Kadupul Mala - කඩුපුල් මල- රාති‍්‍රයේ රාජිනිය -Queen of the Night

 

හිරු අවරට යද්දී උදෑසන පිපි මල් කෙමෙන් මිලින වී ගියද ගෙමිදුලෙහි මෙන්ම තුරු වදුලුවල ද විල් ජල තලය මත ද දහසකුත් මල් හිනැහෙන්නට පටන් ගනී.

රෑ මනාලියන් බඳු රැයේ පිපෙන මේ පියකරු මල් අතරින් කඩුපුල් මලට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි.

එය කෙතරම් මනහර පුෂ්පයක්ද යත් පිපෙන සමයේ නා ලොවින් නාගයන් මෙහිවුත් කඩුපුල් නෙළා සිරිපා වඳින්නට යතැයි ජනප‍්‍රවාදයක් පවතී.

කඩුපුල් මල් පිළිබඳව නොයෙක් තැන්වලදී අපට අසන්නට ලැබුණත් රැයේ පිපී රැයේම පරව යන හෙයින් කඩුපුල් මලක අසිරිය දැක ඇත්තේ නම් ඒ ටික දෙනෙකි.

කඩුපුල් ශ‍්‍රී ලංකාවේ පමණක් නොව වෙනත් රටවල මල් වවන්නන් අතර ද ඉතා ජනප‍්‍රිය වූ මල් විශේෂයකි.

ඔවුන් එයට “රාති‍්‍රයේ රාජිනිය”(Queen of the Night) යන විරුදාවලිය ඇත්තේ කඩුපුල් මලෙහි ඇති සුන්දර බව නිසාම විය යුතුය.

මුල් කාලයේ Phyllocactus ලෙසත් දැනට Epiphyllum ලෙසත් හඳුන්වන මෙම ගණයට අයත් කඩුපුල් විශේෂ දහනවයක් පමණ හඳුනාගෙන තිබේ.

ඊට අමතරව මුහුන්කරණ ක‍්‍රම මඟින් මල් වවන්නන් විසින් නව විශේෂ ගණනාවක්ම ව්‍යාප්ත කර ඇත්තේය.

සාමාන්‍යයෙන් සෑම කඩුපුල් විශේෂයක්ම පාහේ සුදු පැහැති මල් දරයි. මුහුන්කරණයෙන් ලබාගත් විශේෂවල දම්, රතු, රෝස සහ තැඹිලි වැනි දීප්තිමත් වර්ණ සහිත මල් හට ගනී.

එහෙත් රැයේ පිපෙන අපේ සුදෝසුදු කඩුපුල් මලින් මතුවන චමත්කාරය ඒ වර්ණවත් මල් තුළින් දැකීමට හැකිවෙතැයි සිතිය නොහැකිය.

Cactacae පවුලට අයත් කඩුපුල් පතොක් වර්ගයක් මෙන්ම උඩවැඩියාවක් ද වේ. පතොක් ශාක සාමාන්‍යයෙන් රළු පොළව මත වැඩෙන්නට සකස් වූ තියුණු කටු සහිත ශාක වේ.

නමුත් පරිණාමයේ ඉහළට නැඟ සිටින කඩුපුල්වල කටු නැතිවී ගොස් ඇත. එය බිම වැඩෙනවා වෙනුවට අපිශාකයක් ලෙස ගස්මත ජීවත්වීමට සකස්වී තිබේ.

මුහුන්කරණයෙන් ලබාගත් ඒවා හැරුණු විට කඩුපුල් ගණයට අයත් සෑම මලක්ම පාහේ හවසට පිපී උදෑසන මිලිනවී යයි.

හෙත් මැක්සිකෝවේ මුහුදු මට්ටමින් මීටර 2200 ක පමණ උසින් යුත් ශීත කඳුකරවල වැඩෙන Epiphyllum විශේෂයේ මල් පිපෙන්නේ දහවල් කාලයේදී ය.

වඩා සිසිල් වූත් ආලෝකය අඩුවූත් පරිසරය මෙම මල් පිපීමට හේතුවූවා විය හැකිය.

අපේ රටේ ඇති කඩුපුල් විශේෂ ගැන ලියැවුණු විද්‍යාත්මක ලේඛන සොයාගැනීම උගහට වුවත් එකිනෙකට වෙනස් වූ මල් දරණ කඩුපුල් විශේෂ කිහිපයක් ඇති බැව් පෙනේ. ඒවායින් විශේෂ දෙකක් වඩාත් ප‍්‍රකටය.

එයින් එකක් මෙහි ඡායාරූපවලින් දැක්වෙන පළලින් වැඩි මල් පෙති සහිත Epiphyllum oxypetalum ලෙස හැඳින්විය හැකි විශේෂයයි.

එම මල්වල පෙති කැපී පෙනෙන ඒවා වන අතර අනෙක් ආකාරවලට වඩා දිගින් අඩු පළලින් වැඩි ඒවා වේ. රේණු එතරම් ඉහළට නොවැඩෙන අතර එක් පසකට බරව පිහිටයි. කලංකය ප‍්‍රකටව වැඩී අතු බෙදී ඇති අතර සුදු පැහැයෙන් යුක්ත වේ.

අනිත් බහුල කඩුපුල් විශේෂයේ මල් පෙති සිහින් දිගටි ඒවාය. රේණු දිගටි වන අතර ඒවා කලංකය වටාම විසිරී පවතී. කලංකය තරමක් කහ පැහැයට හුරුවේ. මෙම කඩුපුල් විශේෂය Epiphyllum cartigensis විශේෂයට සමානකම් දක්වන්නකි.

කඩුපුල් ශාකයේ ප‍්‍රාථමික කඳ සෙ.මී.2ක පමණ විශ්කම්භය සහිත දළ වශයෙන් පත‍්‍ර (ස්කන්ධාහ) පැතලි වී ගිය ඒවාය. එක් පත‍්‍රයක් සෙ:මී: 8- 10 ක් පමණ පළල වන අතර මීටරයක් පමණ දිගින් වැඩේ.

පත‍්‍ර ආරුක්කු වැනි රැලි සහිත දාරවලින් යුක්තවන අතර කෙළවර සිහින් වේ. ළපටි පත‍්‍ර කොළ පැහැතිය.

හිරු රශ්මියට ලක්වූ වැඩුණු පත‍්‍ර රෝස දුඹුරු පැහැයක් ගනී. බිම සිටවූ විටක ආධාරකයක උපකාරක ඇතිව මීටර දෙක තුනක උසට වැඩෙන අතර ගසක් මත සිටවූ විට පත‍්‍ර පහළට කඩා හැළේ.

සෞම්‍ය කාලාපික රටවල් වල ඇති කඩුපුල් ශාකවල මල් පිපෙන්නේ ගිම්හාන කාලයේදීය.

ශ‍්‍රී ලංකාවේ බොහෝවිට වෙසක් මාසය තුළදී මල් පිපීම සිදුවෙතැයි කීවත් පසුගිය මාස දෙක තුන තුළදී ලංකාවේ ප‍්‍රදේශ බොහොමයක කඩුපුල් මල් පිපී තිබූ බව දැනගන්නට ලැබිණි.

පසුගිය සතිය තුළදී ද මහනුවර ප‍්‍රදේශයේ ස්ථාන දෙකකදී ඉහත විශේෂ දෙකකටම අයත් කඩුපුල් ශාකවල මල් පිපී තිබෙනු අපට නිරීක්ෂණය කළ හැකිවිය.

කඩුපුල් මල්වල මල් හටගන්නේ පත‍්‍ර දාරයේ නැමුම් අතරය. කුඩා අංකුරයක් ලෙස ඇරැඹෙන කැකුළු වැඩෙන විට කෙටි නටුවක් ඇති නයිපෙනයක හැඩය ගනී. හොඳින් වැඩෙන විට කැකුළුවල නටුවේත් මල වටාත් රෝස පැහැයට හුරු ශල්ක දැකිය හැකියි.

කඩුපුල් මලක පෙති විහිදීම රාති‍්‍ර කාලයේ දැකිය හැකි චමත්කාරජනක දසුනකි. ක‍්‍රමයෙන් අඳුරු වැටෙත්ම පිටතින්ම ඇති රෝස පැහැති මනිපත‍්‍ර විහිදී මල් පෙති නිරාවරණය වන්නට පටන්ගනී. පසුව පිටත සිට ඇතුළු දෙසට පෙති විහිදීම ඇරැඹේ.

රාති‍්‍ර 10 පමණ වන විට පෙති සියල්ල විහිදී රේණු ද කලංකය ද නිරාවරණය වේ.

මෙවැනි හොඳින් පිපුණු මල් ගණනාවක් අතු අග ලෙළ දෙන විට මතුවන්නේ අමුතුම චමත්කාරයකි. එහෙත් කාලය ගත වෙත්ම, මල්පෙති ක‍්‍රමයෙන් හැකිළී උදෑසන වන විට ඒ සියල්ල පරවයයි. ඉතා සුළුකාලයක් පිපී පැවැතියත් කඩුපුල් මිහිරි සුවඳින් යුතු මලකි.

