Kesel Athuru Boogayak කෙසෙල් අතුරු බෝගයක්

 

පොල් ඉඩම්වල අතුරු බෝග වගාවක් ලෙස කෙසෙල් වගා කිරීම පොල් වගාකරුවන් අතර අනෙකුත් අතුරු බෝගයන්ට සාපේක්ෂව බෙහෙවින් ජනප‍්‍රිය වේ. කෙසෙල් අතුරු බෝගයක් ලෙස වඩාත් ජනප‍්‍රිය වීමට හේතු වන්නේ රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීමේ පහසුව, ඉක්මන් වර්ධනය, හොඳ වෙළෙඳ පොළක් පැවතීම සහ වැඩි ලාභ ඉපයීමේ හැකියාව යි.පොල් පර්යේෂණ ආයතනය විසින් සිදුකරනුලැබූ අත්හදා බැලීමකදී අණාවරණය වී ඇත්තේ කෙසෙල් අතුරු බෝගයක් ලෙස පොල් ඉඩම්වල වගා කිරීම තුළින් පොල් අස්වැන්නේ 20%ක වර්ධනයක් අත් කරගත හැකි බව යි. කෙසෙල් වගාව හේතු කොට ගෙන පොල් ඉඩම්වල පසේ තෙතමනය හොඳින් ආරක්ෂා වන අතර ම පසේ සරු බව ද වැඩි දියුණු වේ. මීට අමතරව කෙසෙල් වගාව හේතුවෙන් පාංශු ඛාදනය ද අඩුකර ගත හැකි ය.

පොල් ඉඩම්වල කෙසෙල් වගාකළ හැකි ප‍්‍රදේශ තෙත් අතරමැදි සහ වියළි කලාපයේ පොල් ඉඩම්වල කෙසෙල් වගා කළ හැකි ය. තෙත් කලාපයේ පොල් ඉඩම්වල  වර්ෂා ජලය මගින් කෙසෙල් වගාව සිදුකළ හැකිය. එහෙත් අතරමැදි හා වියළි කලාපයේ පොල් ඉඩම්වල සිදු කරන කෙසෙල් වගාවලින් වැඩි නිෂ්පාදනයක් අත් කර ගැනීමට නම් ජල සම්පාදනය සිදු කිරීම වැදගත් වේ. පොල් පැළ සිටුවා වසර 5ක් නොයික්මවූ මෙන් ම සිටුවා වසර 30ක් ඉක්මවූ (පොල්ගස් අතර පරතරය අඩි 26    අඩි 26) පොල් වගාවන් කෙසෙල් වගාව සඳහා සුදුසු ය.

සුදුසු ප‍්‍රභේදඇඹුල්, ඇම්බුං සහ ආනමාලු යන ප‍්‍රභේද තෙත් කලාපයේ පොල් ඉඩම්වල වගා කිරීම සඳහා නිර්දේශ කරනු ලබයි. අතර මැදි සහ වියළි කලාපයේ පොල් ඉඩම් සඳහා නිර්දේශ කරනු ලබන්නේ කෝලිකුට්ටු සහ ඇඹුල් යන ප‍්‍රභේදයි. අළු කෙසෙල්, මොන්දම් සහ ඇටවාරු යන වර්ග පිස ආහාරයට ගැනීම සඳහා යොදා ගන්නා ජනප‍්‍රිය කෙසෙල් වර්ග වන අතර, ඒ අතරින් අළු කෙසෙල් නැමැති වර්ගය පමණක් තෙත් කලාපය සඳහා නිර්දේශ නොකෙරේ.

සුදුසු රෝපණ ද්‍රව්‍යකෙසෙල්වල කඩුපත් මොරෙයියන්, කන්‍ය මොරෙයියන් සහ දිය මොරෙයියන් ලෙස මොරෙයියන් වර්ග 3ක් ඇති අතර, ඉන් රෝපණය සඳහා වඩා යෝග්‍ය වන්නො වැඩි වර්ධන වේගයක් සහිත කඩුපත් මොරෙයියන් ය. මීට අමතරව කන්‍ය මොරෙයියන් වර්ගය සිටුවීම සඳහා තරමක් යෝග්‍ය වේ. දිය මොරෙයියන් සිටුවීම සඳහා නිර්දේශ නොකෙරේ.

