Pol Wanasana Maita පොල් වනසන මයිටා

 

ශ‍්‍රී ලංකාවේ පොල් පළිබෝධයකු ලෙස වාර්තා වූ “මයිටාව“ පොල් වගාවේ ප‍්‍රධාන පළිබෝධකයෙකි. “ඇසේරියා ගුරෙරෝනිස්” නමින් විද්‍යාත්මකව හඳුන්වන ලද මයිටාවා ඇසට නොපෙනෙන අන්වීක්ෂීය ජීවියෙක් වන අතර හැඩයෙන් පණුවකුට සමානය. ශ‍්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සමකාලීනව 1997 දී පැතිරී ගිය මෙම පොල් මයිටා රෝගය ප‍්‍රධාන වශයෙන් ව්‍යාප්ත වනුයේ සුළගින්ය.මීට අමතරව පොල් ප‍්‍රවාහනය සහ අමු පොල් ලෙලි ප‍්‍රවාහනයෙන්ද මෙය ව්‍යාප්ත වේ. ශ‍්‍රී ලංකාවේ පළමුවෙන්ම මෙම රෝගය හඳුනාගෙන ඇත්තේ පුත්තලම දිස්ති‍්‍රක්කයෙනි. ඒ 1997 වර්ෂයේදීය. පොල් මයිටා රෝගය සෑදුනු පොල් ගෙඩියක ලෙල්ල හැකිලී, කලුපැහැ ගැන්වී යන අතර පොල් මදයද කුඩාවේ.

 

මර්දනය කළ නොහැකමෙම පළිබෝධක “මයිටාවා” කුඩා ගෙඩියේ සිට අස්වනු නෙලන අවස්ථාව දක්වා ඕනෑම පොල් ගෙඩියක තැරිය (ඇස්ස) තුළ විශාල වශයෙන් ජීවත්වේ. සාමාන්‍යයෙන් මාස 3 - 6 දක්වා වයසේ නොමේරූ ගෙඩි මෙම හානියට වඩාත් පාත‍්‍රවේ. මෙම මයිටාවා සාර්ථක ලෙස මර්ධනය කිරීම සඳහා ශ‍්‍රීී ලංකාවේ හෝ ලෝකයේ වෙනත් කිසිම රටක සාර්ථක මර්ධන ක‍්‍රමයක් මෙතෙක් හඳුනාගෙන නොමැත. මේ මයිටාවා පළිබෝධකයාගේ හානිය පාලනය කරීමට ත්, එය ව්‍යාප්ත වීම වලක්වා ගැනීම සඳහාත් පොල් පර්යේෂණ ආයතනය මගින් මේ දක්වා වරින් වර රසායනික මිශ‍්‍රණ කීපයක් නිර්දේශ කොට ඇත.නව පර්යේෂණවල ප‍්‍රතිඵල හා දත්ත පදනම් කරගෙන පොල් පර්යේෂණ ආයතනය පසුගිය දා මයිටා මර්දනය සඳහා අන්තර් නිර්දේශයක් හ¼ඳුන්වා දුන්නේය. නොමේරූ ගෙඩිවල තැරිය (ඇස්ස) තුළ මයිටා ගහනය විනාශ කිරීමටත්, නිරෝගී ගෙඩිවලට මයිටාවගේ හානිය ඇති නොවීමටත් මෙම අන්තර් නිර්දේශය වඩාත් ප‍්‍රථිපලදායී බව හඳුනාගෙන ඇත. නොමේරූ පොල් වලුවලට පාවිච්චි කළ එන්ජින් තෙල් හා ජලය අඩංගු මිශ‍්‍රණයක් යෙදීම මගින් සම්පූර්ණයෙන්ම මයිටාවන් විනාශවන බව පර්යේෂණාත්මකව තහවුරු වී තිබේ. යම්කිසි නොමේරූ පොල් වල්ලක් එක් වරක් ඉහත මිශ‍්‍රණයෙන් ප‍්‍රථිකාර කළ විට එයට නැවත ප‍්‍රතිකාර කිරීමත්, අත්‍යවශ්‍ය නොවේ. එසේම ප‍්‍රතිකාර කරන ලද හානියට පාත‍්‍ර නොවූ නොමේරූ පොල් වලු ඉදිරියේදී මෙම හානියෙන් ආරක්ෂා වීමද මෙහිලා වැදගත් වේ.මිශ‍්‍රණය ලීටරයක් සාදා ගැනීමට අවශ්‍යදේ*  ජලය මි. ලී. 700 (තේ කෝප්ප 3.5)*  පාවිච්චි කළ එන්ජින් ඔයිල් (දැවි තෙල්) මි. ලී. 300 (තේ කොප්ප 1.5)*  සබන් ග‍්‍රෑම් 6 (තේ හැඳි 1)*  පාන් පිටි ග‍්‍රෑම් 6 (තේ හැඳි 1)සාමාන්‍යයෙන් දැවිතෙල් දැව ආරක්ෂකයක් ලෙස භමිතෙල් සමග මිශ‍්‍ර කර භාවිතා කරයි. මෙම මිශ‍්‍රණය සඳහා දැවි තෙල් තෝරා ගැනීමේදී එය භූමිතෙල් සමග මිශ‍්‍ර නොවූ ඒවා වීමට වග බලාගැනීම වැදගත් වේ.