මෙම සුගන්ධවත් ද්‍රව්‍යයෙහි මීතයිල් සැලිසිලේට් අඩංගු යැයි සැලකේ.

කඩුපුල් ශාකයට Epiphyllum යන ගණ නාමය දී ඇත්තේ පත‍්‍ර මත මල් හට ගැනීම පදනම් කොටගෙනය. oxypetalum යන විශේෂ නාමය භාවිතා කරන්නේ අනෙකුත් කඩුපුල් විශේෂයන්ට වඩා මෙහි මල් පෙති පැහැදිලිව කැපීපෙනෙන ඒවා නිසාය.

අපේ බසින් ඊට කඩුපුල් යන නාමය භාවිතා කිරීම පිළිබඳව මත කිහිපයකි. කඩුවක හැඩය ගත් පත‍්‍ර ඇති බැවින් හා මානෙල් (උපුල්) මල් වැනි පුෂ්ප හට ගන්නා බැවින් කඩු + උපුල්, කඩුපුල් වූවා යැයි ඇතැමෙකුගේ මතයයි.

තවත් විටෙක කඩා වෙන් කළ හෙවත් කැඩූ උපුල් යන අරුත ඇතිව කැඩු+උපුල්, කඩ+උපුල් අවසානයේ කඩුපුල් ලෙස හැඳුන්වූවා යැයි තවත් මතයකි. මේ අදහසට පසුබිම් වූ ලස්සන කථාන්දරයක් ද ඇත.

එකෝමත් එක රටක සුරංගනාවන් වාසය කළ වනාන්තරයක් තිබුණේය. එහි මල්ගොමුවලින් වටවූ විලක් තිබූ අතර සඳ පායන රාති‍්‍ර කාලවලදී ගී ගයමින් මේ විල වටා නැටීම සුරංගනාවන්ගේ පුරුද්දක් වීය.

දිනක් සුරංගනාවන් විල වටා නටමින් සිටියදී භාවනාවට සුදුසු තැනක් සොයමින් යන තවුසකු එහි පැමිණියේය. තවුසා දුටු සැණින් සුරංගනාවන් වහා විලට බැස මානෙල් මල් බවට පත්වී සැඟවුණහ. මේ නොදත් තවුසා විල අසලවූ ගසක් මුල හිඳ භාවනාව ඇරැඹීය.

සුරංගනාවන් නොඉවසිල්ලෙන් බලා සිටියේ තවුසා එතැනින් ඉවත්වන තුරුය. නමුත් තවුසා පසුදා පහන් වන තුරුත් එදින රෑ වනතුරුත් දිගින් දිගටම භාවනාවේ යෙදුණේය.

සුරංගනාවෝ සීතලෙන් මිරිකෙමින් විලෙහි කොටුවී සිටියහ.

රාති‍්‍රය උදාවී යළිත් සඳරැස් විල් ජල තලය මත වැටෙත්ම සුරංගනාවන්ට තවදුරටත් විලෙහි හිඳීම අසීරු විය.

ඔවුහු සෙමෙන් සෙමෙන් ගොඩට අවුත් තාපසයාට නොදැනෙන පරිදි හඬ නොනඟා නටන්නට වූහ. නමුත් විල්තෙර මත ඔවුන්ගේ පා ගැටෙන සිහින් හඩින් තවුසාගේ දැහැණ බිඳිණි.

අමනාපයට පත් තවුසා යළිත් මිදී නොයන පරිදි සුරංගනාවන් එම විලෙහි මානෙල් බවට පත් කළේය. මේ දුටු වනයට අධිපති දෙවියෝ මේ පුංචි සුරංගනාවන්ට වූ විපත ගැන කම්පා වූහ. එහෙත් ඔහුට එම ශාපයෙන් සුරංගනාවන් ගලවා ගැනීමට හැකියාවක් නොවීය.

එහෙත් ඔවුන්ට මඳ හෝ සහනයක් සලසනු පිණිස දෙවියෝ මානෙල් මල් ජලයෙන් වෙන් කර අසල වූ ගසක අතු අග තැනින් තැන ඇළවූහ. අදත් සඳ ඇති රාති‍්‍ර කාලවලදී “කැඩූ උපුල්” ලෙසින් සුවඳ විහිදුවමින් අතු අග රඟදෙන්නේ මේ පුංචි සුරංගනාවන්ය.

