Piyasena Guruthuma පියසේන ගුරුතුමා aluth badu

Mora මොර

 

ජන කවියාගේ විශේෂ අවධානය යොමු කරමින් කවි ලියා ඇති පලතුරක් ඇත්නම් ඒ පැණි බේරෙන මොර යයි කීවාට වරද නැත. වර්ෂයකට වරක් ඵල දරණ වියළි කලාපයේ වනාන්තරවල බහුල වශයෙන් මොර ව්‍යාප්තව පවතී.මොර වර්ග කිහිපයක් ඇත. රස මොර, පැණි මොර, ඇට මොර හා මස් මොර යනුවෙන් ඉංග‍්‍රිසි බසින් ඩ‍්‍රැගන්, දෙමළ බසින් නුරයි. දකුණු චීනය ලොංයන් වශයෙන් මොර ව්‍යවහාර කෙරේ. මෙම ශාකය මීටර් 18 – 20 ක් පමණ උසට වැඩෙන අතර ව්‍යාප්තිය බීජ මගින් සිදුවේ. මේරූ පත‍්‍ර ජනවාරි පෙබරවාරි මාසවලදී හැලීයාමෙන් පසු මාර්තු මස දලු ලා වැඩෙයි. අපෙ‍්‍ර්ල් මස මල් හටගැනීම සිදුවේ. අතුරිකිලි අග මල් පොකුරු වශයෙන් දර්ශනීය ලෙස දිස්වන අතර එක පොකුරක මොර ගෙඩි 50 – 60 ක් පමණ හටගනියි. ජිල්බෝලයක් තරම්වූ මොර ගෙඩිය අර්තාපල් පැහැයෙන් යුක්ත වේ. ඉදුණු පසු ඉතා මොලොක්ව පිට පොත්ත ඇඟිලි තුඩුවලින් ඉවත් කළ හැකි අතර සුදු පැහැති මිහිරි රසයෙන් යුතු මදය දක්නට ලැබේ. එම මදය පොත්තට ඇලී නොමැති බැවින් කෑමට ගැනීමට පහසුවන අතර මාංශ මැද කුඩා බීජය දක්නට හැකිවේ.

 

ඕනෑම අයෙකුට මොර පහසුවෙන් විශාල ප‍්‍රමාණයක් ආහාරයට ගත හැක. තව ද මොර ශාකයේ ඉතා තද හා ඝන බැවින් ලීයෙන්ද ගෘහයන් සඳහා විශාල වශයෙන් ප‍්‍රයෝජනයට ගනු ලැබේ. ඩී. පී. පී. චන්ද්‍රසේන මහතාගේ මතය අනුව මොර මද උණ රෝගියෙකුගේ උණුසුම ශීතල කිරීමට සමත් වන බවයි. මොර කොළ සහ මල් චීන ජාතිකයෝ ඖෂධ වශයෙන් පාවිච්චියට ගන්නා බව පොත පතින් සඳහන් වේ.මොර අප රට තුළ කොතරම් දුරට ජනප‍්‍රියද යත් මොණරාගල වැනි දිස්ති‍්‍රක්කවල වැසියන් විවිධ මත දරති. වැඩි පලදාවක් ලද විට ගොවිතැන් විනාශ වීමේ අශුභ නිමිත්තක් ලෙස අදහන අතර මොර මල් පිපෙන අවදියේ මීපැණි අධික වන බව පැවසේ. මොර වචනය යොදාගෙන විවිධ ගම් නම් කර ඇති අතර ජන කවි විශාල වශයෙන් ලියවී ඇත. ඉන් දුවලා පුතාලට වැටහේවි මොර ශාකයට අප රටේ කොතරම් ඉතිහාසයක් පවතීද සිතෙනවා නොවනුමානයි.



lanka