Rukshan Jayasekara



ඩ්‍රගන් ෆ්රුට් - Dragon Fruit

 

ඩ්රැගන් පෘට් (Hylocereus undatus) කැක්ටේසියේ (Cactaceae) කුලයට අයත් අපිශාක ලෙස වැඩෙන බහු වාර්ෂික ශාකයකි. මධ්යම හා දකුණු ඇමෙරිකාවේ සම්භවය වු ලෙස සැලකෙන මෙම ශාකය එහිදී පීතාය (Pitaya) යන නමින් හදුන්වනු ලැබේ. මෑත භාගයේ සිට සීඝ්රයෙන් ප්රචලිතවන කැක්ටේසියේ කුලයේ සාමාජිකයා වන මෙම ඩ්රැගන් පෘට් ශාකය දැනට විටට්නාමය, තායිලන්තය, මැලේසියාව, ඊශ්රායලය ආදී රටවල් රාශියක ආර්ථික බෝගයක් ලෙස වගා කෙරේ.
ඩ්රැගන් පෘට් ශාකය ලංකාවේද ජනප්රිය වෙමින් පවතින අතර පහතරට තෙත් කලාපයේත්, අතරමැදි කලාපයේත් අතිරේක ජල සම්පාදනය යටතේ වියලි කලාපයේත් සාර්ථකව වගාකල හැක. මෙම වගාව දියුණු කිරීම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දැනට පර්යේෂණ කටයුතු කෙරීගෙන යයි.

දේශගුණික අවශ්යතා
ඩ්රැගන් පෘට් පතොක් කුලයේ ශාකයක් නිසා එයට නියගය, දුර්වල පාංශු තත්ව හා අඩු උෂ්ණත්වය දැරීමේ හැකියාවක් ඇත.
නමුත් වගාවට වඩාත් උචිත වන්නේ 20 - 30 oC උෂ්ණත්වය පවතින වියලි ඝර්ම කලාපීය දේශගුණයකි. එසේම වර්ෂාපතනය මිලි ලීටර් 500 - 1500 හා පැහැදිලි වියලි හා තෙත් දේශගුණික තත්ව මාරුවෙන් මාරුවට තිබීම වඩා යෝග්යය. ශාකයට හොදින් හිරු එළිය අවශ්ය වුවත් අධික උෂ්ණත්වය දිගුකලක් පැවතීම ශාකයට හිතකර නොවන අතර එවැනි අවස්ථාවල සෙවන සැපයීම අවශ්ය වේ.

පස හා ජලය
ඩ්රැගන් පෘට් වගාව සදහා හොදින් ජල වහනය වන පසක් තිබීම අත්යවශ්යය. එසේම ශාකය කාබනික ද්රව්ය සදහා හොදින් ප්රතිචාර දක්වන අතර පසේ වැලි 10 - 30 % පමණ තිබීම ඉතා හොදය. මෙම ශාකය වැලි සහිත පසේද සාර්ථකව වැවේ.

මල් හටගැනීම
ඩ්රැගන් පෘට් වල මල රාත්රීයට පිපෙන අතර එය සුදට හුරු ක්රීම් පැහැතිය. පෙනුමෙන් කඩුපුල් මලකට සමාන වන මෙය පිපෙන විට ඇති සුවද කෘමීන් ආකර්ශකය කර ගැනීමට හේතුවේ. අප රටේ අතරමැදි කලාපයේ මල් පිපීම අප්රේල්/මැයි සිට ආරම්භ වේ.
මලෙහි සුන්දරත්වය නිසා Queen of night, Moon flower, Nobal woman ආදී අන්වර්ථ නාම වලින් එය හදුන්වනු ලැබේ.

ඵල හටගැනීම
ඩ්රැගන් පෘට් ශකයේ මල් පොහොට්ටු (Buds) හටගෙන දින 40-50 පමණ නැතිනම් මල් පිපී දින 30 - 35 දී ඵල මේරීම සිදුවේ. ඵල වාරය නොවැම්බර් පමණ වන තෙක් පවතින අතර ඒ කාලය තුලදී 5 - 6 වතාවක් ඵල නෙලාගත හැක.
නොමේරූ ඵලයේ පොත්ත දිලිසෙන සුළු කොළපාට වන අතර එය මේරීමත් සමග රතු පැහැයට හැරේ. මෙම පැහැයට හැරී දින 4 - 5 පමණ ඵල නෙලීම වඩාත් සුදුසු වුවත් අපනයනය කිරීමේදී රතු පාටට හැරී දිනකට පසු ඵල නෙලා ගැනීම සුදුසුය.

ඩ්රැගන් පෘට් විදේශීය රටවල් රාශියක සීඝ්රයෙන් ව්යාප්ත වන හොද ඉල්ලුමක් ඇති පලතුරකි. දේශීය වෙළදපොලේ මෙය ජනප්රිය නොවුවද, කීල්ස් වැනි සුපිරි වෙළද සැල්වල මෙම පලතුරු කිලෝ එකක් රු. 650 - 700 අතර මුදලකට අලවි වේ.