Rukshan Jayathilaka

Kota Kibula කොට කිඹුල

දේශීය වෙදකමේ විවිධ වෙදකම් සඳහා යොදා ගන්නා ඖෂධීය ශාකයකි කොට කිඹුල. අත්තික්කා ගෙඩියට බෙහෙවින් සමාන ඵලයක් හට ගන්නා කොට කිඹුල ගසේ පත්‍ර ඝණ ගොරෝසු ස්වභාවයක් ඇත. පත්‍ර වල යට පැත්තේ ඉලිප්පුණු දාර සහිතය. කොට්ටම්බා කොළයට මඳක් කුඩා පත්‍රයක් ඇත. කොට කිඹල ගෙඩියේ ද කෝඳුරුවන් හටගන්නා බව ගැමියන් විශ්වාස කරයි. කඳේ සහ මතුපිට මුල්වල ගෙඩි හටගනී. ගෙඩිය වටා බූව සහිත වේ. සර්ප විෂ වෙදකමේ දී මෙම ශාකයේ විවිධ කොටස් වලින් ගන්නා යුෂ ආලේප කිරීම සිදු කරයි. මෙයින් දෂ්ඨ ස්ථානයේ ඉදිමුම මෙන්ම විෂ අඩුවීමද සිදුවන බව පොතපතේ සඳහන් වේ.

Kota Kibula කොට කිඹුල

Kota Kibula කොට කිඹුල
උපදෙස් -
පාරම්පරික විෂ වෛද්‍යාචාර්ය එච් එම් උක්කුබණ්ඩා මහත්මා ගෙනි.