Kaneeshan Mal Wagawa කානේෂන් මල් වගාව

 

කඳුකර ප්‍රදේශයේ කැපූ මලක්‌ වශයෙන් වගා කරනු ලබන කානේෂන් ශ්‍රී ලංකාවේ කැපූ මල් වගා කර්මාන්තයෙහි ප්‍රධාන තැනක්‌ ගනී. ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලැබූ කැපූ මල් අතුරින් 85% කට වැඩි ප්‍රමාණයක්‌ කානේෂන් මල් වේ.

* දේශගුණය

ශ්‍රී ලංකාවේ උස්‌ කඳුකර ප්‍රදේශයන්හි කානේෂන් වගා කළ හැක. සාමාන්‍යයෙන් මුහුදු මට්‌ටමේ සිට මීටර් 100 ට (අඩි 3000) ට වඩා උස්‌ ප්‍රදේශ මේ සඳහා සුදුසුය. කානේෂන් වගාවට අවශ්‍ය වන ප්‍රධාන සාධකය වන්නේ උෂ්ණත්වයයි. මල් පැළ වර්ධන වේගය මලක හැඩය හා ප්‍රමාණය සහ මල් කල්තබා ගැනීමේ හැකියාව එය වගා කරන ප්‍රදේශයේ උෂ්ණත්වය මත ර¹පවතී. සාමාන්‍ය රාත්‍රි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 13 ක්‌ හා දහවල් උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 24 - 26 ප්‍රමාණයක්‌ ප්‍රශස්‌ත උෂ්ණත්වය වශයෙන් සලකනු ලබයි.

කානේෂන් වගා කළ යුත්තේ පොලිතින් ගෘහ තුළ වේ. ගෘහ කවාකාර විය යුතු අතර අවම වශයෙන් මීටර් 3.5 - 4.0 (අඩි 10-12) උස්‌ වන පරිදි ඉදිකර පාරජම්බුල කිරණ වලින් ආරක්‍ෂා කරනු ලැබූ මයික්‍රෝන 200 ප්‍රමාණයේ පොලිතින් වලින් ආවරණය කළ යුතුවේ. මෙම පොලිතීන් ගෘහ වල දිග පැත්ත උතුර දකුණ දිශාව ඔස්‌සේ ඉදිකිරීම මගින් ඒ තුළ ඇති පැළවලට ඒකාකාරී ආලෝක තත්ත්වයක්‌ ලබාදිය හැකි වේ.

* වගා මාධ්‍ය

වගා මාධ්‍යය හොඳින් සැහැල්ලු විය යුතුය. එහි ජලය, වාතය හොඳින් තිබිය යුතුවේ.

වියලි ගොම කොටස්‌ 06

රතු පස්‌ කොටස්‌ 04

ගංගා වැලි කොටස්‌ 03

කොළ පොහොර කොටස්‌ 02

වගා මාධ්‍යය හොඳින් ජීවානුහරණය කළ යුතුවේ.

පාත්ති සැකසීම හා පැළ සිටුවීම

මීටර් 1 ක්‌ පළල හා භූමියෙහි ප්‍රමාණයට දිග සහිත පාත්ති සකසා අඟල් 6 ක්‌ පමණ උස්‌ වන පරිදි උළුකැට වලින් සකසා හොඳින් ජීවානුහරණය කරන ලද වගා මිශ්‍රණය පුරවා සකසා ගත යුතුවේ. මුල් අද්දනවා ගත් අතු කැබලි රෝපණ ද්‍රව්‍ය ලෙස භාවිත කරනු ලැබේ.

* ආධාරක සිටුවීමේ ක්‍රම

පැළ කඩාවැටීම වැළැක්‌වීම සඳහා ආධාරක සිටුවිය යුතුය.

* අග්‍රස්‌ථ ඡේදනය

වැඩිපුර මල් ගැනීම උදෙසා හා මල් හටගැනීම පාලනය කිරීම පිණිස අග්‍රස්‌ථ ඡේදනය යොදා ගනු ලැබේ. අග්‍රස්‌ථ ඡේදනය ක්‍රම කිහිපයක්‌ භාවිත කරනු ලැබේ.

