Madan මාදං

 

කුඩා දරුවන්ගේ් රසබර පලතුරක් මෙන්ම කුඩා පක්‍ෂීන් ලේනුන්ගේත් රසබර පලතුරකි මාදං. එහෙත් පාරම්පරික වෙදකමේ හා දේශීය වෛද්‍ය විද්‍යාවේ විශේෂ ඖෂධ ශාකයෙකි, මාදං. මෙම ශාකය අපට වැඩි වශයෙන් දැකීමට හැකි වන්නේ වෙල් ආශි‍්‍රතව ජල ආශි‍්‍රත ප‍්‍රදේශවල දීය. විශේෂයෙන් තෙත් ප‍්‍රදේශයේ බහුල වශයෙන් දැකීමට පුළුවන.ලවංග කුලයට අයත්  (MYRTACEAE) වේ. එමෙන්ම Syzygium Cumini Skeels යන උද්භිද විද්‍යාත්මක නමින් හඳුන්වයි. සිංහල භාෂාවෙන් මාදං ලෙසින් හඳුන්වන අතර දෙමළ බසින් ශම්බු නම් වෙයි. සාමාන්‍යයෙන් මීටර් 15 - 30 ක් පමණ උසැති රළු ගතියකින් යුක්ත ඝන පොත්ත අළු පැහැයෙන් යුක්ත වූ මනරම් ගසකි. අණ්ඩාකාර බවකින් හෙබි පත‍්‍ර දීීප්තිමත් ළාකොළ පැහැයෙන් යුක්තවේ. මෙහි පත‍්‍ර පුරාම නාරටි ඇත. මෙම ශාකයේ කුඩා මල් සුදු පාටින් යුක්තව සුවඳවත් වේ. සෙන්ටිමීටර් 1 - 2 තරම් වූ ගෙඩි තද දම්පාටින් යුක්ත ඇතුළත බීජයක් හට ගනියි. ඖෂධයක් සඳහා පොතු කොළ ගෙඩි ඇට භාවිතයට ගැනේ. විවිධ වූ ලෙඩ රෝග සඳහා පාරම්පරික වෙදකම මෙන්ම දේශීය වෛද්‍ය ක‍්‍රමය තුළ මහත් උපකාරී වේ.මාදං ඖෂධය භාවිතා වීමෙන් පිත හා සෙම සමනය වීම, සමේ ඇතිවන රෝග සුව වේ. දැවිල්ල නසයි. රුධිරයේ සීනි වැඩිවීම යථා තත්ත්වයට ගෙන ඒම සිදුවේ. මුත‍්‍රා අමාරුව සුවකරයි. මුඛයේ හටගන්නා තුවාල සඳහා මාදං පොතු තැම්බූ වතුරෙන්් කට සේදීමෙන් සුව වේ.

 

මාදං කුඩා දරුවන් රසවත් පලතුරක් ලෙස භාවිතයට ගැනේ. මෙම ශාකයේ ලීය දැව ලෙස භාවිතයට ගනු ලබයි. මෙම මාදං ශාකය රෝපනය සඳහා බීජ සකස් කර ගැනීමේදී ඉදුණු ගෙඩි සුද්ධ කර සෝදා තවාන් කරනු ලබයි. අවුරුදු 1 1/2 දෙක දක්වා වූ මාදං ගස්වල මල් හටගනු ලබයි. එම මල් කඩා පවනේ වේලා ගැනීමෙන් මල් කල් තබා ගැනීමට හැකි වේ.තවද මාදං ගසට හානියක් නොවන අයුරින් මාදං පොතු ගැලවීම සිදු කළ යුතුවේ. අද ලොව පුරා මුත‍්‍රා අමාරුව (මුත‍්‍රා සමඟ සීනි) පිටවීම සුව කිරීමට හැකි ඖෂධයක් ලෙස මාදං ඉතා ප‍්‍රසිද්ධව ඇත. මේ අයුරින් බලන කල අප බටහිර වෛද්‍ය ක‍්‍රම කෙරෙහි යොමු වී ඇති අප හට කිසිදු රසායනික බෙහෙතක් හෝ යොදා නොමැති මාදං ඖෂධ ශාකය මෙවන් ලෙඩ රෝග සඳහා වැඩි වශයෙන් යොදා ගැනීමට ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍යව පවතින යුගයකි.