Maduru Mardanayata Baktiriyawak මදුරු මර්දනට  බැක්ටීරියාවක්

 

මදුරුවන් මඟින් බෝවන සමහර රෝග මාරාන්තිකයි. මදුරුවන් මැඩීමට අපට ඕනෑතරම් අවකාශ තිබේ. පරිසරය පවිත‍්‍රතාව පිළිබඳව අවධානයෙන් නොසිටීම මදුරුවන් බෝවීමට ඉඩප‍්‍රස්තා උදාකර දෙයි.දිගු කලක සිට කි‍්‍රයාත්මකව පවතින්නා වූ මදුරුවන් මර්දන කි‍්‍රයාවලි සහ ජනතාව දැනුවත් කිරීම නිසා මදුරුවන් නිසා බෝවන බොහෝ රෝග පාලනය කිරීමට හැකිව තිබේ.එසේ වුවද ඩෙංගු රෝගය තවමත් නිසි පරිදි පාලනය කැරගත නොහැකි වී ඇත. වසරක් පාසා සැලකිය යුතු පිරිසක් ඩෙංගු රෝගයෙන් මිය යති.මදුරුවන් පාලනය කිරීම හා මර්දනය කිරීම සඳහා භාවිතා කරන ක‍්‍රම කිහිපයකි. රසායන ද්‍රව්‍ය යෙදීම, පරිසරය පවිත‍්‍ර කිරීම, ජීව පාලනය සහ මේ සියල්ලේම සාමූහික එකතුවක් ලෙසය.කියුබාව, සිංගප්පූරුව, තායිලන්තය යන රටවල මදුරු මර්දනය ජීව පාලන ක‍්‍රම සහ පරිසර පවිත‍්‍රතාව යන ක‍්‍රම භාවිත කළ ද අප රටේ ප‍්‍රධාන වශයෙන් භාවිත කරන්නේ රසායන ද්‍රව්‍ය යෙදීමයි. රසායනික ද්‍රව්‍ය මදුරු නාශක ලෙසට භාවිත කිරීමෙන් අමතර ගැටලු රැසක් මතුවේ. සෞඛ්‍ය ගැටලු පාරිසරික ගැටලු සහ රසායනික ද්‍රව්‍යවලට මදුරුවන්ගේ ඇතිවන ප‍්‍රතිරෝධය නිසා ඇතිවන ගැටලු ඒ අතර වේ.මේ සඳහා මෙතෙක් කලක් භාවිත නොකරන ලද නවතම රසායනික ද්‍රව්‍යයක් වුවද යෙදිය හැකිය. එසේ වුවද ප‍්‍රතිරෝධී මදුරු පරම්පරාව ඇතිවීම මෙවැනි කි‍්‍රයාමාර්ගවලට සමගාමීව දිගින් දිගටම සිදුවිය හැකි නිසා මදුරුවන් පාලනය කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය යෙදීම සාර්ථක ක‍්‍රමයක් නොවේ. හොඳම ක‍්‍රමය ජෛව පාලන ක‍්‍රමයයි.මදුරුවන් පාලනය කිරීම සඳහා ජෛව පාලන ක‍්‍රම යෙදීමෙන් ගොඩ නැඟෙන වාසි රැසකි. රසායන ද්‍රව්‍ය යෙදීමෙන් සිදුවිය හැකි සෞඛ්‍යමය ගැටලු, පාරිසරික ගාටලු ඇති නොවන අතර ජෛව පාලන නිපදවීම සඳහා වැය වන්නේ ද අඩු මුදලකි. එසේම ප‍්‍රතිරෝධී මදුරු විශේෂ ඇති නොවීම ද වාසියකි.

 

මදුරුවන් පාලනය සඳහා හොඳම ජෛව පාලන ක‍්‍රමය බැක්ටීරියා භාවිතයයි. බැසිලස් තරින්ජින්සිස් හා බැසිල් ස්පේරිකස් යන දෙවර්ගය ඒ සඳහා යොදා ගත හැකි බව පර්යේෂණ මඟින් තහවුරු කොට ඇත. මොවුන් මදුරුවන් පාලනය සඳහා පමණක් නොව කෘෂිකාර්මික කටයුතුවලදී හානිකර කෘමීන් පාලනය සඳහා ද යෝග්‍ය බවට හෙළිදරව් කොට ඇත.මදුරු පණුවන් මරා දමන පෙ‍්‍රීටීනයක් මේ බැක්ටීරියා තුළ අන්තර්ගත වේ. මදුරු පණුවාගේ සිරුරට ඇතුළුවන මේ බැක්ටීරියාව පණුවාගේ ආහාර මාර්ගයේ දී කි‍්‍රයාත්මක වේ. මේ ආකාරයට මදුරු පණුවන් මරා දැමීමෙන් මදුරුවන් පාලනය කළ හැකිය.මේ බැක්ටීරියා පිළිබඳ පර්යේෂණ සිදුකළ කාර්මික තාක්ෂණ ආයතනය ශ‍්‍රී ලංකාවේ විවිධ පළාත්වලින් පස් නියැදි 200ක් පමණ පරීක්ෂාවට ලක්කළ අතර, ඉන් 13ක මේ බැක්ටීරියා දෙවර්ගය වෙසෙන බව තහවුරු කෙරිණ.අනතුරුව කරන ලද පර්යේෂණ මඟින් මේ බැක්ටීරියාවලට මදුරු කීටයන් මරා දැමීමට හැකි බව තහවුරු කරගන්නා ලදී. වෛද්‍ය පර්යේෂණ ආයතනය මේ බැක්ටීරියාව මඟින් මදුරු පණුවන් මැරෙනවාද යන වග සොයා බැලීය. ඉන්පසු කාර්මික තාක්ෂණ ආයතනය මඟින් එම බැක්ටීරියාවන් පිපීමේ තාක්ෂණය භාවිත කොට ගෙන වගා කිරීමට කටයුතු කෙරිණි.දින 20 පමණ කි‍්‍රයාකාරීව පවතින මේ බැක්ටීරියාව පරිසරයට එක්කිරීමෙන් සියලු වර්ගවල මදුරු පණුවන් එකට විනාශ කළ හැකිය.මේ ක‍්‍රමය මිනිසාටවත් අනෙක් ජීවීන්ටවත් අහිතකර නොවේ. මදුරුවන්ට පමණක් හානිකර මේ බැක්ටීරියාව නිසා වෙනත් කිසිම ගැටලුවක් හටගන්නේ නැත. අප රටේ පවතින මදුරු කරදරය මැඩලීමට යොදාගත හැකි ඉතා සාර්ථක ගැළපෙන ක‍්‍රමය මෙයයි.