Katuwal Batu කටුවැල්බටු

 

අප රට තුළ වැඩිම ඉල්ලුමක් හා අවශ්‍යතාවයක් ඇති ඖෂධයක් ලෙස කටුවැල්බටු හැඳීන්විය හැක. දේශීය වෛද්‍ය ක‍්‍රමය තුළ හා ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය තුළත් ලෙඩ සුව කිරීමට නැතිවම බැරි ඖෂධයකි. අප රට තුළ කොතරම් පරිභෝජනය සඳහා ගන්නවාද කිවහොත් ආයුර්වේද ඖෂධීය අමුද්‍රව්‍ය අතර පිටරටින් වැඩියෙන්ම ආනයනය කරන ඖෂධය කටුවැල්බටුයි.මේ ශාකයේ උද්භිද විද්‍යා නාමය වූයේ  Cyperus Rotundus යනුවෙනි. කුලය වූයේ කණ්ඨකාරි ය. දෙමළ භාෂාවෙන් තත්තිර් ලෙස හඳුන්වන කටුවැල්බටු ඖෂධයක් ලෙස දීර්ඝ ඉතිහාසයක් ඇත. මෙ ශාකය බටු ගසකට සමාන වන අතර පොළොව බදාගෙන වැඩෙන ශාකයකි. මෙම ඖෂධ ශාකයෙ විශේෂත්වය නම් ඉතා ගැඹුරු ලෙසින් කොටස් බෙදුණු පත‍්‍ර විශේෂයයි. තවද පත‍්‍රවල මෙන්ම ගසේ සැම කොටසකම ඉතා තියුණු කටුවලින් ගහන වී ඇත. කටු කහ පැහැයෙන් යුක්ත වේ. කටුවැල්බටු ශාකයෙ දම් පාටින් යුත් පෙති ඇති මලේ රේණු කහ පාටින් අලංකාර ලෙස දිස්වේ. සෙ. මී. 2 ක් පමණ වන කොළ ගෝලාකාර හැඩයක් ගනියි. මෙහි බීජ හටගන්නා ගෙඩි කොළ පාටින් යුතු වුවත් කාලයත් සමඟ කහපාටට හැරේ. මෙහි ගෙඩිවල බීජ විශාල ප‍්‍රමාණයක් හටගනු ලබයි.

 

අප රටේ පහත රට වියළි ප‍්‍රදෙශවල වැවෙන අතර නිසරු මුඩු සහිත ඉඩම්වල ඉතා සාර්ථකව වැඩේ. විශාල වශයෙන් ඉන්දියාවේ වගා කෙරෙන මෙම ශාකය බීජ මගින් වගා කෙරේ. පැළ සිටවීම හෝ සකස් කරන ලද බ්මිවල ඉසීම තුළින් වගා කළ හැක. මෙහිදී බීජ ඉක්මනින් පැළවීම සඳහා බීජ සෙවල ගතිය යන තුරු හොඳින් සෝදා සිටිය යුතුවේ. බීජ පැළවීමට දින 10 ක් පමණ ගත වන බැවින් වැසි කාලය සුදුසු නැත. මෙහිදී අස්වනු නෙළීමට සුදුසු කාලය වනුයේ කටුවැල්බටු පඳුර හොඳින් වැඩුණු පසු ගසේ සියලුම කොටස් කහ පැහැයක් ගනියි. එම කාලයේ ගස කපා ගැනීම හෝ මුලින් ගලවා ගෙන පවනේ වේලා ගත යුතු වේ. එක් ගසක් වේලීමෙන් පසු ග‍්‍රෑම් 250 ක් පමණ වේ. කටුවැල්බටු ශාකයේ සියලුම කොටස් ඖෂධයක් ලෙස ගනු ලබයි. කැස්ස හතිය හික්කාව සෙම්ප‍්‍රතිශ්‍යාව මෙන්ම උණට ඉතා ගුණ ගෙන දෙයි. පණු රෝග හා මුත‍්‍රා රෝග සඳහාම යෝග්‍ය වේ. දත්් කැක්කුම සඳහා කටුවැල්බටු ඇට කබලේ බැද කුඩු කර භාවිතා කෙරේ. උඳුගොව්වා කෑමට කටුවැල්බටු ඇට අඹරා ගෑම අත් බෙහෙත් ලෙස සිදු කෙරේ. මුත‍්‍රා යෑම අඩු වූ විට කටුවැල්බටු තම්බා බීමෙන් සාර්ථක වේ. රටේ අවශ්‍යතාවය සම්පුර්ණ කර ගැනීම උදෙසාත් දේශීය අදායම වැඩි කර ගැනීම සඳහාත් කටුවැල්බටු වගා කිරීමේ අවශ්‍යතාවය පෙන්වාදීම කාලෝචිත වේ.