Swarna Guru Maniyo ස්වර්ණ ගුරුමෑණියෝ
Hot Kello

Niramulli නීරමුල්ලි

 

ගම්බද වැසියන්ගේ රසබර ව්‍යාංජනයක්සේම අප සියලු දෙනාගේම මුත‍්‍රා රොග හා මුත‍්‍රා දැවිල්ල යනාදිය සමනය කිරීමට ඉතාමත් හිතකර ඖෂධයකි නීරමුල්ලිය . මෙම ශාකය බහුල වශයෙන් පහත රට තෙත් ප‍්‍රදේශවල දක්නට ලැබෙන අතර විශේෂයෙන් ජලාශ‍්‍රිත ප‍්‍රදේශ වල වගා කළ හැක.මේ ශාකය ඉන්දියාව, ලංකාව වැඩි වශයෙන් දක්නට ලැබේ. වාසා කුලයට අයත් මෙම ශාකය  ඩ්රඨපධනඩතච ඵජඩභතඩ උද්භිත විද්‍යා නාමයෙන් හඳුන්වයි.මෙම ශාකය නීරමුල්ලිය ඉකිරිය ගොකටු යනුවෙන් හඳුන්වයි. තෙත සහිත ජලජ ප‍්‍රදේශ වල අඩි 2 සිට 4 දක්වා ( මීටර 6 -12 ) උසට වැඩෙන අතර වර්ෂයේ වැඩි කාලයක් පවතියි.එමෙන්ම මෙම ශාකය සිලින්ඩාකාර බවකින් යුක්තව තද ශක්තිමත්ව කෙළින් වැඩේ. කදෙහි තැනින් තැන ගැට සහිත බැවින් යුක්ත ඇති අතර එම ස්ථාන වල පත‍්‍ර 6කින් පමණ සමන්විතව ඇත. ශාකයට ආවේනිකව තියුණු ගැට වලින්ද ආරක්ෂා වී ඇත.ශාකයේ කඳ කහ පාටින් යුක්තවන අතර ජනවාරි සිට ඔක්තොම්බර් කාලය තුළ මල් හට ගැනීම සිදුවේ.

 

නීරමුල්ලි ඖෂධ ශාකයේ ප‍්‍රභේද දෙකකින් සමන්විත වේ. නිල් මල් සහ සුදු මල් අනුව වර්ග කර ඇත. මෙහි ප‍්‍රභේද දෙක අතුරෙන් සුදු පාට මල් වර්ග ඉතා අඩුවෙන් දැකිය හැකි වේ.නීරමුල්ලි දෙමළ භාෂාවෙන් නිරේමුල්ලි යනුවෙන්ද බෙන්ගලි භාෂාවෙන් කුලේචාරි යනුවෙන්ද හඳුන්වනු ලබයි. දෙමළ භාෂාවෙන් හැදින්වූ නාමය සිංහල භාෂාවෙන් නීරමුල්ලි වී ඇත. මේ ශාකයේ කොළ, කඳ , මුල්, මල් යනාදී සියලුම ශාක කොටස් ඖෂධයක් ලෙස භාවිතයට ගනු ලබයි.නීරමුල්ලි ශාකයේ ඇති රසායනික සංයුතිය පිළිබඳව බැලීමේදී මුලේ ඇල්කලොයිඩ් අඩංගුව ඇත. තවද පොටෑසියම් සල්පේට් හා පොටෑසියම් ක්ලෝරයිඩ් අධිකව පැවතීම නිසා මුත‍්‍රා රෝග අවස්ථා වලදී මෙම ශාකය ඖෂධයක් වශයෙන් ගැනීමෙන් මහත් වූ මෙහෙයක් සිදු කරයි. මෙම ඖෂධ භාවිතා කිරීමෙන් මුත‍්‍රා ආබාධ, ආම වාත, සෙංගමාලය, පිපාසය, හෘද රෝග යනාදී රෝග සඟඡචටචඳහා ඉතා හිතකර වේ. නීරමුල්ලිය භාවිතයේදී රස ව්‍යංජනයක් වශයෙන් ද නැතහොත් තම්බා බීමෙන් මධුර රසය තිත්ත රසයද අඩංගුව ඇත. නීරමුල්ලිය වගා කිරීමේදී බීජ මගින් හා කිනිති වශයෙන් කපා සිටවීම සිදු කළ හැක. ගම්බද ප‍්‍රදේශ වල වගාවක් වශයෙන්ද වගා කෙරේ. බටහිර වෛද්‍ය විද්‍යාවේදී විශාල වියදම් දරන මොහොතක නීරමුල්ලිය ඖෂධයක් වශයෙන් භාවිතා කරන්නෙ නම් මහත් ප‍්‍රතිඵල නෙලා ගැනීමට හැකිය. මෙමගින් මුදල් නාස්තියද වැළකේ.