Palathuru පළතුරු

 

ජීවිතය නිරෝගී අන්දමින් පවත්වා ගෙන යාමට නම් පෝෂ්‍ය ගුණයෙන් යුත් ආහාර පාන ලබා ගැනීම අත්‍යාවශ්‍යයි. එසේ අප ගන්නා ආහාර අතර එලවළු, පලතුරු, කිරි ආහාර ආදියට වැඩි තැනක් ලැබෙන්නේ නම් ඔබ වඩාත් සෞඛ්‍ය සම්පන්නයි. අද අප කතා බහට ලක් කරන්නේ පලතුරු ඔබේ ජීවිතය නීරෝගි කරන්නට ඉවහල් වන ආකාරය පිළිබඳවයි.

 

පළතුරු මලක පරිණත ඩිම්බ කෝෂය ද එහි බීජ හා ඊට යාබද කොටස් ද එකට එකතු වී පලතුරක් සෑදේ. විවිධ පලතුරු වර්ග ඇතත් මස් සහිත එමෙන්ම මොලොක් සිත් ඇදගන්නා සුළු පැහැයෙන් හා රසයෙන් යුක්ත පලතුරු වඩාත් ජනපි‍්‍රයයි. ආහාර වශයෙන් ගනු ලබන ඇපල්, මිදි, අත්තික්කා, පීච්, පෙයාර්ස්, ඇපි‍්‍රකට්, දෙළුම්, අඹ, දොඩම්, පැපොල්, අලිගැටපේර හා දූරියන් ආදී පලතුරු වර්ග රාශියක් ඇත. ගොවි යුගය වැනි ආදි කාලයේ මිනිසා එක් ස්ථානයක පදිංචි වු පසු මුලින්ම වවන ලද පලතුරු වශයෙන් මිදි, අත්තික්කා හා ඔලිව් හඳුනාගෙන තිබේ. නිවර්තනික ප‍්‍රදේශ වලට ලංවත්ම පලතුරු වඩ වඩා රසවත් වන බව ප‍්‍රකටය. එයට හේතුව පලතුරු පැසීමට අවශ්‍ය සූර්යාලෝකය එම ප‍්‍රදේශවල යහමින් ඇති බැවිනි. පලතුරු පැසෙන විට ඒවායේ ඇති පිෂ්ඨවලින් සීනි සෑදේ. ඒවා පලතුරු සීනි හෙවත් පෘක්ටෝස් ලෙස හදුන්වයි. පලතුරුවල ඇති මිහිරි රසය නිසාම ආහාරය පිණිස ගනී. එමෙන්ම ප‍්‍ර‍්‍රිය උපදවන පලතුරු ආහාරයෙ වර්ණය ඇති කිරීමට හා විවිධත්වයක්් ඇති කිරීමට උපකාරී වේ. තවද පලතුරු පිළියෙල කිරීමක් නොමැතිව එලෙසිනම් ආහාරයට ගත හැකියි. විවිධ අන්දමට සකස්කර ගැනීමට ද හැකියි.

 

පලතුරුවල අඩංගු පෝෂක පලතුරුවල 85% - 90 % තරම් අධික ප‍්‍රමාණයක් ජලය තිබේ. කාබෝහයිඩ්‍රේට් 5.5% -10.5% සෙලියුලොස් 2.5% ක්ද ඛනිජ 0.5 % ද පලතුරුවල අඩංගුයි. නොමේරූ පලතුරුවල පිෂ්ඨය තරමක් අඩංගු වන නමුත් පලතුරු මෝරන විට එම පිෂ්ඨය ග්ලුකෝස් හා පෘක්ටෝස් බවට පරිවර්තනය වේ. ඒ නිසා ඉදුණු පලතුරු පැණි රසය. පලතුරුවල විවිධ රසයට හේතු වී ඇත්තේ ඒවායේ අඩංගු සිට්ටි‍්‍රක්, ටැලික්, හා ටාටරික් අම්ල ආදී කාබනික අම්ලයි. පලතුරුවල ගන්ධයට හේතු වන්නේ ඒවායේ අඩංගු වාෂ්පශීලී සුගන්ධ තෙල් එස්ටර හා ඊතරය.

