Piyasena Guruthuma පියසේන ගුරුතුමා
Hot Kello

Kesel Wagawata Nawa Nirdeshitha කෙසෙල් වගාවට නව නිර්දේශිත

 

කෙසෙල් වගාව සඳහා නව නිර්දේශිත.කෙසෙල් වගාව සඳහා නව කෙසෙල් වර්ග තුනක් නිර්දේශ කර ඇති අතර, ඒවා කණ්ඩුල, පුලතිසි හා ප්‍රසාද් යනුවෙන් හැඳින්වේ. මින් කණ්ඩුල හා පුලතිසි යන වර්ග දෙක දෙමුහුන් වර්ග දෙකක් ලෙස හැඳින්වේ.කණ්ඩුල.මෙම කෙසෙල් වර්ගය පළතුරක් සේම ව්‍යාංජනයක් ලෙසද ආහාරයට ගත හැකි අතර, හොඳින් වැඩුනු කෙසෙල් කැනක් කි.ග්‍රෑ.25-28 පමණ බරකින් යුක්ත වේ. හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 20-25 පමණ අස්වැන්නක් ලබා ගත හැකි මෙම කෙසෙල් වර්ගය සෙ.මී. 20 පමණ දිගකින්ද, ග්‍රෑම් 225 පමණ බරකින්ද යුත්ත වේ.ජල හිඟ තත්වයකට ඔරොත්තුදෙන කෙසෙල් වර්ගයක් වන මෙය, ශක්තිමත් කඳක් සහිත නිසා සුළං වලින් සිදුවන හානිද අවම වේ. සිටුවා දින 200-215 දී ගස පීදෙන අතර, මොරෙයියන් විශාල වශයෙන් නිපදවනු ලබයි. මෙම කෙසෙල් පළතුරක් සඳහා ලබා ගන්නේ නම් කැන හටගෙන දින 110-120 දී ද, ව්‍යාංජනයක් ලෙස ගන්නේ නම් දින 90 දී ද අස්වැන්න නෙලා ගත හැකිය. පුලතිසි.ව්‍යාංජනයක් ලෙස ආහාරයට ගනු ලබන මොන්දන් වර්ගය සඳහා ආදේශකයක් ලෙස මෙම වර්ගය හැඳින්විය හැකිය. නිපදවනු ලබන මොරෙයියන් සංඛ්‍යාව අඩු අතර, ජල හිඟ තත්වයනටද ඔරොත්තු දෙන, සාරවත් බවින් අඩු ඉඩම් වලද හොඳින් වගා කල හැකි කෙසෙල් වර්ගයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. මධ්‍යස්ථ උසකින් යුක්තවන අතර, ශක්තිමත් කඳක් සහිත නිසා සුළඟින් වන හානියටද ඔරොත්තුදේ.සිටුවා දින 210-240 දී පමණ පිදීම සිදුවන මෙහි, කැන හටගෙන මාස 03 දී පමණ අස්වැන්න නෙලා ගත හැකිය. හෙක්ටයාරයට මෙට්‍රික් ටොන් 25 පමණ අස්වැන්න නෙලා ගත හැකි මෙහි, කෙසෙල් ගෙඩියක් ග්‍රෑම් 125 ක පමණ බරකින් යුක්ත අතර, දිග සෙ.මී. 15 පමණ වේ.ප්‍රසාද්.අළු කෙසෙල් වර්ගයක් වන මෙය වියළි මෙන්ම තෙත් කලාපවලට අයත් ප්‍රදේශවල හොඳින් වගාකළ හැකි අතර, මින් විශාල කෙසෙල් කැන් ලබා ගත හැක. කැනක විශාල ඇවරි සංඛ්‍යාවක් හට ගන්නා අතර, කැනක සාමාන්‍ය බර කි.ග්‍රෑ.13-15 පමණ වේ. කෙසෙල් ගෙඩියක් සෙ.මී.15-17 පමණ දිගකින් යුක්ත වන අතර, ග්‍රෑම් 200-215 පමණ බරකින් යුක්ත වේ. හෙක්ටයාරයට මෙට්‍රික් ටොන් 13-14ක පමණ අස්වැන්නක් ලබා ගත හැකි අතර, කැන හට ගෙන දින 70-80 දි අස්වනු නෙලා ගත හැක.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් ඇසුරිනි.