Goraka Shakaya ගොරකා ශාකය

 

අප රටේ ජනතාවගේ එදිනෙදා ජීවිතයේ දී ගන්නා ආහාර රසවත් කිරීමට හා කල්තබා ගැනීම උදෙසා මහත් මෙහෙවරක් ඉටු කරන ගොරකා ඖෂධය පිළිබඳව ඔබට ඉදිරිපත් කරමි. පහතරට තෙත් කලාපයේ බහුල ලෙස වැඩෙන ශාකයෙකි. අඩි 50 – 60 ත් අතර උසට වැඩෙන කේතුධර සමාන අතු විහිදේ. මේ ශාකය පිහිටි ප‍්‍රදේශය අඳුරු ස්වභාවයක් ගනු ලබයි.මෙම ගොරකා ශාකය ප‍්‍රභේද තුනකි. එනම්, මල ගොරකා (kokum – butter oiltree)  රතු ගොරකා හා එළ ගොරකා නම් වේ. මෙහිදී රතු ගොරකා හා එළ ගොරකා ආහාර ව්‍යංජන රසවත් කිරීමට ගනු ලබයි. රතු ගොරකා ඉදුණු විට රතුපාටින් යුක්ත වන අතර ඇතුළ මදය රතුපාට වේ. එළ ගොරකා ඉදුණු විට කහපාට වන අතර ඇතුළමදයට කහ මිශ‍්‍රිත සුදුපාට වේ. විශේෂයෙන් ආහාර කල්තබා ගැනීම සඳහා ගොරකා මහත් මෙහෙයක් ඉටු කරයි. මේ ශාකයේ පොත්ත දුඹුරු රළු ස්වභාවයක් ගෙන ඇත.

මේ ශාඛයේ ඇති විශේෂත්වය නම් එකම ගසේ ස්තී‍්‍ර හා පුරුෂ මල් වෙන් වෙන්ව හට ගැනීමයි. පුරුෂ මල්වලට වඩා ස්තී‍්‍ර මල් විශාල වේ.ගොරක ශාකයේ මල් හට ගැනීම සිදු වන්නේ පෙබරවාරී සහ මාර්තු මාසවලය. ගොරකා ගෙඩි ගෝලාකාර වන අතර බික් වශයෙන් බික් 6 – 8 ක් අතර මසින් පිරුණු ඵලයක් වේ. මෙහි බීජ රතු පැහැයෙන් යුත් ඝන මදයකින් (ස‍්‍රාවයකින් වෙලි) ඇත. මේ ශාඛයෙ අතු පහතට නැමුණු ස්වභාවයක් උසුලයි. ගොරකා ශාඛයේ උද්භිද විද්‍යා නාමය වූයේ Garainia Quaesita Pierre  මේ කුලය වූයේ නාගකේසර වන අතර සිංහල නම වූයේ කන ගොරකා ලෙසින් වේ. අප රටට ආවේණිකව වැඩෙන ශාකයකි මෙය මුහුදු මට්ටමේ සිට 1500 පමණ වූ උස් බිම් වල වැඩෙන තෙත් කලාපයේ හා ගංඟා ආශ‍්‍රිතව බහුල ලෙස දැකිය හැකි වේ.මෙම ශාකයේ ගෙඩි වල මාංශ කොළ පොතු මල් ඖෂධීය ගුණ ලබා දේ. මෙම ඖෂධය තුළින් ලැබිය හැකි ගුණ සමුදාය වනුයේ බඩගින්න ඇති කරවීම හදවතට අවශ්‍ය සහනය ලබා දීම ආදියයි. ශරීරයේ අස්ථි කැඩුණු විට සවිවීම ඉක්මන් කරනු ලබයි. මළ පිට වීමේදී පහසුව ඇති කරවයි.

අත්බෙහෙත් ලෙස උගුර රිදෙනවාට සෙම්ගෙඩිවල දී උගුරේ ඇති වන වේදනා නැති කිරීම ඇඟිලි වන වීම ගොරකා පලු තැම්බූ වතුරට  ලුණු දමා සේදිමෙන් ඇඟිලි කරුවල තුවාල සුවවේ. මීට අමතරව මස් , මාළු නරක් වීම වැළැක් වීම සඳහා මෙන්ම කල්තබා ගැනීම සඳහා හැකියාවක් ඇත.ගොරකා අස්වැන්න ලෙසින් ලබා ගනුයේ සිටවා වසර 8 කින් පසුය. ගසේ හට ගන්නා ගොරකා ඉදුණු පසු පලු කර මද අව්වේ හෝ දුම්මැස්සේ හොඳින් වේලා ගනී.ගොරකා මදයේ ඉස්ම ගෑමෙන් ඉතා හොඳ ගොරක නිෂ්පාදනය කර ගත හැක. තවද හොඳින් වියලා ගත් ගොරකා බොහෝ කාලයක් තබා ගැනීමට හැකි වේ.මෙම ගෙඩි වල මද තෙල් සිඳ ගැනීමෙන් ඖෂධ ලෙස ගන්නා අතර පොත්තෙන් ගන්නා කිරිද ඖෂධ ලෙස ගනු ලබයි’ අද වෙළඳපොළ තුළ ගොරකා සඳහා හොඳ ඉල්ලුමක් ද ඇත.