 

සී. විටමින් පලතුරු මිනිසාට සී විටමින් සපයන ප‍්‍රධාන ආහාරයකි. ඒ නිසා පලතුරුවල ඇති ඇස්කොබික් අම්ලය ( සී විටමිනය ) ප‍්‍රකෘති තත්ත්වයෙන්ම අනුභව කිරීම වඩාත් සුදුසු වේ. දෙහි, දොඩම්, නාරං, ලෙමන්, ජම්බෝල, සිදරන්, වැනි පැඟිරි කුලයට අයත් පලතුරුවල සී විටමින් බෙහෙවින් ඇත. එහෙත් සම්ප‍්‍රදායික පලතුරු නොවූ නෙල්ලි, වෙරළු, කජුපුහුලන් හා අනෝදා ආදියේ ඊටත් වඩා සී විටමින් ප‍්‍රමාණයක් අඩංගු බව සොයාගෙන ඇත. තද කහ පැහැති මාංශල කොටස් ඇති පැපොල්, අඹ, ලාවුළු වැනි පලතුරු වල කැරොටින්, අධීත ප‍්‍රමාණයක් අඩංගුය. නමුත් බී විටමින කාණ්ඩය අඩංගුව ඇත්තේ සාමාන්‍යයෙන් අඩු ප‍්‍රමාණයකි. අලිගැටපේර බොහෝ පෝෂ්‍ය ගුණ සහිත පලතුරක් සේ හඳුනාගෙන තිබේ. කැල්සියම්, පොස්පරස් හා යකඩ යම් ප‍්‍රමාණයක් ද පලතුරුවල අඩංගු වේ. මේවායේ සෙලියුලෝස් සහ පෙක්ටීන් ද අඩංගු වන අතර ඒවා පහසුවෙන් ජීර්ණය නොවේ. ඒවායේ පෝෂ්‍ය ගුණයක් ද නැත.

 

ජීර්ණ කි‍්‍රයාවලිය පලතුරු ස්ටු හො සලාද වශයෙන් ගැනීමෙන් දිරවීමේ කාර්යය පහසු කරයි. ඒවායේ අඩංගු ජලය. අම්ල වර්ග නිසා ජීර්ණය පහසු කරන අතර ජීර්ණ මාර්ගය ඔස්සේ ආහාර පහසුවෙන් ඉදිරියට ගමන් කිරීමට උපකාරී වේ. මෙසේ විරේක බලපෑමක් ඇති කරන රළු ආහාරයක් වශයෙන් ප‍්‍රයෝජනවත්වන පලතුරු ඒවායේ ඇති අම්ල ක්‍ෂාරීය කාබනේට් බවට පෙරලන බැවින් රුධිරයෙහි අම්ල භෂ්ම තුල්‍යතාව පවත්වා ගැනීමෙහි ලා උපකාරී වේ. කෙසෙල් සහ අන්නාසි ලෝකයේ රටවල් කිහිපයක වානිජ මට්ටමින් ඉතා විශාල වශයෙන් වවනු ලබන පලතුරු වේ. මේවායින් කෙසෙල්ගෙඩි පොටෑසියම් ආදී ඛනිජ ද්‍රව්‍යවලින් පෙහොසත්ය. පලතුරුවල සීනි අධික ප‍්‍රමාණයක් අඩංගු නිසා පිෂ්ඨය සහිත පලතුරුවල අඩංගු තාපජනක අගයට වඩා වැඩි අගයක් පලතුරුවල ඇත. අලිගැටපේර වලත්, පේරවලත් වෙරළුවලත් මේදය සැලකිය යුතු ප‍්‍රමාණයක් ඇති බැවින් ඒවායේ කැලරි අගය වැඩිය. ශී‍්‍ර ලංකාවේ සුලබව ඇති පලතුරු සමහරක් නම් කෙසෙල්, ගස්ලබු, දොඩම් , නෙල්ලි, අලිගැටපේර, ජම්බු, පේර අඹ, දිවුල්, වැල්දොඩම්, පෙයාර්ස්, අන්නාසි, බෙලි, රඹුටන්, අනෝදා, මැංගුස්, දුරියන්, නාරං, ජම්බෝල, කජු පුහුලක්, කොමඩු ආදිය වේ. මේ හැර වැඩි ප‍්‍රසිද්ධියක් නැති දං, සියඹලා වැනි පලතුරු ද වේ.