” ග‍්‍රන්ථයේ දිවුල් ලාටු යොදා ගන්නා බව සඳහන් කර ඇත. එමෙන්ම දඹදෙණි යුගයේ ලියන ලද පොත පතින් මෙම ලාටු චිත‍්‍ර සඳහා වර්ණ සංයෝගයට යොදා ගත් බව සඳහන් වේ.සිංහල බෙහෙත් වට්ටෝරුවේ ප‍්‍රධාන ඖෂධයක් වශයෙන් දිවුල් පොතු කොළ ලාටු ප‍්‍රයෝජනයට ගනු ලබයි. අප රට මව්බිම කරගත් දිවුල් ගස වද වී යාමේ තර්ජනයෙන් බේරා ගැනීම අප සැමගේ යුතුකමකි.