Jambu ජම්බු

 

මලක් වගේ පියකරු ජම්බු ජම්බු ඕනෑම කෙනකුට හිතේ හැටියට රස බලන්න පුළුවන් පලතුරක්. ජම්බු වාරයට එක්වරම ගෙඩිවලින් ගස් පිරී යන්නේ මිනිසා ඇතුළු සියලු සතුන්ට ඇති තරම් ජම්බු රස විඳින්නට ඉඩ සලස්වමිනුයි. ගෙඩියක රස නොවින්දත් එම කාලයට ජම්බු ගස් දැකීමත් සතුටක් රෝස පාට විදුලි බුබුළු සවි කරලා වගේ ගස් හරිම ලස්සනයි. ප‍්‍රමාණයෙන් පුංචි රසයෙන මිහිරි පැණි රසයකින් යුත් වතුර ගබඩාවක් වැනි ජම්බුවල ඇඹුල් රසය පාට අනුව වෙනස් වෙනවා. රෝස පාට ජම්බුවලට වඩා සුදු පැහැ ජම්බු ( බිනි ජම්බු ) ඇඹුල් රසයෙන් වැඩියි. ඊසාන දිග ඉන්දියාව, මැලේසියාව නිජ බිම කරගත් නිසා ජම්බු අපේම නෑයෙක් වගෙයි.ජම්බු ඉක්මනින්ම නරක් වෙන පලතුරක් ලෙසින් ප‍්‍රසිද්ධ වුණත් ශීතකරණයේ සතියක් පමණ ජම්බු නැවුම්ව තබා ගැනීමට පුළුවන්. නැවුම් ජම්බු ගෙඩියකින් විටමින් සී සහ පොටෑසියම් සිරුරට ලැබෙනවා.

 

ඇඹුල් රසයෙන් පිරි දිවුල් මවක් වන්නට පෙරුම් පුරන කෙනකු අත නොවරදිනම පලතුරක් දිවුල්. අඹුල් රසයට කැමැති කෙනකු දිවුල් වාරයට දිවුල් ගෙඩිවල රස නොබලා සිටින්නේ නැහැ. අපේ රටත් ඉන්දියාවත් නිජ බිම කරගත් දිවුල් ඖෂධීය ගුණයෙන් ද පරිපූර්ණ පලතුරක්. දිවුල් විටමින් සීවලින් කෙතරම් පෙහොසත් පලතුරක් ද කිවහොත් විටමින් සී ඌනතාවයෙන් ඇති විය හැකි බොහොමයක් රෝග දිවුල් කෑමෙන් වළක්වා ගන්න පුළුවන්. විස නාශකයක් ලෙසින්ද කි‍්‍රයාකරන මෙය උගුරේ තුවාල සුව කිරීමේ ගුණයක් පවතිනවා. ඉන්දියානුවන් අතර දිවුල් යුෂ අක්මාව හා හෘදය සුරකින පානයක් ලෙස ප‍්‍රචලිතයි. ඉදී නැති දිවුල් ඩයරියා, අතීසාර වැනි රෝග තත්ත්වයන්ට ගුණදායකයි. විදුරු මස් රෝගවලට, උගුරේ තුවාලවලට ඉක්කාවට ද සහනයක් ලබා ගැනීමට පැසී නැති දිවුල් කෑමට ගැනීම මගින් සහනයහක් ලැබෙනවා. විස කෘමීන් සතුන් සපා කෑමෙන්, ඇති වන විස නැති කිරීමට දිවුල් මද හෝ දිවුල් ලෙල්ල කුඩුකර පැලැස්තර දැමීම ද ඉන්දියාවේ ප‍්‍රචලිත සිදු කරන්නක්. කෘම් විසවිසවලදී ළපටි දිවුල් කොළ කිරි සමග මිශ‍්‍ර‍්‍ර කර සීනි සමග කලවම් කර දරුවන්ගේ බඩවැල් ආබාධවලට දෙනු ලබනවා. දුප්පත් මිනිසාගේ ආහාරය යන නම දිවුල්වලට පටබැඳ තිබුණත් පෝෂ්‍ය ගුණයෙන් පෙහොසත් පලතුරක් ලෙස දිවුල් හඳුන්වන්න පුළුවන්. මෝරා නැති දිවුල් ගෙඩි බිම දැමූ විට උඩ යනවා. මේරූ දිවුල් එසේ උඩ යන්නේ නැහැ. කුඩූ දිවුල් ගෙඩියක් සම්පූර්ණයෙන් ඉදෙන තුරු සති දෙකක් පමණ තැබිය යුතුයි. දිවුල්වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ *පෙ‍්‍රීටීන-  *හිතකර මේදය *කාබෝහයිඩ්‍රේට්ස්  -*කැල්සියම් *පොස්පරස් -  *යකඩ

 

