Advertisement
Hot Kello

Maduruwangenma Rasayanikayak මදුරුවන්ගෙන්ම රසායනිකයක්

 

අපි‍්‍රකාවේ මදුරුවන්ගෙන් පැතිරෙන මැලේරියාව මර්ධනය සඳහා යතුරක් ලෙස සැලැකිය හැකි රසායනික ද්‍රව්‍යයක් මදුරුවන්ගෙන්ම සොයා ගන්නට විද්‍යාඥයෝ පිරිසක් සමත්ව ඇත.අමෙරිකා එක්සත් ජනපදයේ යේල් සහ වැන්ඩර්බිල්ට් හි පර්යේෂකයෝ විශ්වාස කරන පරිදි අණු පිළිබඳ දැනුම සහ ඒවා කි‍්‍රයා කරන ආකාරය මගින් නව මදුරු විරෝධී ඉසිනයට හා උගුලට මඟ පාදා දී තිබේ.මදුරුවන් මගින් ගෙන යනු ලබන ඉතා ක්ෂුද්‍ර පරපෝෂිතයකු මැලේරියාවට හේතු කාරක වන අතර, එය හැම විට ම මිනිසකුගෙන් තවත් කෙනකුට සම්පේ‍්‍රෂණය වන්නේ මදුරුවා ලේ උරා බීමට යාමේ දීය.යේල් පර්යේෂක කණ්ඩායමේ ජෝන් කාර්ල්සන්ස් ඔවුන්ගේ කි‍්‍රයාකාරකම් පිළිබඳව නේචර් විද්‍යා සඟරාවට ද පසුගිය දා පවසා තිබුණි.මිනිසුන් ගේ ලේ උරා බොන්නේ ගැහැණු මදුරුවන් පමණක් වන අතර මදුරුවන් ගන්ධයට සංවේදී නිසා මිනිසුන් හඳුනා ගෙන ලේ උරා බීමට පුරුදුව සිටී.කාර්ල්සන්ගේ කණ්ඩායම විසින් හඳුනාගනු ලැබ තිබෙන්නේ රසායනික ද්‍රව්‍ය යොදා මදුරුවදෙන් බේරෙන ක‍්‍රමයකි. කෘමීන් පිළිබඳව කළ ජාන තාක්ෂණික අත්හදා බැලීම් පෙන්වා දී ඇත්තේ මිනිසාගේ දහදිය සුවඳ මදුරුවන්ගේ ස්පර්ෂකයේ ස්නායු ශෛල උත්තේජනය කිරීමට ප‍්‍රමාණවත් බවයි.

 

ඔවුන් අත්හදා බලා ඇති දහදියට සංවේදී රසානයක "මීතයිල්ෆීනෝල් - 4" ලෙසින් හඳුන්වා ඇත. යේල් හා වැන්ඩර්බිල්ට් හි විද්‍යාඥයෝ මදුරුවන් තුළ තිබී අණු අල්ලා ගත හැකි සෛල මත පිහිටි ප‍්‍රතිග‍්‍රාහක දෙකක් සොයා ගෙන තිබේ. ඉන් පළමුවැන්න " AgOr1" නමින් හඳුන්වා ඇති අතර දෙවැනි ප‍්‍රතිග‍්‍රාහකය  AgOr2 ලෙස නම් කර ඇත. එය මීතයිල් ෆීනෝල් 2 සඳහා ප‍්‍රතිචාර දක්වන බව පෙනී යයි. යේල් විශ්ව විද්‍ය්‍යාලයේ ජෝන් කාර්ල්සන් බී. බී. සී. ප‍්‍රවෘත්ති සේවය අමතා ප‍්‍රකාශ කළේ මිනිසාගේ දහදිය සඳහා ප‍්‍රතිචාර දක්වන බව පන්වා දී ඇති මදුරුවන්ගෙන් විශේෂ රසායනික ප‍්‍රතිග‍්‍රාහකයක් සොයා ගත් පළමු වතාව මෙය වන බවයි. එය ගැහැනු මදුරුවන් තුල පමණක් අඩංගු වන අතර මිනිසුන්ගෙන් ලේ උරා බොන්නේ ද ගැහැණු මදුරුවන් පමණකි.මැලේරියාව සමඟ සටන් වැදීමේදී මෙය විශාල බලාපොරොත්තුවක් ජනිත කරන අතර ඉදිරි පර්යේෂණ කටයුතු මෙහෙයවීම තුළින් වඩාත් හොඳ ප‍්‍රතිඵල ලබාගත හැකිවනු ඇත.මෙයට කලින් කරන ලද අධ්‍යයනයන්ගෙන් පෙන්වා දී ඇති පරිදි මිනිස් දහදියෙහි වෙනස් ඇරොමැටික සංයෝග 350 ක්පමණ අඩංගු වේ. නවතම පර්යේෂකයින් සිතන්නේ ඔවුන්ගේ කි‍්‍රයාකාරකම් මදුරුවන් සඳහා වඩා කාර්යශූර උගුල් පද්ධතියක් සෑදීමට භාවිතා කළ හැකි බවයි. එමඟින් මදුරුවන්ගෙන් පැතිරෙන රෝගයන් වන මැලේරියාව, එන්සෙපලයිටීස්, ඩෙංගු කහ උණ ආදි රෝග හේතුවෙන් සිදුවන මරණ තවදුරටත් අඩුකර ගැනීමට හැකි වනු ඇත.