 

මිශ‍්‍රණය සාදාගන්නා ආකාරයපාන්පිටි ජලයට එක්කර හොඳින් කලවම් කොට ඒකාකාරී ද්‍රාවනයක් සාදා ගෙන සබන් මිශ‍්‍රණය එයට එකතු කොට හොඳින් කලවම් කරන්න. ඉන් අනතුරුව දැවිතෙල් (භූමිතෙල් කලවම් නොවූ) එකතුකොට හොඳින් මිශ‍්‍ර කර ගන්න. මෙම සාදා ගත් මිශ‍්‍රණය කුඩා ප්ලාස්ටික් බෝතලයකට දමාගන්න.මිශ‍්‍රණය සහිත කුඩා ප්ලාස්ටික් බෝතලය රැගෙන ගසට නැග විවෘත වී ඇති මලේ සිට පලවන හා දෙවන වලු දෙක හැර ඉතිරි වලුවල ගෙඩියේ තැරිය (ඇස්ස) ප‍්‍රදේශයේ හොඳින් ආලේප කරන්න. ප‍්‍රතිකාර කළයුතු කුඩාම නොමේරූ ගෙඩියේ දිග වන්නේ සෙන්ටි මීටර් 5 - 6 කි. මිශ‍්‍රණයේ තෙල් හා ජලය වෙන්වීම වැලැක්වීමට සෑම ආලේප කිරීමකටම පෙර හොඳින් කලවම් කිරීම වැදගත් වේ.මෙය ආලේප කළහැකි වඩාත්ම පහසු ක‍්‍රමය වන්නේ අතේ ඇඟිලි භාවිතා කර තැරිය ප‍්‍රදේශයේ තැවරීමයි. මෙසේ ප‍්‍රතිකාර කිරීමේදී රබර් අත්මේස් යුවලක් පැළඳීම වඩාත් උචිත වේ. ඉන් පසුු ප‍්‍රතිකාර කරන ලද ගෙඩියේ තැරිය ප‍්‍රදේශය කළු පැහයෙන් දිස්වේ. ක‍්‍රමයෙන් ගෙඩියේ වර්ධනයත් සමග කළු පැහැති සීමාව ක‍්‍රමයෙන් අඩුවන ආර එය ගෙඩියේ පහළට ගමන් කරයි. මෙය පැහැදිලිවම තැරිය ආසන්නයේ සිට ගෙඩිය වටා කොල පැහැති නිරෝගී කොටසක් ලෙසින් පහලට ගමන් කරයි. සාමාන්‍යයෙන් එක් පුද්ගලයකුට දිනකට ගස් 30 - 40 අතර ප‍්‍රමාණයකට ප‍්‍රතිකාර කළ හැකිවේ. මිශ‍්‍රණය එක් ලීටරයකින් ගස් 6 - 10 කට ප‍්‍රතිකාර කළ හැක. මෙම මිශ‍්‍රණය මාස 2 - 3 ට වරක් කලින් ආලේප නොකළ පොල් වලු සඳහා ආලේප කිරීමක් කළ යුතුය.

 

ප‍්‍රතිකාරයේ කාර්යක්ෂමතාව හඳුනා ගැනීමමිශ‍්‍රණය ආලේප කිරීමත් සමග මුලු මයිටා ගහනය හා බිත්තර විනාශවීම සිදුවේ. මෙහි ඇති වාසිය වනුයේ පොල් මයිටාවාගේ විලෝපිත මයිටාවන්ද විනාශ වීමයි. මෙය ආලේප කර මාස 3 - 4 ට පසුව හානිය සහිත ලප ක‍්‍රමයෙන් තැරියෙන් වෙන්වන අතර තවදුරටත් හානියෙන් තොරව ගෙඩිය වර්ධනය වේ. මෙම ප‍්‍රතිකාරය යෙදිය යුතු කාලාන්තරය හා තාක්ෂණය වැඩිදියුණු කිරීම ස¼ඳහා තවදුරටත් පර්යේෂණ සිදුකැරමින් පවතී.ශ‍්‍රී ලංකාවේ වාර්ෂික ජාතික පොල් නිෂ්පාදනය පිළිබඳ නිවැරදි අනාවැකි පලකිරීම, ජාතික කෘෂිකර්ම සැලසුම් කිරීමේදී හා විදේශීක ගැණුම්කරුවන් සමග පවතින කොන්ත‍්‍රාත්ඉදිරියට ගෙන යාමේදී ඉතාමත් වැදගත් කාර්යයක් වේ. පසුගිය වසර 54 තුළ සිදුකළ විශ්ලේෂණ අනුව (1950 - 2003) ජාතික පොල් නිෂ්පාදනය 1973 දී ගෙඩි මිලියන 3039 ක් හා 1986 දී ගෙඩි මිලියන 2430 ක්් අතර විචල්‍යතාවක් පෙන්නුම් කරයි. මෙම කාල පරිච්ඡේදය තුළ ඉලක්කගත අස්වැන්න වූ ගෙඩි මිලියන 3000 වාර්තා ගතවී ඇත්තේ පිළිවෙළින් 1986 හා 2000 වසර වලදී පමණි. 1986 දී ගෙඩි මිලියන 3039 ක් හා 2000 දී ගෙඩි මිලියන 3096 ක් වශයෙනි. වසරක ජාතික පොල් නිෂ්පාදනය තීරණය වීම සඳහා සාධක කීපයක් බලපායි. ඵලදරන පොල් අක්කර ප‍්‍රමාණය, ඵලදරණ ගස්වල වයස්වල ව්‍යාප්තිය, පොහොර භාවිතය, ශෂ්‍ය විද්‍යාත්මක කටයුතු, රෝග හා පළිබෝධ හානි හා එහි ව්‍යාප්තිය හා පෙර වර්ෂයේ වර්ෂාපතන ව්‍යාප්තිය යන සාධක ඒවා වේ. කෙසේ වෙතත් ඉහත සාධකවල වාර්ෂික සංඛ්‍යාලේඛන ලබාගැනීම අපහසු වේ. දේශගුණ හා තාක්ෂණ සහ සාධක පොල් පලදාව තීරණය කරන ප‍්‍රධාන සාධක ලෙස උපකල්පනය කිරීමේදී මෙම සාධක දෙකෙහි බලපෑම් එකතුවක් ලෙස අස්වැන්න පිළිබඳ අනාවැකි පලකිරීමේ නව ක‍්‍රමයක් හඳුන්වා දී ඇත. මෙම ක‍්‍රමය පසුගිය දත්ත හා වර්තමාන දත්තවල වඩාත් නිවැරදි අනාවැකි ලබා දේ. මෙම ක‍්‍රමය මත පදනම් වී 2004 වර්ෂයේ පොල් පලදා අනාවැකිය ගෙඩි මිලියන 2900 ක් වේ.