Pani Dhodam පැණි දොඩම්

 

පැණි දොඩම් ගුණදායක අතින් ශරීරයේ ඉතාම සියුම් රුධිර නාළ පවා ප‍්‍රාණවත් කිරීමේ පුදුමාකාර ශක්තියකින් හෙබි ‘සී’ විටමින් ඇති පලතුරකි. උද්භිද විද්‍යාව අනුව “සිට්රූස් සිනේන්සීස්”(Citrus Sinensis)  වශයෙන් හඳුන්වන පැණි දොඩම්වල චීනය මව්බිම කර ගනිමින් ව්‍යක්ත වූ බව පොතපතේ සඳහන් වෙයි. දොඩම් පැඟිරි ශාක ගණයට අයත්වන අතර නොයෙකුත් නම් හා ප‍්‍රභේදයන්ගෙන් යුක්තව ලොව පුරා පැතිර පවතී. අප රටේ පැඟිරි වර්ග ගණනාවක් අතරෙන් සුවිශේෂ වූ දොඩම් පැණි දොඩම් හා ඇඹුල් දොඩම් වශයෙන් බෙදේ. මෙහි විශේෂිත සිදුවීම නම් පැණි දොඩම් වශයෙන් ඇඹුල් දොඩම් බහුලව වැඩීමයි’ මෙය ස්වභාවිකව සිදුවේ.මන්නාරම පුත්තලම වැනි ප‍්‍රදේශ මෙම වගාව සඳහා හිතකර වී ඇති අතර බහුලව වගා කරනු ලබයි. සුදෝ සුදු පාටින් යුක්ත මල් සුවඳවත්්වන අතර මැද රේණු පිහිටා තිබේ. දොඩම් ගෙඩියේ බාහිර ආවරණය කොළ පාට වන අතර ඇතුළත සුදු පාටින් යුක්ත වේ. ගෙඩි බික් වශයෙන්ද ගැලවිය හැක. දොඩම් ගෙඩි දෙකට කපා මිරිකා ගන්නා යුෂ පානය කිරීම හෝ බිග් ගලවා කෑමට ගැනීමට හැකිවන අතර ලෝකයේ බොහෝ රටවල දොඩම් යුෂ මිරිකා සිසිල් පානයක් වශයෙන් ගනී.දොඩම් ගසේ ඉතිහාසය දෙස බලන විට චීනය මව්බිම වුවත් වර්ෂ 1498 දී දේශ ගවේෂක වස්කෝද ගාමා ඉන්දියාව ඇතුළු රටවලටත් බටහිර රටවලටත් ව්‍යාප්ත කිරීමේ පුරෝගාමියා විය.දොඩම් ගස ලොවපුරා ව්‍යාප්ත වීමට හේතු වූ කරුණු අතර 1. රෝමවරුන්ගේ දිග්විජය, 2. අරාබි ජාතිකයන්ගේ වෙළඳගමන්, 3. මුස්ලිම්වරුන්ගේ මධ්‍ය ධරණී රටවලට ඇතුල්වීම, 4. යෙරුසලම මුස්ලිව් ජාතිකයින්ගෙන් මුදවා ගැනීම සඳහා යුද්ධ යනාදී කරුණු ඉවහල් වී ඇත.මෙම දොඩම්වල “සී සහ ඩී” විටමින් පදාර්ථ බහුලව ඇති අතර පැණි දොඩම් වල සීනි ද අඩංගුව තිබේ. එමෙන්ම ඇඹුල් දොඩම්වල යුෂ ඇඹුල් රසින් යුක්ත වන බැවින් එහි සීනි අඩු නිසා ඇඹුල් රසින් යුක්ත වේ.

 

එබැවින් මෙම යුෂ ආයුර්වේද ඖෂධයක් වශයෙන් ප‍්‍රයෝජනයට ගනියි.පැණි දොඩම් පෝෂණ ජීවිතයට හිතකර වන අතර මළබද්ධ නැති කරයි. ඇඹුල් දොඩම් සෙම රෝගවලට හිතකර වනවා මෙන්ම කැස්සට ගුණදායක වේ. තවද ආහාර දිරවීම ඉක්මන් වන්නා සේ තැලීම් වූ විට එම ස්ථානයේ එක්තැන්වූ ලේ විසුරුවා හරිණු ලබයි. එමෙන්ම දොඩම් ඇට හා පත‍්‍ර ද ඖෂධිය ගුණයෙන් යුක්තවේ.තෙත් කලාපීය හා වියළි කලාපීය ප‍්‍රදේශවල ගොවි මහතුන්ගේ ප‍්‍රධාන අමතර ආදායම් මාර්ගයක් වශයෙනුත් වාණාජමය වෙළඳාම තුළින් දේශීය ආදායම් උපයාදෙමින් අසරණ රෝගීන් සඳහා වූ දිව්‍යමය ඖෂධයක් ලෙසින් ඔබ අප සැමට එපා නොවෙන පානයකි.

 

 

පැනමා රෝගය පාලනය කිරීම

මෙම රෝගය කෙසෙල් වගා කරන කිසිම රටක මර්ධනය කිරීමට හෝ වලක්වා ගැනීමට සමත්  වී නැත.

v     පැනමා රෝගයට ප්‍රතිරෝධී කෙසෙල් වර්ග වගා කිරීම. ලංකාවේ පාරිසරික තත්වයන්        

      යටතේ ඇඹුල් ප්‍රබේධය පමණක් ප්‍රතිරෝධී තත්වයන් පෙන්නුම් කරයි.

v     කේෂ්ත්‍රයේ ජලය රදා පැවතීම නුසුදුසු වන අතර මනා ජල වහන තත්වයක් පවත්වාගත යුතුය.

v     නිරෝගී පැල භාවිතය.

v     රෝගී කේෂ්ත්‍රයක ගමන් කිරීමෙන් පසුව හෝ උපකරණ භාවිතයෙන් පසුව එම පස් නිරෝගී

      කේෂ්ත්‍රයට ඇතුල්වීම වැලැක්වීම.

v     පටක රෝපිත පැල භාවිතය.

v     ආසාධිත පැල ගලවා දමා ඒවා විනාශ කිරීමත් එම වලට අළුහුණු දමා නෙතිකර වනතුරු  

      තැබීමත් වැදගත් වේ.

v     පැනමා රෝගයට ලක්වු බිමක් වසර 7-10 පමණ ගතවන තුරු නැවත කෙසෙල් වගාවට

      නොයෙදිය යුතුයග