* ඒක ඡේදන ක්‍රමය

පැළ සිටුවා දින 40-50 තුළ අග්‍රස්‌ථයේ සිට පත්‍ර යුගල 5-7 අතර ඡේදනය කරනු ලැබේ. ඉන්පසු අතු 5-6 ක්‌ පමණ හටගනී. මේ මගින් මාස 3 සිට මාස 3 1/2 ක්‌ අතර මල් හටගනී.

* ද්විත්ව ඡේදන ක්‍රමය

පළමු ක්‍රම මෙන් දින 40 - 45 අතර අග්‍රස්‌ථ ඡේදනය හෝ දෙවනුව පැළ සිටුවා දින 8 - 90 අතර එන සියලුම අතුවල පත්‍ර යුගල 5 - 7 ඡේදකර ඉවත් කරනු ලැබේ. මේ මගින් හොඳින් වැඩුනු පැළ ලබාගත හැක.

* පොහොර යෙදීම

කානේෂන් ශාකය බොහෝ ඌනතා රෝග පෙන්වන බැවින් හා එම මූල ද්‍රව්‍ය ඌනතා ලක්‍ෂණ පෙන්වන අවස්‌ථා වන විට එමගින් ඇති විය හැකි හානිය සිදුවී අවසන් බැවින් වහාම ආරම්භයේ සිටම පොහොර යෙදීම කළ යුතුවේ.

ප්‍රචාරණය

අතු කැබලි මගින්

කානේෂන් ප්‍රචාරණය බහුල වශයෙන් අතු කැබලි වලින් සිදු කරනු ලැබේ. මේ මගින් ඉතා පහසුවෙන් හා ඉක්‌මණින් පැළ ලබාගත හැක. අතු කැබලි අඟල් 2 - 3 ප්‍රමාණයට ලබාගෙන හොඳින් ජීවානුහරණය කරන වැලි කොටස්‌ 01 හා කොහු බත් කොටස්‌ 01 මිශ්‍රණයක්‌ අඟල් 1 1/2 පරතරය ඇතිව අඟල් 1/4 ක්‌ ගිල්වා සිටුවීමෙන් දින 28-35 අතරදී මුල් අද්දවා ගත හැක.

* බීජ මගින්

කානේෂන් බීජ සියුම් වන නිසා ගැඹුරින් තවාන් නොකළ යුතුය. කොළ පොහොර කොටස්‌ 01 ක්‌ හා වැලි කොටස්‌ 01 යන මාධ්‍යය මේ සඳහා උචිත වේ.

* රෝග

පියුසාරිම් කුණුවීම

මෙය කානේෂන් වගාවට වැළදෙන දිලීර රෝගයකි. අග්‍රස්‌ථ පත්‍රවල කොළ පැහැය නැතිවී පසුව දුඹුරු පැහැගැන්වේ. පස මගින් බෝවන නිසා පාලනය අපහසු වේ.

එකම භූමියක වසර 5 ක්‌ පමණ දිගට කානේෂන් වගා කිරීම නිසා මෙම රෝගය පැතිරේ. ඒ නිසා පස ජීවාණුහරණය කිරීම ඉතාමත් වැදගත්ය. මෙම රෝගය කාබෙන්ඩසිම් අඩංගු දිලීර මගින් තරමක්‌ පාලනය කළ හැක.

* මලකඩ රෝගය

මෙය දිලීර රෝගයකි. පත්‍ර කඳන් මත දුඹුරු පැහැති ලප ඇතිවේ. පත්‍ර පසුව කහ පැහැගැන්වී මැලවී යයි. සංස්‌ථානික දිලීර මගින් මර්දනය කළ හැක.

* බැක්‌ටීරියා පත්‍ර ලප රෝගය

මෙය බැක්‌ටීරියා මගින් ඇතිවන රෝගයකි. පත්‍ර ඕවලාකාර ගිලුණු දුඹුරු පැහැ ලප ඇති වේ. මේ ලප වටේට ලා පැහැ වන අතර දියර පිරී ඇත. ශාක මත ජලය රැඳීම අඩු කිරීම මගින් රෝගය පාලනය කළ හැක.

