Hathawariya හාතාවාරිය

 

පසුගිය කාල පරිච්ඡේදයේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් ජනතාවගේ සෞඛ්‍ය තත්වය මනාව පවත්වා ගැනීම උදෙසා ඔසු කැඳ අලෙවි සැල් මගින් ජනතාව දැනුවත් කිරීමට යෙදිනි. මෙහි දී විශේෂයෙන් හාතාවාරිය කැඳ සඳහා නිතැතින්ම යොදා ගැනිණි. මෙම ශාකයේ අපගේ ලෙඩ රෝග සුවවීමට බෙහෙවින් උපකාරී වේ.හාතාවාරිය ශාකයේ නිජ බිම වූයෙ නැගෙනහිර මධ්‍යධරණී රටවල්ය. ඈත අතීතයේ රෝමන්වරුන් වගාකර එහි ප‍්‍රයෝජන ගත් බවට සාක්ෂි ඇත. ඇතැම් අය තම උද්‍යාන හා ගෙවතු අලංකාර කිරීම සඳහා ද වගා කරති. මේ ශාකයේ අතු බෙදී විහිදී වැවෙන අතර කටු සහිත වේ. හාතාවාරිය පැළ දුඹුරු පාටින් යුක්ත වේ. හාතාවාරිය මුල් නාලාකාර හැඩයක් ගන්නා අතර, අල සුදු පාටින් යුක්ත වේ.හාතාවාරිය ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය වූයෙ ˆAsparagus Racemosus Willd කුලය වූයේ රසෝන අතර දෙමළ නම වූයේ සඩාවරි වේ.

 

හාතාවාරිය ව්‍යාප්තිය නිවර්තන කලාපවල හා උප නිවර්තන ප‍්‍රදේශවල හා ඉන්දියාව, ලංකාව, අප‍්‍රිකාව, ජාවා සහ ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල බහුල වශයෙන් දක්නට ලැබේ.අප රටේ පහත රට වියළි ප‍්‍රදේශවල බහුල වශයෙන් දක්නට ලැබේ. පහත රට ප‍්‍රදේශවල සාමාන්‍ය කඳු ප‍්‍රදේශවල ද දක්නට ලැබේ.මෙම ඖෂධය තුළින් ශරීර ශක්තිය වඩන අතර රුධිරවල ආම්ලික බව නැතිකර පිරිසිදු කරයි. තවද මුත‍්‍රා අමාරු සුවකර තරුණ බව ඇති කිරීමට හේතු වේ. අත් පා සන්ධි ඉදිමීම සුවවීමට හාතාවාරිය අල යුෂ මිරිකා බීම සුදුසු වේ. තවද වාත රක්ත රෝගයට ඉතා හිතකර වේ.හදවත් රෝගීන්ට ඉතා හිතකර ආහාරයකි. අද අප රටේ කිසිඳු වියදමකින් තොරව ඉඩමේ වැට මායිමේ සිටවා ගැනීමට හැකි වේ. එමෙන් තම ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට මෙන්ම උදෑසන ආහාර වේලක් පිරිමසා ගැනීමට ද හැකි වේ.කිසිඳු කෘමි නාශකයක් හෝ පරිසර හානියකින් තොර අප ශරීර සෞඛ්‍ය ශක්තිමත් කරන මෙවන් ඖෂධ පැළෑටි කෙරෙහි අප අවධානය යොමු කරමු.