Kalu Kuruminiya කළු කුරුමිණියා

 

කළු කුරුමිණියා ශී‍්‍ර ලංකාවේ පොල් වගා කරන සෑම ප‍්‍රදේශයක ම දැකිය හැකි ප‍්‍රධාන පළිබෝධකයෙකි. මේ කුරුමිණියා පොල් වගාවේ සෑම වයස් කණ්ඩායකම ඇති ගස්වලට හානි කරනු ලැබේ. මේ හානිය පොල් වගාවේ ප‍්‍රධාන වයස් කාණ්ඩ 2 ක් අනුව කතා කළ හැකිය.

1. පොල් පැළ සහ නොමේරු ගස්

2. වැඩුණු ගස්

 

වැඩුණු ගස් සඳහා සිදු කරනු ලබන හානිය මාරාන්තික හා දරුණු හානියක් නොවේ. මෙහිදී සිදුවන්නේ වැඩුණු කුරුමිණියා පොල් ගසේ ගොබය පාමුල හාරාගෙන ඇතුළට ගමන් කර, ගොබයේ පටක ආහාරයට ගැනීමකි. මෙසේ හානියට පත්වූ පොල් අතු විවෘත වූ විට කතුරකින් කපා ගත් මෝස්තර වැනි ලක්‍ෂණ තැනින් තැන දක්නට ලැබේ. එම නිසා ගසේ ආහාර නිෂ්පාදනය වන ක්ෂේත‍්‍ර ඵලය අඩුවී පොල් අස්වැන්නට බලපෑමක් ඇතිවීම පමණක් සිදුවේ.එහෙත් පොල් පැළ හෝ නොමේරූ ගස්වලට මෙලෙස කළු කුරුමිණියා හානි කළ විට පොල් පැළවල වර්ධනය බාල වන අතර, ඇතැම් විට විකෘති පැළ සහ නැමී වක් වූ ගොබ සහිත පැළ ද ඇතිවේ. කුඩා පැළවල අග‍්‍රස්ථ අංකුරයට හානි කිරීම නිසා පැළය මිය යාමටද භාජනය වේ. එම නිසා පැළ සහ නොමේරූ පොල් ගස් කලු කුරුමිණියාගෙන් ආරක්‍ෂා කිරීම ඉතා වැදගත් වේ.මේ කුරුමිණියාගේ වැඩුණු සත්ත්වයා වගාවට හානි කරන අතර, එම කුරුමිණියා දින 90ක් පමණ ජීවත් වේ. වැඩුණු කුරුමිණියා කළු පැහැ වන අතර, දිගින් මි.මි. 30 - 40 පමණ වේ. කුරුමිණියාගේ හිසෙහි පිටුපසට නෙරාගිය වක්වූ අඟක් වැනි ආවේණික ව්‍යුහයක් පවතින නිසා හඳුනා ගැනීම පහසු යි.පළිබෝධකයා මර්දනය කිරීම ක‍්‍රම කිහිපයකට සිදුකළ හැකිය. ඉන් ප‍්‍රධාන වන්නේ කළු කුරුමිණි ගහනය පාලනය කිරීමයි. මෙහිදී වැදගත් වන්නේ කළු කුරුමිණියා ක්ෂේත‍්‍රයෙන් සම්පූර්ණයෙන් ම ඉවත් කිරීම නොව, ආර්ථික හානිදායක මට්ටමට පහළින් ගහනය පවත්වාගෙන යාමයි.1. මේ සම්බන්ධයෙන් කළු කුරුමිණියා බෝවන ස්ථාන ක්ෂේත‍්‍රයෙන් ඉවත් කිරීම හෝ විනාශ කිරීම වැදගත් වේ.මේ කුරුමිණියන් බෝවන්නේ දිරා යන පොල් මුල්, කඳන්, ගොම ගොඩවල්, කොහුබත් ගොඩවල්, පොල් පරාල රහිත ස්ථානවල ඇති පොල් ලී කුඩුවලයි. මෙහි කුරුමිණියන් බිත්තර දමන අතර, එම බිත්තර පිපිරි එළියට පැමිණෙන සුදු පැහැති කීටයන් කාබනික ද්‍රව්‍ය ආහාරයට ගෙන, වර්ධනය වේ. ඔවුන් පසුව පිලා අවධියට පත්වී සුහුඹුලන් ලෙස ක්ෂේත‍්‍රයට පිටව යයි.එම නිසා කළු කුරුමිණියා බෝවන ස්ථාන විනාශ කිරීම හෝ ක්ෂේත‍්‍රයෙන් ඉවත් කිරීම සිදු කළ යුතුයි. ගොම, කොහුබත් ආදිය පොහොරක් ලෙස යොදන්නේ නම් පස සමඟ කලවම් කර යෙදිය යුතුයි. එමගින් කළු කුරුමිණි ගහනය පාලනය කළ හැකියි.2. කළු කුරුමිණියා පලවා හැරීමට  විකර්ශකයක් ලෙස දැවි එන්ජින් තෙල්, පොල් අතු හා කඳ මතුපිට ආලේප කළ හැකිය. මෙහිදී වැදගත් වන්නේ භ®මිතෙල් කලවම් නොවූූ දැවි තෙල් සපයා ගැනීම සහ ආලේප කිරීමේදී ගොබය තුළට නොයන ලෙස ආලේප කිරීමයි. මෙය මාසයකට වරක් පමණ කළ යුතුයි.3. මෙයට අමතරව විකර්ශකයක් ලෙස කපුරු බෝල 5 - 6 පමණ එක පැළයක පිති අතර යෙදිය හැකියි. මෙය මාස 1 1/2 වරක් කළ යුතුයි.4. නිරන්තර පැළ පරීක්‍ෂාව මගින් කුරුමිණියා හානි කර ඇති පැළයක් දුටු විට, එම හානි කර ඇති සිදුර තුළට කුරුමිණි කටුවක් භාවිතයෙන් කුරුමිණියන් ඉවත් කළ හැකිය.5. අධික කුරුමිණි හානියක් ඇති විට සංස්ථානික පළිබෝධ නාශකයක් වන 3% කාබෝෆියුරාන් (කුරේටර් කැට) කුඩා පැළ සඳහා 15ඨ සහ පැළ ගස් සඳහ 30 (ගිනි පෙට්ටි පියන් පිළිවෙළින් 2 සහ 3) ඊට සමාන ප‍්‍රමාණයක් වැලි එකතු කර ගොබය වටා ඇති පිතිවල කරු තුළට දැමීම. මෙය මසකට වරක් කළ යුතුයි.6. ජෛව විද්‍යාත්මක පළිබෝධ පාලන ක‍්‍රමයක් ලෙස මෙටරයිසියම් දිලීීරය භාවිතා කළ හැකිය. මෙය කළ හැක්කේ බඩ ඉරිඟු මත වගා කර ගත් මෙටරයිසියම් දිලීරය කළු කුරුමිණි බිත්තර දමා බෝවෙන ස්ථානවලට එකතු කිරීම මගිනි. එහිදී එම දිලීරය කුරුමිණියන්ට ආසාදනය වී, කුරුමිණි කීටයන් මිය යාමට සැලැස්වීම කළ හැකිය. මේ පිළිබඳ වැඩිදුර පර්යේෂණ පොල් පර්යේෂණ ආයතනය විසින් කරගෙන යනු ලැබේ.මේ පළිබෝධකයා එක් මර්දන ක‍්‍රමයක් පමණක් යොදා ගෙන මර්දනය කිරීම අපහසු අතර සියලු මර්දන ක‍්‍රමවල සංකලනයක්, එනම් ඒකාබද්ධ මර්දන ක‍්‍රමයක් යොදා ගැනීම අත්‍යවශ්‍ය වේ. එමගින් විශේෂයෙන් පැළ වගාව කළු කුරුමිණියාගෙන් ආරක්‍ෂා කර ගත හැකියි.