* මල් කුණුවීම

මෙයද දිලීර රෝගයකි. පැළ ගෘහ තුළ සාපේක්‌ෂ ආර්ද්‍රතාව වැඩි වන විට මෙම රෝගය බහුලව පැතිරේ. මල් පළමුව කහ පැහැගැන්වී පසුව කුණුවී යයි. මල් පෙති මත අලු පැහැති දිලීර දැකිය හැක.

* කෘමි හානි

රතු මයිටාවන්

බහුලව දැකිය හැකි පළිබෝධ හානිය වේ. උෂ්ණ කාලවලදී බහුලව ආසාදනය වේ. පත්‍ර, මල් වැනි සෑම කොටසකටම වැළඳේ. සල්පර් වැනි මයිටා නාශකයක්‌ යොදා මර්දනය කළ හැක.

* කූඩිත්තන්

ශාක මත සිට යුෂ උරා බොමින් වර්ධනය බාල කරයි. මෙම කෘමීන් මගින් වෛරස්‌ රෝග බෝකරයි. සංස්‌ථානික කෘමි නාශක යොදා මර්දනය කිරීමට හැකිය.

* පත්‍ර කනින්නා හා නෙමඩෝවාන්

පත්‍ර කනින්නා හා නෙමඩෝවාන් ද බහුලව හානි කරයි. මෙම තත්aත්ව පාලනය කිරීම සඳහා සංස්‌ථානික කෘමි නාශක හා නෙමටෝඩ නාශක භාවිත කළ යුතුවේ.

අසමානතා

මනිපත්‍ර පිපිරීම

මෙය බහුලව දැකිය හැක. මල් පිපීමට ප්‍රථම එහි පත්‍ර පිපිරීම මෙහි ලක්‍ෂණ වේ. උෂ්ණත්වය වෙනස්‌ වූ විට මලෙහි ව්‍යුහයෙහි අසමානතා සිදුවේ. මලට රබර් පටි යොදා ආරක්‌ෂා කර ගත හැකිවේ.

මල් නොපිපීම

මලෙහි ව්‍යුහය සම්පූර්ණ නොවීම මෙයට හේතුවේ. මල් හැකිළී මැලවී යයි. පරිසරය අපිරිසිදු වීම නිසා ඇතිවන එතලීන් වායුව මෙයට බහුලව බලපාන බව ජාතික උද්භිද දෙපාර්තමේන්තුව පවසයි. පරිසරය පිරිසිදුව තබාගැනීමෙන් මෙම තත්ත්වය මගහැර ගත හැක.

මල් කැපීම හා ඇසිරීම

මල් කැපීම හා ඇසිරීම විධිමත් පරිදි සිදු කළ යුතුය. මල්වල කල් පැවැත්ම ර¹ පවතින්නේ මේ මත වේ. මල් විවෘත වීමට ප්‍රථම ඇඟිලි වලින් මල සහිත දණ්‌ඩ කැඩීමෙන් මල් වෙන් කර ගනු ලැබේ. වෛරස්‌ රෝග බෝවීම වැළැක්‌වීම පිණිස කතුර හෝ පිහි භාවිත කරනු නොලැබේ. මල් කපාගත් විගස පිරිසිදු ජලයේ ගිල්වා තැබිය යුතුය. හැකි නම් ශීත ගෘහ තුළ තැබීම උචිතවේ. මෙම ජලයට සීනි (ග්‍රෑම් 50 ක්‌ ලී. 1 ට) යෙදීම මගින් මල්වල පැවැත්ම වැඩි කර ගත හැක. ඉන්පසු එක්‌ වර්ණයක මල් 20 ක්‌ පමණ එක මිටියක අඩංගු වන පරිදි ගොනු කර මිටි බඳිනු ලැබේ. මෙහිදී ඇතුළත මල් උසට ගෙන උස අඩු වන අයුරු එය වටා මල් තබා මිටිය සකසනු ලැබේ. ඉන්පසු අවශ්‍ය නම් පෙට්‌ටි තුළ අසුරනු ලැබේ. මේ සඳහා සෙ. මී. 100 * 50 * 15 ප්‍රමාණයේ පෙට්‌ටි සුදුසු බව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව මල් වගාකරුවන්ට උපදෙස්‌ ලබා දෙයි.