Koomarika කෝමාරිකා

 

ඖෂධ ශාක ලොවේ මිලියන 1 1/2 ක් පමණ වූ ශාක පැළ අතර ලොව විශ්මිත නිර්මාණයක් ලෙස සැලකෙන්නෙ කෝමාරිකා ශාකයයි.ඇලෝවේරා බර්බේඩන්සිස් (ALOEVERE BARBEDENSIS) යන උද්භිද විද්‍යා නාමයෙන් කෝමාරිකා හඳුන්වනු ලබයි. කෝමාරිකා සංස්කෘත භාෂාවෙන් ගිරිතකුමාරි ලෙස ද, දෙමළ භාෂාවෙන් අංගිනි ලෙසින් ද හඳුන්වනු ලබයි.විද්‍යාත්මක දියුණුවත් සමග මිනිසාගේ මතකයෙන් මෙම ශාකයේ වටිනාකම අමතක කර ඇත. එහෙත් ඖෂධ ගුණයෙන් පිරිපුන් කෝමාරිකා පිළිබද පර්යේෂණ කරන බටහිර විද්‍යාඥයින් මෙහි ප‍්‍රතිඵල ලොවට හඳුන්වා දීමට උත්සාහ දරණු ලබයි. අවුරුදු දහස් ගණනක සිට කෝමාරිකා ශාකය ඖෂධයක් ලෙස භාවිත කර ඇත. අප ශරීරයේ වටිනාම කොටසක් වූ ඇස් දෙක තුවාල වූ විට කෝමාරිකා ඉස්ම ගෙන ඇසට දමනු ලබයි. තවද ගින්නෙන් පිච්චීමෙන් ඇතිවන තුවාල සඳහා ඉතා වටිනා ඖෂධයෙකි. කෝමාරිකා ඉස්ම ගෙන ඇල් ජලය සමග මිශ‍්‍රකර සේදීමෙන් ඇස් දෙකට මහත් සහනයෙකි.

 

කෝමාරිකා ඇල් ජලය සමග මිශ‍්‍ර කරනුයේ එහි ඇති අම්ල ගතිය අඩු කිරීම සඳහාය. හොඳින් අඹරා දියකර ගත් කෝමාරිකා ඉස්ම හිස ගල්වා සේදීමෙන් ඉස්හොරි නැතිවී හිසකෙස් ආරක්ෂා වේ.ඵඅවුරුදු දහස් ගණනක් සිට ඇදුම රෝගය සඳහා කෝමාරිකා භාවිතා කර ඇති බව ඇතැම් රටවලින් තොරතුරු ලැබී ඇත. අර්ශස් රෝගය සඳහා ද අත්දුටු බෙහෙතක් වශයෙන් දැනුදු භාවිතා කෙරේ.අමෙරිකානු ආහාර සහ ඖෂධ සංවිධානය (EDA)කෝමාරිකා බෙහෙතක් වශයෙන් නම්කර නැතත් ප‍්‍රථමාධාරයක් ලෙස පිළිගෙන ඇතැයි සඳහන් වේ. තවද කෝමාරිකාවල ඇති ඖෂධ ගුණය හා බලය ශත වර්ෂ ගණනාවක සිට හඳුනා ගත් රටවල් වූ ඊජිප්තුවරු, රෝමන්වරු, ග‍්‍රීක්වරු, මොරොක්කෝවරු හා ටියුනියන්වරු මෙන්ම අරාබිවරුන්ගේ ලිපි ලේඛනවල සඳහන් වී ඇතැයි එම රටවලින් පැවසේ.එයට හොඳ සාධකයක් ලෙස ක්ලියෝ පැට්රා සිය රූමත්කම රැකගෙන ඇත්තේ ඇය නිතර කෝමාරිකා ඖෂධයක් වශයෙන් ආලේප කර රූපලාවන්‍ය සකස් කිරීම තුළින් යැයි අදටත් ඊජිප්තු වැසියන් විශ්වාස කරන බව පැවසේ.කි‍්‍ර. පූර්ව 1500 දී පැසිරස් ඉබස් සිය ලේඛනවල කෝමාරිකා ඖෂධ ගුණය පිළිබඳව අනාගතයේ ශත වර්ෂ ගණනාවක් මේ අයුරින් වට්නාකම තහවුරු වනු ඇතැයි පවසා ඇත. ජර්මනියේ ලයිසිස් සරසවි කෞතුකාගාරයේ මේ වන විටත් එම ලිපි සුරක්ෂිතව ඇතැයි පැවසේ.

 

තවද කි‍්‍රස්තු පූර්ව ආරම්භයේ දී ග‍්‍රීකයේ ජීවත්ව සිට ඇති උද්භිද විද්‍යාඥයෙකු වූ විසුඩිසිරස් පවසා ඇත්තේ ආමාශයේ ඇතිවන ආබාධවලට මෙන්ම තුවාලවලට හා මුඛ රෝගවලට සහනය දෙන ප‍්‍රත්‍යක්ෂ බෙහෙතක් බව ඔහුගේ ලේඛනවල සඳහන් වී ඇත. ලොව සටන්කාමියෙක් වූ මහා ඇලෙක්සැන්ඩර් රජතුමා යුද්ධ කරන රටවල් අල්වා ගැනීමේ දී රජතුමාට උපදෙස් දුන් මහා දාර්ශනිකයා වූ ඇරිස්ටෝටල් අල්ලා ගන්නා ලද දූපත්වල කෝමාරිකා හිටවන ලෙස අවවාද කර ඇතැයි සඳහන් වේ. මේ වන විට පාරම්පරික වෙදකම තුළින් ආතරයිටිස් (දනිස් ඉදිමීම) හා දද කුෂ්ඨ ආදී රෝග සඳහා අත්දුටු ඖෂධයක් ලෙස හඳුන්වා දී ඇත. ආයුර්වේද පර්යේෂණ තුළින් මෙම ශාකයෙ අන්තර්ගත වටිනාකම තහවුරු කර ඇත.මුළු ලොවම ආදරයට පාත‍්‍ර වී ඇති මෙම කෝමාරිකා ශාකය සෑම නිවසකම සිටවීමෙන් එම නිවසේ වෛද්‍යවරයා වනවා නොඅනුමානයි.