Siniyas සීනීයාස්

 

ඈත අතීතයේ සිටම වගා ලෝලීන්ගේ සිත් ඇදගත් මල් ගසක් වූ “සීනියාස්” ශාකයද අයත් වන්නේ ඩේසි පවුලටය. ඇස්ටරේසියේ කුලයට අයත් මෙම සීනියාස් ශාකය දැනට ප‍්‍රභේද 25 කින් පමණ සමන්විත වන අතර කාලයත් සමඟම මෙම ප‍්‍රභේද වැඩිවෙමින් පවතී. ඇමරිකාවේ සිට ආර්ජන්ටිනාව දක්වාම ස්වභාවිකව පැතිර ගොස් ඇති මෙම ශාකය වාර්ෂික හා බහු වාර්ෂික වශයෙන් කොටස් දෙකකට අයත් වේ.වගා කර ගැනීමටත්, බෝ කර ගැනීමටත් පහසු ප‍්‍රභේද මෙම සීනියාස් අතර වේ. මෙහි ඇතැම් වර්ග වල මල් ප‍්‍රමාණයෙන් කුඩා වන අතර ඇතැම් මල් විශාලව හටගනියි. ස්වභාවිකව පැතිරී යන ඇතැම් සීනියාස් වල මල් කුඩාය. විවිධ ප‍්‍රමාණයෙන් පමණක් නොව මෙම මල් විවිධ වර්ණයන්ගෙන්ද යුක්ත වේ. ඒ රතු, සුදු, තැඹිලි, කහ, දම් ආදී වශයෙනි. එමෙන්ම තනි පෙති සහිත මල් මෙන්ම ද්විත්ව පෙති සහිත සීනියාස් වර්ගද වේ. පෙති රාශියක් ඇති (එනම් පෙති තට්ටු දෙක තුනක්) ඇති මල් අලංකාරයