Maa මෑ

 

 විග්නා අන්ග්විකුලාට - Vigna unguiculata

කුලය - ෆැබේසි

 

ශ්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය එළවළු බෝගයක් ලෙස මෑ හැදින්විය හැක. මෑ වර්ග ඉතා හොදින් වගා කළ හැකි වන්නේ පහත රට තෙත්, අතරමැදි හා වියළි කලාපීය ප්‍රදේශවලය.

 

පස

වැලි ලෝම් පස් වගාව සදහා වඩා සුදුසුය.  පසෙහි තිබිය යුතු යෝග්‍යතම පී.එච්. අගය 5.6 – 7 වේ.  ජල වහනය දුර්වල ස්ථානවල සහ මැටි අධික පස්වල වගා නොකල යුතුය.

 

බිම්  සැකසීම

සෙ.මී. 15-20 පමණ ගැඹුරකට පස පෙරළා කැට පොඩිකර ගන්න.  තද වර්ෂා කාලයන්හි ජලය රදා සිටීමට ඉඩ ඇති ස්ථානවල උස් පාත්ති සකසන්න.  ජල සම්පාදනය යටතේ වගා කරන අවස්ථාවේ‍දී වැටි හා කානු සකසන්න.  පාත්ති නොසාදා සමතලා බිමෙහි වගා කරන්නේ නම්, විශේෂයෙන් මහ කන්නයේදී ඉඩමෙහි ජල වහන කානු සැකසීම වැදගත්ය.

 

නිර්දේශිත ප්‍රභේද

හවරි මෑ                        -           වැලක් ආකාරයට වර්ධනය වේ.  ලා කොළ පැහැති දිගු කරල්   වල අග කෙළවර දම් පැහැතිය.  බීජ කළු පැහැතිය.  දින 60-70          අස්වනු නෙලීම ආරම්භ කළ හැකිය.

 

පොළොන් මෑ              -           වැලක් ආකාරයට වර්ධනය වේ.  තද දිග පැහැති  කරල් වල දම්             පැහැති බීජ වල බීජ ලපය ප්‍රදේශය කළුය.  දින 60-70 දී අස්වනු       නෙලීම ආරම්භ කළ හැකිය.

 

බුෂිටාවෝ (දේශිය)      -           පදුරක් ආකාරයට වර්ධනය වේ.  ලා කොළ පැහැති මධ්‍යම        මාණයේ දිගකින් වූත් කරල් හටගනී.  ක්‍රීම් පැහැති බීජ වල බීජ           ලපය ප්‍රදේශය දුඹුරු පැහැතිය.  දින 45-50දී අස්වැන්න නෙලීම        ආරම්භ කළ හැකිය.

 

බී.එස් 1                        -           පදුරක් ආකාරයට වර්ධනය වන මෙහි කරල් ලා කොළ පාටය.              ක්‍රීම් පැහැති බීජවල දුඹුරු පැහැති පැල්ලම් ඇත.  දින 45-50 දී          අස්වැන්න නෙලීම ආරම්භ කළ හැකිය.

 

සේන                            -           පදුරු ආකාරයට වර්ධනය වන මෙම ප්‍රභේදයේ හටගන්නා        සල කරල් කොළ පැහැතිය.  බීජ ක්‍රීම් පැහැති වන අතර බීජ ලපය     රතු දුඹුරු පැහැතිය.  දින 45-50දී අස්වැන්න් නෙලීම ආරම්භ කළ      හැකිය.

 

පදුරු පොළොන් මෑ      -           පදුරු ආකාරයට වර්ධනය වන මෙම ප්‍රභේදයේ හටගන්නා        මාංසල කරල් කොළ පැහැතිය.  බීජ ක්‍රීම් පැහැති වන අතර බීජ          ලපය  කළු පැහැතිය.  දින 45-50 දී අස්වැන්න නෙලීම ආරම්භ             කළ හැකිය.

 

බීජ අවශ්‍යතාවය

පදුරු ආකාරයේ වර්ග   -           හෙක්ටයාරයකට කි.ග්‍රෑම් 17-20

වැල් ආකාරයේ වර්ග    -           හෙක්ටයාරයකට කි.ග්‍රෑම් 16-20

 

වගා කාලය

වියළි කලාපයේ මහකන්නයේ දී නොවැම්බර් මස අවසාන භාගයේ දී වගාව ආරම්භ කරන්න.  යල් කන්නයේ අහස් දියෙන් වගා කරන්නේ නම් මාර්තු  හෝ අප්‍රේල් හෝ මැයි මාස වලදී වගාව ආරම්භ කළ යුතුය.

 

තෙත් තලා‍පයේ මෙම බෝග වගා කළ යුත්තේ තද වර්ෂා කාලයට පසුවය.

 

පරතරය

පදුරු මෑ වර්ග               -           සෙ.මි. 60-75 x සෙ.මි. 20

වැල් ආකාරයේ මෑ වර්ග           -           සෙ.මි. 90x සෙ.මි. 30-ආධාරක

කෝටු වෙත වැල් වැඩීමට සලසන්න

 

පොහොර යෙදීම

බීජ සිටුවීමට පෙර දිරාපත්වු කාබනික පොහොර යොදා පසට කළවම් කරන්න.  එයට අමතරව පහත සදහන් අන්දමට රසායනික පොහොරද වගාවට ලබා දෙන්න.

 

 

යූරියා

හෙ./ කි.ග්‍රෑම්

ත්‍රිත්ව සුපර්

පොස්පේට්

හෙ./ කි.ග්‍රෑම්

ම්යුරියෙට් ඔෆ්

‍පොටෑෂ්

හෙ./ කි.ග්‍රෑ

මූලික පොහොර

මාසයකට පසු

45

45

135

65

 

 

ජල සම්පදානය

වගාවේ මුල් අවධියේ දී දින 4 පමණ වරක් බැගින් ද, ඉන්පසු සතියකට වරක් බැගින්ද  ජලය සපයන්න.  පසෙහි තෙතමනය වැඩිවීම නිසා පාමුල කුණුවීමේ රෝගය වැළදීමට ඉඩ තිබේ.