මුනිදාස වංශපුර

ysre wjrg hoa§ WoEik msms u,a flfuka ñ,sk ù .sho f.ñÿf,ys fukau ;=re jÿÆj, o ú,a c, ;,h u; o oyil=;a u,a yskefykakg mgka .kS'

? ukd,shka n÷ /fha msfmk fï mshlre u,a w;ßka lvqmq,a u,g ,efnkafka iqúfYaIS ia:dkhls'

th fl;rï ukyr mqIamhlao h;a msfmk iufha kd f,dúka kd.hka fuysjq;a lvqmq,a fk

lvqmq,a u,a ms

lvqmq,a Y‍%S ,xldfõ muKla fkdj fjk;a rgj, u,a jjkakka w;r o b;d ckm‍%sh jQ u,a úfYaIhls'

Tjqka thg “rd;s‍%fha rdðksh”^Queen of the Night& hk úreodj,sh we;af;a lvqmq,a uf,ys we;s iqkaor nj ksidu úh hq;=h'

uq,a ld,fha Phyllocactus f,i;a oekg Epiphyllum f,i;a y÷kajk fuu .Khg wh;a lvqmq,a úfYaI oykjhla muK y÷kdf.k ;sfí'

Bg wu;rj uqyqkalrK C%u uÛska u,a jjkakka úiska kj úfYaI .Kkdjlau jHdma; lr we;af;ah'

idudkHfhka iEu lvqmq,a úfYaIhlau mdfya iqÿ meye;s u,a orhs' uqyqkalrKfhka ,nd.;a úfYaIj, oï" r;=" frdai iy ;eô,s jeks §ma;su;a j¾K iys; u,a yg .kS'

tfy;a /fha msfmk wfma iqfodaiqÿ lvqmq,a u,ska u;=jk pu;aldrh ta j¾Kj;a u,a ;=

Cactacae mjq,g wh;a lvqmq,a mf;dla j¾.hla fukau Wvjeähdjla o fõ' mf;dla Ydl idudkHfhka r¿ fmd

kuq;a mßKdufha by

uqyqkalrKfhka ,nd.;a tajd yereKq úg lvqmq,a .Khg wh;a iEu u,lau mdfya yjig msmS WoEik ñ,skù hhs'

fy;a uelaisfldafõ uqyqÿ uÜgñka ógr 2200 l muK Wiska hq;a YS; l÷lrj, jefvk Epiphyllum úfYaIfha u,a msfmkafka oyj,a ld,fha§ h'

jvd isis,a jQ;a wdf,dalh wvqjQ;a mßirh fuu u,a msmSug fya;=jQjd úh yelsh'

wfma rfÜ we;s lvqmq,a úfYaI .ek ,shejqKq úoHd;aul f,aLk fidhd.ekSu W.yg jqj;a tlsfklg fjkia jQ u,a orK lvqmq,a úfYaI lsysmhla we;s neõ fmfka' tajdhska úfYaI folla jvd;a m‍%lgh'

thska tlla fuys PdhdrEmj,ska oelafjk m<,ska jeä u,a fm;s iys; Epiphyllum oxypetalum f,i ye¢kaúh yels úfYaIhhs'

tu u,aj, fm;s lemS fmfkk tajd jk w;r wfkla wdldrj,g jvd È.ska wvq m<,ska jeä tajd fõ' f¾Kq t;rï by

wks;a nyq, lvqmq,a úfYaIfha u,a fm;s isyska È.á tajdh' f¾Kq È.á jk w;r tajd l,xlh jgdu úisÍ mj;S' l,xlh ;rula ly meyehg yqrefõ' fuu lvqmq,a úfYaIh Epiphyllum cartigensis úfYaIhg iudklï olajkakls'

lvqmq,a Ydlfha m‍%d:ñl l| fi'ó'2l muK úYalïNh iys; o< jYfhka m;‍% ^ialkaOdy& me;,s ù .sh tajdh' tla m;‍%hla fi•ó• 8) 10 la muK m<, jk w;r ógrhla muK È.ska jefâ'

m;‍% wdrelal= jeks /,s iys; odrj,ska hqla;jk w;r fl

ysre rYañhg ,lajQ jevqKq m;‍% frdai ÿUqre meyehla .kS' ìu isgjQ úgl wdOdrlhl Wmldrl we;sj ógr fol ;=kl Wig jefvk w;r .ila u; isgjQ úg m;‍% my

fi!uH ld,dmsl rgj,a j, we;s lvqmq,a Ydlj, u,a msfmkafka .sïydk ld,fha§h'

