Midhi මිදි

 

කි‍්‍රස්තු පූර්ව 2400 තරම් ඈත අතීතය කරා දිව යන පලතුරක් ඇත්නම් ඒ මිදි යයි කීීවොත් නිවැරදිය. විටේසි කුලයට අයත් ඉංග‍්‍රීසියෙන් GRAPS  (ග්‍රේප්ස්) නමින් හැඳින්වෙන අතර උද්භිද විද්‍යා නාමය VITIS UINIFERA නම් වේ. විවිධ වර්ග වලින් හා විවිධ පාටින් හෙබි මිදි අමුවෙන් හා වියළි මිදි වශයෙන් ප‍්‍රයෝජනයට ගත හැකිය.ලොව මිදි වලින් 70% ක් වයින් නිෂ්පාදනයටත්, 27% ක් අමු මිදි වශයෙන් පරිභෝජනයටත් 3% ක් පමණ වියළි මිදි වශයෙන් භාවිතා වේ. මින් ප‍්‍රංශය හා ඊජිප්තුව බහුල වශයෙන් මිදි වලින් වයින් නිෂ්පාදනය කරන අතර බටහිර රටවල හා අප රටේ ආයුර්වේද ඖෂධයක් වශයෙන් භාවිතා කෙරේ.විශේෂයෙන් මිදි වගාව සඳහා වියළි දේශගුණයක් අවශ්‍ය වන අතර සාරවත් ලෝම් පසක් අවශ්‍ය වේ. අප රටේ මාතලේ, යාපනය, හම්බන්තොට යන දිස්ති‍්‍රක්කවල ආර්ථික භෝගයක් ලෙස වගා කෙරේ. මිදි වගාවේ නිජ බිම ඊජිප්තුව ලෙස සලකන අතර, අප රටට වර්ෂ 1505 දී පමණ පෘතුගීසීන් විසින් ගෙන එන්නට ඇතැයි විශ්වාස කෙරේ.මිදි සිටවීමට ජනවාරි, ජුනි, ජුලි මාස ඉතා යෝග්‍ය වේ. වර්ෂාව අධික ප‍්‍රදේශවල මිදි ඇඹුල් ගතිය වැඩි වන අතර ලෙඩ රෝග ආසාදනය වැඩි වේ. මිදි වගා කිරීම සඳහා හොඳ අවබෝධයක් හා කැපවීමක් අවශ්‍ය වේ. තවද දුර්වල ජල ප‍්‍රවාහන සහිත මැටි පස සහිත ඉඩම්වල වගා කළ නොහැක. වගා කිරීමට සුදුසු මිදි වශයෙන් කාඩිනල් රතු පැහැයට හුරු කප්පාදු කර මාස 2 1/2 න් අස්වනු නෙලීමට හැකි වේ.හොඳ සුවඳක් හා ප‍්‍රණීත රසෙයන් යුක්ත වේ. ඊශ‍්‍රායල් බ්ලු වර්ගය ඉදුණු විට කළු පැහැයට තද නිල් පාටින් යුක්ත වේ. හොඳින් ඉදෙන විට රසයෙන් ද වැඩි වේ. ගෙඩි එකිනෙකට හිරවී හැදෙන අතර කප්පාදු කර මාස තුනේ දී අස්වනු නෙලා ගත හැක.

 

බ්ලැක් මස්කට් වර්ගය ඉදෙන විට කළු පැහැයෙන් යුක්ත වන අතර ඉතා වැඩි රසයක් ගෙන දේ. ඉසබෙලා මිදි පත‍්‍රයේ පවතින රළු ස්වභාවය නිසා දිලීර රෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය වැඩි අතර, තරමක ඇඹුල් ස්වභාවයක් උසුලයි. එකවර ඉදෙනු නොලැබේ. හොඳින් වගා කළ හැකි අතර වයින් නිෂ්පාදනයට ඉතා සුදුසු වේ. මිදි විවිධ වූ ක‍්‍රම අනුගමනය කරමින් වගා කළත් ප‍්‍රධානම කාර්ය වන්නේ මිදි වැල් ක‍්‍රමානුකූලව ගමන් කරවීම හා නිසි අවස්ථාවල කප්පාදු කිරීම අත්‍යවශ්‍ය වීමයි. ඒ අනුව වැඩි අස්වැන්නක් ලබා ගැනීමට අවස්ථාව සැලසේ. තවද මිදි පැළ නිසි අයුරින් බඳුන්වල තවාන් කරන ලද මිදි පැළ සූූදානම් කළ බිමේ1m x 1m x 1m වළවල් කපා දිරා ගිය කොම්පස් පොහොර හා පොහොර පස් නිර්දේශිත මිදි පොහොර ග‍්‍රෑම් 500 බැගින් සකස් කර ගත් වළවල්වල දමා ජලය ද දැමිය යුතු වේ. මිදි සිටවන අවස්ථාවේ දී වියළි දේශගුණයක් අවශ්‍ය වේ.පැළ සිටවීමේ දී වැල් දෙකක් අතර පරතරය මීටර් 4 ක පමණ වන අතර, පේළි අතර පරතරය මීටර් 3 ක් පමණ අවශ්‍ය වේ. පඳුරු ක‍්‍රමයට වගා කරන්නේ නම් පරතරය අඩි 6 ය 6 පමණ වෙයි. මිදි වැලකින් අවුරුදු 30 ක් පමණ ප‍්‍රයොජන ගත හැකිය. මිදි වසරකට අවස්ථා දෙකක දී කප්පාදුව සිදු කරන අතර, ඒ අනුව අවුරුද්දකට දෙවතාවක් මිදි නෙලීමට හැකියාව ලැබේ. මිදි කප්පාදු කර මාස 2 1/2 සිට ඵලදාව හට ගන්නා අතර අස්වනු නෙලීමට හැකි වේ. ඒ අවස්ථාව වියළි දේශ ගුණයක් අවශ්‍ය වේ. මිදි පොකුරකට හොඳට ඉදුණු පසු අස්වනු නෙලීම සුදුසු වේ.මිදි ක්ෂය රෝගය සඳහා ඉතා හොඳ ඖෂධයක් ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අදහසයි. මිදි ග‍්‍රෑම් 100 ජල ගෑෑම් 79.2% ක් ද, පෙ‍්‍රීටින් 0.5% පොස්පර්ස් මි. ග‍්‍රෑ. 30% ක් හා මේදය 0.3% ක්, කාබෝහයිඩ්‍රේට් 16.5%, කැල්සියම් මිලි ග‍්‍රෑම් 28% යකඩ මිලිග‍්‍රෑම් 05% විටමින් සී 1% කැලරි මි. ග‍්‍රෑ. 7 ක්ද ඇත. මිදිවල ග්ලුකෝස් අන්තර්ගතව ඇති බැවින් ශරීරයට ඉක්මනින් උරා ගනු ලබයි. තවද පොටෑෂ් ලවණ බහුලව ඇති බැවින් පිළිකා රෝගීන් සඳහා ඉතා හිතකර වේ.