Oliw ඔලිව්

 

අප ලෝකයේ ඈත අතීතය ග‍්‍රීක ඉතිහාසයට අනුව සයුරට අධිපති දෙවියන් වූ පොසිඩන් හා සාමයට හා බුද්ධියට අධිපති දෙවඟන වූ ඇතිනා යන  දෙදෙනා ඇට්ටිකා දේශයේ අලුතින් ඉදිකරන ලද නගරයට නමක් දැමීම පිළිබඳව මහජනයා හා දෙවිවරු අතර විවාදයක් ඇති විනි. එම විවාදයේදී නගර වැසියන්ට වඩා වටිනා තෑග්ගක් දෙන කෙනාට නගරයට නමක් දැමීමට තෝරා ගත්තා. ඒ අනුව පොසිඩන් ති‍්‍රශූලයකින් පර්වතයට පහර දෙන්නට වූ විගස ලුණු මිශ‍්‍ර ජලය ගලන්ට විය. ඇතිනා දෙව් දුව තමාගේ තී‍්‍ර ශූලයෙන් පොළොවට පහර දෙන්නට වූවාය. තී‍්‍රශූලය ඔලිව් ගසක් බවට පෙරළුනි. එතැන් පටන් ඔලිව් ගස බිහිවූ අතර ඉන් බොහෝ ප‍්‍රයෝජන ලැබූ බැවින් නගර වාසීන් ඇතිනා දෙව්දුවට ගරු කිරීමක් වශයෙන් ඇතැන්ස් නමින් නගරය නම් කරන ලදී.අදද ඇතැන්ස් නගරයේ ඔලිව් ශාකයට ගෞරව දක්වති. ඇතිනා දෙව්දුවගේ හිස වටා ද ඔලිව් අත්තකින් සරසා තිබේ. පැරණි ලෝකයේ පුදුම හතට අයත් ඔලිම්පියාවේ සියුස් ප‍්‍රතිමාවේ හිස ද ඔලිව් අත්තකින් සරසා තිබේ. ඔලිව් ශාඛය සහ කී‍්‍රඩාව අතර ඇත්තේ සමීප සම්බන්ධතාවයක් වන අතර ඔලිව් තෙල් කී‍්‍රඩකයෝ තම සිරුරේ තවරා ගැනීමට පුරුදු වී සිටියහ. එහිදී ජිම්නාස්ටික් වැනි කී‍්‍රඩා වලදී ශරීරයේ ඔලිව් තෙල් ගෑමෙන් ශරීරය නැමීමට පහසු විය.

 

මෙහිදී කී‍්‍රඩා තරග වලින් ජයග‍්‍රහණය කරන කී‍්‍රඩකයන්ගේ හිස ඔලිව් අත්තකින් සකස් කරන ලද ඔටුන්නක් පළඳවන ලදී.වර්ෂ 500 කට වඩා පැරණි පලතුරක්වූ ඔලිව් ශාඛයේ උද්භිද විද්‍යා නාමය OLEA EUROPACA  නම් වූ අතර  OLEACEAC නම් වූ ශාක කුලයට අයත් වේ. ඔලිව් ගසක ආයුෂ කාලය වසර 500 ක් පමණ වන අතර පැරණි ගසක වට ප‍්‍රමාණය අඩි 30 ක් පමණ වේ. මෙහිදී පැළ කිරීම බීජ මගින් සිදුවන අතර කප්පාදුව සිදුකළ යුතුය. මෙම ශාඛයේ විශේෂත්වය නම් ඈතට අතු විහිදී ඉතා අලංකාර ලෙස වැඩීමයි. ඔලිව් ශාකයේ කොළය අඟල් 1 1/2ක් පමණ දිගුවන අතර පළල අඟල් 1/2 ක් පමණ වේ. තවද ඔලිව් මල සුදට හුරුය. අතර මල් පොකුරක් වශයෙන් වැඩෙන අතර මල් 10 – 15 ක් අතර ප‍්‍රමාණයක් මෙම පොකුරක හට ගනු ලැබේ.දළ වශයෙන් අක්කරයක් සඳහා ඔලිව ගස් 40 – 60 ක් පමණ සිටුවනු ලබයි. තවද ඉතා උසස් අයුරින් සකස් කරන ලද ඉඩමක අක්කරයක් සඳහා පැළ 100 ක් පමණ සිටවනු ලැබේ. සාරවත් පසක මෙන්ම විවිධ බිම් වලද මෙම ශාකය වැඩෙන අතර තෙතමන අධික බිම්වල මෙම ශාකය සිටුවීමට සුදුසු නැත.

 

අධික නියගයට ද ඔරොත්තු නොදෙයි. ඔලිව් ගෙඩි කුඩා අවදියෙ කොළ පාටින් යුක්තය. පැසුණු විට දම්පාටින් මෙන්ම කළු පාටින් යුක්ත වේ.ඉදෙන විට කහ පාටට හුරුවේ. ඔලිව් පත‍්‍ර දිරීමට වර්ෂ දෙකක් පමණ ගතවේ. ඔලිව් පලතුරක් වශයෙන් මෙන්ම ඔලිව් තෙල් වැඩි වශයෙන් ද ප‍්‍රයෝජනයට ගනී. අතීතයේ මෙය ජාත්‍යන්තර වෙළෙඳාමට පවා එක්වී ඇති බව කියැවේ.ඔලිව් ශාකය සිරියාවෙන් ග‍්‍රීසියට පැතිර ගිය අතර යුරෝපයේ මධ්‍යධරණී ප‍්‍රදේශවල හා අප‍්‍රිකාවේ සෑම ප‍්‍රදේශයකම පැතිර පැවතී ඇත. තවද ග‍්‍රීසියේ සැන්ටෝර්නිහි වොල්කැනින් පර්වතයෙන් වසර 50,000 – 60,000 පමණ ඉහත ඔලිව් ශාකයෙහි පොසිල සොයාගෙන ඇත. ස්පාඤ්ඤයේ කි‍්‍රස්තු පූර්ව දොළොස් වන සියවසට අයත් ඔලිව් කොළ හා ශාක පොසිල සොයා ගෙන ඇත. මේ අයුරින් බලන කල ඔලිව් පලතුරු ශාකය ලොව පැරණිම ශාකය මෙන්ම ලොව වැඩි කාලයක් ජීවත්වන ශාකය ලෙස හා ජනප‍්‍රිය පලතුර ලෙස හැඳින්විය හැක.ග‍්‍රීක ජාතිකයින්ගේ ජීවිතයේ විශේෂිත අවස්ථාවන් වූ විවාහ හා මරණ අවස්ථාවල විශේෂයෙන් භාවිතයට ගනු ලැබේ.