 

වල් පැලෑටි පාලනය

සතා 2 සහ 4 දී වගාවේ වල් පැලෑටි ඉවත් කරන්න.

 

කෘමි පාලනය

කිහිප වර්ගයකට අයත් කරල් විදින දළඹුවන්, පත්‍ර කීඩෑවන්, කුඩිත්තන් සහ පිටි මකුණන් නිසා මෑ වර්ග වලට හානි සිදුවිය හැකිය.  දරුණු මට්ටමේ හානියක් පවතින අවස්ථාවලදි පමණක් නිර්දේශිත කෘමිනාශක යොදා එකි කෘමින් පාලනය කිරීමට කටයුතු කරන්න.  කෘමිනාශක යෙදීමට පෙර සුදුසු අවස්ථාවට පත්වී ඇති කරල් නෙලා ගැනීමට කටයුතු කරන්න.  කෘමි නාශක ලේබලයේ සදහන් පෙර අස්වනු කාලය  ගත වීමට පෙර, නැවත අස්වැන්න නෙලීම පාරිබෝගික සෞඛ්‍යයට අහිතකරය.

 

රෝග පාලනය

පාමුල කුණුවීම

පත්‍ර කහ පාට වන අතර රෝගී පැල මැලවී යයි.  කද පාමූල ප්‍රදේශයෙන් දුඹුරු පැහැති දුර්වර්ණවීමක් ඇති වී එය බෝග මාරුව, පසෙහි අධික තෙතමන තත්ත්වයක් ඇති නොවීමට වග බලා ගැනීම හා වැඩිපුර නයිට්‍රිජන් අඩංගු රසායනික පොහොර නොයෙදීම ආදිය කොරෙහි වැඩි අවධානයක් යෙදීමෙන් රෝගය පාලනය කර ගත හැකිය.  රෝගය දරුණු තත්ත්වයට පත්වී ඇත්නම් නිර්දේශිත දිලීර නාශකයකින් පස තෙත් කළ යුතුය.

 

අළු පැහැති කද අංගමාරය

මෙය තෙත් කලාපයේ වගාවන් සදහා බහුල වශයෙන් වැළදිය හැකි රෝගයකි.  රෝගය ඇතිවන්නේ මැක්‍රොෆෝමිනා ෆේසියෝලි නැමැති දිලීර නිසාය.

 

මෙම රෝගය කුඩා පැල වලට මෙන්ම තරමක් වැඩුනු පැල වලටද වැළදිය හැකිය.  මූලික රෝග ලක්ෂණ වශයෙන් අළු දුඹුරු පැහැති ගිල්වුණු ස්වභාවයක් ගන්නා වියළි පැල්ලම් කදෙහි පාදස්ථ ප්‍රදේශයෙහි ඇති වේ.  ශාකය ක්‍රමයෙන් වැඩෙත්ම , මෙම රෝග පැල්ලම් පැලෑටියේ අග්‍රස්ථ ප්‍රදේශයේ දක්වා ක්‍රමයෙන් විශාල වේ.  එවිට ක්‍රම ක්‍රමයෙන් පැලෑටිය මැල වී පසුව මැරී යයි.  රෝගී ගස්වල පත්‍ර කහපාට වී මැරීයාමද සිදුවේ.  රෝගය දරුණු මට්ටමින් පවතින වගාවන්හි විශාල අස්වනු හානියක් ඇති විය හැකිය.

පදුරු පොළොන් මෑ ප්‍රභේදය මෙම රෝගයට හොදින් ඔරෝත්තු දෙන අතර බී.එස්. 1 ප්‍රභේදය එයට විශාල වශයෙන් ‍ගොදුරු වේ.  සේන සහ බුෂිටාවෝ දේශීය ප්‍රභේද මෙම රෝගයට මධ්‍යස්ථ මට්ටමකින් ඔරොත්තු දේ.

පදුරු පොළොන් මෑ ප්‍රභේදය මෙම රෝගයට හොදින් ඔරොත්තු දෙන අතර බී.එස් 1 ප්‍රභේදය එයට විශාල වශයෙන් ගොදුරු වේ.  සේන සහ බුෂිටාවෝ දේශිය ප්‍රභේද මෙම රෝගයට මධ්‍යස්ථ මට්ටමකින් ඔරොත්තු දේ.

වගාවට සති 4 පමණ වයස් වූ විට ටෙබුකොනසෝල් (ෆොලිකර්) දිලීර නාශකය යෙදීමෙන් සාර්ථකව රෝගය පාලනය කරගත හැකිය.

 

අස්වැන්න නෙලීම

පදුරු ආකාරයේ වර්ග වල සෑම දින 3-4 වරක් බැගින් අස්වනු වාර 7-12 පමණ ලබාගත හැකිය.  වැල් ආකාරයේ වර්ග වලින්ද සෑම දින 3-4 වරක් බැගින් අස්වනු වාර 15-16 පමණ ලබාගත හැකිය.

 

අස්වැන්න

පොළොන් සහ හවරි මෑ                       -           හෙක් 1/ මෙ. ටොන් 12

බූෂිටාවෝ දේශිය                     -           හෙක් 1/ මෙග ටොන් 10

බී.එස්. 1 හා සේන                     -           හෙක් 1/ මෙග ටොන් 10

පදුරු පොළොන් මෑ                  -           හෙක් 1/ මෙග  ටොන් 9