පැෂන් ෆෘට්, මිහිර ගෙනෙයි වෙහෙස නිවයි. උණුසුම් කාල ගුණයක් පවතිද්දී ඔබ දැඩි ලෙස වෙහෙසට පත්වී සිටින මෙහොතක පැෂන් ෆෘට් වීදුරුවක රස බලන්නට ලැබුණොත්.... විඩාව මොහොතින් දුරුවී යනවා නේද? බොහෝ දෙනකුට පලතුරු යුෂ වීදුරුවක් කී සැනින් සිහියට නැගෙන්නේ පැෂන් ෆෘට් මේ පලතුරෙහි රුධිර පීඩනය අඩුකිරීමේ සුවිශේෂි හැකියාවක් ඇති බවට දැඩි විශ්වාසයක් පවතිනවා. පැණි රසත්, ඇඹුල් රසත් එකට කැටිවූ පැෂැන් ෆෘට් විටමින් ඒ හා සී අපට ලබා ගත හැකි හොඳම මාර්ගයක්. විශාල, බරෙන් වැඩි පැෂන් ෆෘට් නිතරම මිලදී ගන්න. හොඳීන් ඉදුණු පැෂන් ෆෘට්වල ලෙල්ලෙහි රැලි වැටුණු ස්වභාවයක් පවතිනවා. පැෂන් ෆෘට්වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ* කැල්සියම් - * විටමින් සී-  * යකඩ* තයමින් -  * මැග්නීසියම් - * රිබොෆ්ලෙවින්* පෙ‍්‍රීටීන් - * පොස්පරස් - * නියැසින්* පොටෑසියම් -* පැන්ටොතෙනික් අම්ලය* කාබෝහයිඩ්‍රේට් - * සෝඩියම්* කෙඳි -  * සින්ක් -  * ෆෝලේට් - * තඹ* මැංගනීස්-  * සිලේනියම් - *විටමින් ඒ* විටමින් ඊ

 

මැන්ගුස්ටීන්, දම් පැහැ හැඩකාරයා මැන්ගුස්ටීන් වෙළෙඳ පොළට එන තුරු මග බලා සිටින අය අතර ඔබත් නිසැකවම සිටිනවා නේද? මුවට නොදැනී කුසට යන මේ මිහිරි පලතුර, පලතුරකටත් වඩා ඖෂධ්‍යක් කිවහොත් වඩා නිවැරැදියි. තායිලන්තය වැනි ආසියාතික රටවල මැන්ගුස්ටීන් ඖෂධීය ශාකයක් ලෙස ප‍්‍රචලිතයි. මැන්ගුස්ටීන්වල නිජ බිම ද ආසියාවයි. සොබා දහමේ ප‍්‍රතිජීවකයක් වන මෙය ඩයරියා වැනි රෝග තත්ත්ව පාලනය කිරීමට යොදා ගන්නවා. මෙහි ප‍්‍රතිප‍්‍රදාහ ගුණයක් ද පිළිකා නාශක ගුණයක් ද පවතිනවා. මෙහි ප‍්‍රදාහයන් වැළැක්වීමේ ගුණය විශිෂ්ට බව විද්‍යාඥයන් සනාත කර තිබෙනවා.  නීරෝගී වුවත්, රෝගී වුවත් මැන්ගුස්ටීන්වල ගුණය සිරුරට අවශ්‍ය වෙන්නේ සිරුරට ඇතුල්වන විස නැසීමේ අපූරු ගුණයක් මෙහි ඇති නිසයි. අන් කවර කාලයකටත් වඩා සිරුරට විස ද්‍රව්‍ය ( ආහාරවලට යොදන කෘති‍්‍රම ද්‍රව්‍ය, කෘමි නාශක, අපිරිසුදු වාතය, සිගරට් දුම ආදිය) ඇතුළු වෙන මේ කාලයේ මැන්ගුස්ටීන් වැනි පලතුරු නිතර නිතර කෑමට එක්කර ගැනීම වැදගත්. මැන්ගුස්ටීන් කෑමට ගන්නා කාන්තාවක රූපලාවන්‍ය සඳහා අමතර වියදමක් දැරිය යුතු නැහැ. මැන්ගුස්ටීන් ඒ තරමටම වයස් කල්‍යාණය සුරකින පලතුරක්. අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, නහරවල ප‍්‍රදාහ වැළැක්වීම, රුධිර පීඩනය අඩු කිරීම, විෂාදය වැළැක්වීම, අසාත්මිකතාවලට එරෙහිවීම, ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් කිරීම, රුධිරයෙහි සීනි මට්ටම අඩු කිරීම ( දියවැඩියා රෝගීන්ට ගුණදායකයි ), බැක්ටීරියා, වෛරස, දිලීර, පරපෝෂිතයන්ට එරෙහිව සටන් වැදීම, ඇඳුම රෝගය වැළැක්වීම, අසාමාන්‍ය සෛලවලට එරෙහිව සටන් වැදීම මැන්ගුස්ටීන්වලින් සිරුරට සැලසෙන මෙහෙයන් අතර ප‍්‍රධානයි. මෙම ගුණ නිසාම මෙය සුපිරි පලතුරක් ලෙස ද හඳුන්වනවා. මැන්ගුස්ටීන්වල ප‍්‍රධාන වශයෙන්ම අඩංගු පෝෂ්‍ය පදාර්ථ* කාබෝහයිඩ්‍රේට් - * සීනි -* කෙඳි  * විටමින් සී - * පොටෑසියම්