Y‍%S ,xldfõ fndfydaúg fjila udih ;=<§ u,a msmSu isÿfj;ehs lSj;a miq.sh udi fol ;=k ;=<§ ,xldfõ m‍%foaY fndfyduhl lvqmq,a u,a msmS ;snQ nj oek.kakg ,eìKs'

miq.sh i;sh ;=<§ o uykqjr m‍%foaYfha ia:dk foll§ by; úfYaI follgu wh;a lvqmq,a Ydlj, u,a msmS ;sfnkq wmg ksÍlaIKh l< yelsúh'

lvqmq,a u,aj, u,a yg.kafka m;‍% odrfha keuqï w;rh' l=vd wxl=rhla f,i we/fUk lel=¿ jefvk úg flá kgqjla we;s khsfmkhl yevh .kS' fyd¢ka jefvk úg lel=¿j, kgqfõ;a u, jgd;a frdai meyehg yqre Y,al oelsh yelshs'

lvqmq,a u,l fm;s úys§u rd;s‍% ld,fha oelsh yels pu;aldrckl oiqkls' C%ufhka w÷re jefg;au msg;skau we;s frdai meye;s uksm;‍% úys§ u,a fm;s ksrdjrKh jkakg mgka.kS' miqj msg; isg we;=¿ foig fm;s úys§u we/fò'

rd;s‍% 10 muK jk úg fm;s ish,a, úys§ f¾Kq o l,xlh o ksrdjrKh fõ'

fujeks fyd¢ka msmqKq u,a .Kkdjla w;= w. f,< fok úg u;=jkafka wuq;=u pu;aldrhls' tfy;a ld,h .; fj;au" u,afm;s C%ufhka yels

fuu iq.kaOj;a o%jHfhys ó;hs,a ie,sisf,aÜ wvx.= hehs ie,fla'

lvqmq,a Ydlhg Epiphyllum hk .K kduh § we;af;a m;‍% u; u,a yg .ekSu mokï fldgf.kh' oxypetalum hk úfYaI kduh Ndú;d lrkafka wfkl=;a lvqmq,a úfYaIhkag jvd fuys u,a fm;s meyeÈ,sj lemSfmfkk tajd ksidh'

wfma niska Bg lvqmq,a hk kduh Ndú;d lsÍu ms

;j;a úfgl lvd fjka l< fyj;a levQ Wmq,a hk wre; we;sj levq¤Wmq,a" lv¤Wmq,a wjidkfha lvqmq,a f,i ye÷kajQjd hehs ;j;a u;hls' fï woyig miqìï jQ ,iaik l:dkaorhla o we;'

tfldau;a tl rgl iqrx.kdjka jdih l< jkdka;rhla ;snqfKah' tys u,af.duqj,ska jgjQ ú,la ;snQ w;r i| mdhk rd;s‍% ld,j,§ .S .hñka fï ú, jgd keàu iqrx.kdjkaf.a mqreoaola ùh'

Èkla iqrx.kdjka ú, jgd kgñka isáh§ Ndjkdjg iqÿiq ;ekla fidhñka hk ;jqil= tys meñKsfhah' ;jqid ÿgq ieKska iqrx.kdjka jyd ú,g nei udfk,a u,a njg m;aù ieÛjqKy' fï fkdo;a ;jqid ú, wi,jQ .ila uq, ys| Ndjkdj we/öh'

iqrx.kdjka fkdbjis,af,ka n,d isáfha ;jqid t;ekska bj;ajk ;=reh' kuq;a ;jqid miqod myka jk ;=re;a tÈk ? jk;=re;a È.ska È.gu Ndjkdfõ fhÿfKah'

iqrx.kdfjda iS;f,ka ñßflñka úf,ys fldgqù isáhy'

rd;s‍%h Wodù h

Tjqyq fifuka fifuka f.dvg wjq;a ;dmihdg fkdoefkk mßÈ yඬ fkdkÛd kgkakg jQy' kuq;a ú,af;r u; Tjqkaf.a md .efgk isyska yäka ;jqidf.a oeyeK ì¢Ks'

wukdmhg m;a ;jqid h

tfy;a Tjqkag u| fyda iykhla i,ikq msKsi foúfhda udfk,a u,a c,fhka fjka lr wi, jQ .il w;= w. ;ekska ;ek we

uqksodi jxYmqr