Swarna Guru Maniyo ස්වර්ණ ගුරුමෑණියෝ 12-25



Karapincha රසකාරකය කරපිංචා

 

උත්සව සමයේ නෙත, දිව පිනවන , කුස පුරවන ආහාර ඕනෑ තරම්, එහෙත් කරපිංචා ඉත්තකින් රස ගැන්වුණු අපේ ව්‍යාංජනයකින් තරම් රසයක්, ගුණයක් මේ නමින් සුපිරි ආහාර මගින් ලබන්න බැහැ. කරපිංචා ගසක ගැටුණු විට දැනෙන සුවඳ පවා රසබර කෑම පිඟානක් අපෙ මතකයට නංවනවා. ලාංකිකයන්ගේ ප‍්‍රධාන ආහාරය බත් ඒ වාගේම ව්‍යාංජනයක ප‍්‍රධාන කොටස්කරුවකු වන්නේ කරපිංචායි වටිනාකම වැඩි නිසාමදෝ කරපිංචා ඉත්තක් කැඩු පසු එහි නැවුම් බව රැකෙන්නේ කෙටි කාලයයි. මේ නිසා ශීතකරණයෙන් පිටතට ගත් සැනින්ම අවශ්‍ය ප‍්‍රමාණය ගෙන කඩිනමින් ශීත කරණයට දැමිය යුතුයි. කඩදාසි කොළයක ඔතා සිලි බෑගයක දමා ශීතකරණයේ තැබීමෙන් කරපිංචා මිටියක ආයු කාලය යම් තරමකට දිගු කරගත හැකියි. කළු පැහැ වුණු පසු කරපිංචා කොළයක කිසිදු ගුණයක් නැහැ. කරපිංචා ගෙඩිවල මාංසල කොටස කෑමට ගත හැකි නමුත් ඇට නම් සිරුරට විස සහිතයි. කෑමට පි‍්‍රය උපදවන ගුණයක් කරපිංචාවලට ලැබී ඇත්තේ එහි ඇති සුවිශේෂී ගුණය නිසාම විය යුතුයි. කරපිංචා කොළ උදරයේ හා කුඩා බඩවැලෙහි කි‍්‍රයාකාරිත්වය වැඩි දියුණු කරනවා. ආහාර ජීර්ණ යුෂයෙහි ගුණාත්මක භාවය ද වැඩිවෙනවා. කරපිංචා ගත් සැනින්ම සිරුරට එම ප‍්‍රතිඵල ලැබෙනවා. දැකීමෙන් පි‍්‍රයබවක් දැනීම හොඳ කෑම දිරවීමක ප‍්‍රධාන ලක්ෂණයයි.

 

කරපිංචාවල සුළු වශයෙන් මළ බුරුල් කරන ගුණයක් පවතින අතර ආහාර නිසා ඇතිවෙන බොහෝ උදරය ආශි‍්‍රත ගැටලු වලට කරපිංචා ගුණදායකයි. කෙලින්ම ආහාරයට කරපිංචා එක් කිරීමෙන් හෝ ආහාර ගැනීමෙන් හෝ ආහාර ගැනීමෙන් පසු මොරු සමඟ කරපිංචා යුෂ ගැනිමෙන් උදරබාධවලට ගුණයක් ලබාගන්න පුළුවන්. ආහාර අරුචියට, මෝරු, අඹරා ගත් කරපිංචා කොළ, ලුණු හා දුරු කුඩු කෑම අරුචියට, උණ නිසා ඇතිවන රස නොදැනීමට ඉන්දියාවේ බහුලවම භාවිතා කෙරෙනවා. වමනයට, ඔක්කාරයට දෙහියුෂ, මී පැණි සමඟ මිශ‍්‍රකර ගත් කරපිංචා කොළ පල්පයක් මෙන් සාදා ගැනීම ද ජනපි‍්‍රය අත් බෙහෙතක්. ඩයරියා රෝගයෙන් පෙළෙන්නට කරපිංචා කදිම ආහාරයක්දියවැඩියා රෝගීන්ට, ස්ථුලතාවයෙන් පෙළෙන්නන්ට හොඳින් වැඩුණු කරපිංචා කොළ 8 - 10 ක්් පමණ පාප්පයක් මෙන් සාදා හිස් බඩ ගැනීමෙන් සහනයක් ලබා ගත හැකි බව ද ඔප්පු වී තිබෙනවා  වකුගඩු වේදනාවට කරපිංචා ගහේ කදෙහි පොතු, මුල් වියළා කුඩු නර ආහාරයට ගැනීම මගින් වකුගඩු වේදනාව අඩු කර ගන්න පුළුවන්.

 

කෙස් ඉදීමට මෝරු සමග කරපිංචා දිගින් දිගටම ගැනීමෙන් අකලට හිස කෙස් පැසීම වළක්වා ගත හැකිවීම කාන්තාවන්ට ලැබී ඇති වරප‍්‍රසාදයකි. ආහාර රස ගන්වන කරපිංචා සතුව පෝෂක ගණනාවක්ම පවතිනවා. පෙ‍්‍රීටීන, මේදය , කොලෙස්ටරෝල්, කාබෝහයිඩ්‍රේට්, කෙඳි , කැල්සියම් , යකඩ, තඹ, සින්ක්, ක්‍රෝමියම්, මැග්නීසියම්, මැන්ගනීස්, පොස්පරස් පොටෑසියම්, ලුණු, ෆෝලික් අම්ලය, විටමින් , තයමීන්, රිබොෆ්ලෙවින්,නියැසින්, විටමින් සී ඒ අතරින් ප‍්‍රධනයි.

 

බටහිර වෙද මතය විද්‍යාඥයන් සොයා ගෙන ඇති අන්දමට කරපිංචාවල අඩංගු ද්‍රව්‍යවලට පිළිකා සෛල හා සටන් වැදීමේ හැකියාව තිබෙනවා. ක්ෂුද්‍ර පෝෂක, විස නාශක හා කැරොටීන් ලබා ගත හැකි හොඳම මාර්ගයක් ලෙස කරපිංචා ආහාරයට ගැනීම හඳුනවන්න පුළුවන්.