සිටුවන ක‍්‍රමයශ‍්‍රී ලංකාවේ බොහෝමයක් පොල් ඉඩම්වල ගස් සිටුවා ඇත්තේ අඩි 26    26 සමචතුරශ‍්‍ර ක‍්‍රමයට යි. ඇඹුල් වර්ගය කෝලිකුට්ටු වර්ගයට වඩා විශාල ලෙස වැඩෙන බැවින් ඇඹුල් සිටුවනු ලබන්නේ පොල් පේලි 2 ක් අතර තනි පේලියක් ලෙස ය. මෙහිදී පැළ දෙකක් අතර පරතරය අඩි 8ක් විය යුතුය. නමුත් කෝලිකුට්ටු වර්ගය පේලි 2 ක් අතර පරතරය අඩි 8ක් වන අතර,පේලි තුළ පැළ අතර පරතරය ද අඩි 8ක් විය යුතු ය.පොල් වගාවේ වයස වසර 5 ඉක්මවා එතැන් සිට වයස වසර 24 වන තෙක් කෙසෙල් වගා කිරීම යෝග්‍ය නො වේ.

පැළ සිටුවීමඅඩි 2*2*2 ප‍්‍රමාණයේ වලවල් කැපිය යුතු ය. සිටුවීමට පෙර වලවල් මතුපිට පස් සහ කාබනික පොහොර මිශ‍්‍රණයකින් පිරවිය යුතු ය. ඊට අමතරව මෙම මිශ‍්‍රණයට සැපෝස්පෝස්පේට් 500g  ක් හෝ ඩොලමයිට් 1000g ක් මිශ‍්‍ර කිරීම කළ යුතුය. සාමාන්‍යයෙන් සිටුවීමට පෙර කෙසෙල් පැළයේ පත‍්‍ර කපා දැමීම සිදු කෙරේ. කෙසේ වෙතත් සිටුවීමට පෙර ඉහළ කඳ කොටස කපා දැමීම සුදුසු නො වේ.

පොහොර යෙදීම කෙසෙල්වල නිරෝගී වර්ධනය සඳහා පොහොර යෙදීම ඉතා වැදගත් වේ. පහත සඳහන් පොහොර මිශ‍්‍රණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇතිඅතර එය යෙදීම සිදු කළ යුත්තේ පැළ සිටුවා මාස 2 ක් ගතවූ පසුව ය. සිටුවා මාස 2කට පසුව පළමු පොහොර යෙදීමෙන් පසු සෑම මාස 4කට වරක් මෙම පොහොර මිශ‍්‍රණය පහත දක්වා ඇති ආකාරයට යෙදිය යුතුය. ජල සම්පාදනය සිදුකළ නො හැකි තත්ත්වයක් යටතේ නම් පොහොර යෙදීම සෑම මාස 6ට වරක් කළ යුතු ය.

තෙත් කලාපය  අතර මැද සහ පැළ / ග‍්‍රෑම්        

වියළි කලාපය පැළ /ග‍්‍රෑම්යූරියා        110   120

රොක් පෝස්පේට්       150     -

සාන්ද්‍ර සුපර් පෝස්පේට්     -      80

මියුරියේට් ඔෆ් පොටෑෂ්   190      250

එකතුව         450    450

ජලය යෙදීමවියළි මාස වලදී ජල සම්පාදනය සිදු කරන්නේ නම් කෙසෙල් ඉතා හොඳින් වර්ධනය වේ. තෙත් කලාපයේ නම් ජලය යෙදීමේ අවශ්‍යතාව අවම මට්ටමක පවතී. අතර මැදි කලාපයේ ජලය හි¼ඟ වන අවස්ථාවලදී කොහුබත් වැනි ද්‍රව්‍ය යොදා වසුන් යෙදීම කළ යුතු ය.