ඇස්තමේන්තු කරන ලද අගය බෝග සමීක්ෂණ තුළින් මාස 3 කට වරක් නිවැරදි කරනු ලබයි. මේ සඳහා පොල් පර්යේෂණ ආයතනයට පොල් වගාකරුවන්ගෙන් තොරතුරු ලබාදීම මහත් පිටිවහලක් වේ. පොල් වගාව පිළිබඳව යම් ගැටලුවක් ඇත්නම් ඔබ ප‍්‍රදේශයේ පොල් සංවර්ධන නිලධාරි මහතා හමුවීම වැදගත්ය. නැතිනම් අධ්‍යක්ෂ, පොල් පර්යේෂණ ආයතනය, ලුනුවිල යන ලිපිනයට දැන්වීම ඉතාම වැදගත් කාර්යයකි. පොල් සංවර්ධන කටයුතු සඳහා තාක්ෂණ හා තොරතුරු ලබාගැනීම සඳහා දුරකථන අංක 031 2257688 මගින් පොල් වගාකරුවන්ට ඉහත පොල් මයිටාවා රෝගය පිළිබඳ තොරතුරු හා උපදෙස් ලබාගැනීම කළ හැකිවේ.දැනට ශ‍්‍රී ලංකාවේ වයඹ පළාතේ බිංගිරිය ප‍්‍රදේශයේ මෙම පොල් මයිටා රෝගය විශාල වශයෙන් පැතිර යමින් පවතී. මේ පිළිබඳව බිංගිරියේ අනුමැතිගම පදිංචි ආර්. ධර්මසිරි රත්නායක ගොවි මහතා මෙසේ අදහස් දැක්විය.මෙම රෝගය ලංකාවේ පළමුවෙන්ම හඳුනාගත්තේ පුත්තලම ප‍්‍රදේශයෙන්. ඒ කාලෙ මම ලොරි රියදුරෙක් වශයෙන් කටයුතු කළා. දැදුරුඔයෙන් එහා පැත්තෙ ඉඳල තමයි මෙහාට මේ රෝගය ව්‍යාප්ත වුණේ. ඒ දැනට අවුරුදු පහ හයකට පෙර තමයි. මේ රෝගය හැදිල මුන්දලම ප‍්‍රදේශයේ පොල් ගස් කැපුව. ඒ දිනවල දැදුරු ඔයෙන් මෙහාට රෝගය හැදුනු පොල් ගේන්න දුන්නෙ නැහැ. රෝගය හැදුනු පොල් දැදුරු ඔයට බෑව. මෙහාට මාලු පොල් ගෙන ඒමෙන් තමයි මේ ප‍්‍රදේශයටත් රෝගය ආවෙ. පොල් ගෙඩියෙ ඇස්ස ඇතුලෙ මේ සතා ජීවත් වෙන්නෙ. මේ සතා කෝඳුරුවාටත් වඩා කුඩා සතෙක්. මේ නිසා පොල් ගෙඩියෙ ලෙල්ල හැකිලෙනව. ඒ පොල් ලෙල්ලෙන් වැඩක් ගන්න බැහැ. මේක කොහු කර්මාන්තයට දැඩි බලපෑමක් කරන්න පුළුවන් ඉදිරියේදී. දැනට මේ සඳහා පොල් පර්යේෂණ ආයතනයෙන් ප‍්‍රතිකාර ක‍්‍රම හඳුන්වාදී තියනව.ඇත්ත වශයෙන්ම මෙම පොල් මයිටාවා රෝගය ශ‍්‍රී ලංකාවෙන් තුරන් කිරීම සඳහා පොල් වගාකරුවන්ගෙන් ද විශාල කාර්යභාරයක් සිදුවිය යුතුය යන්න අපගේ හැඟීමයි.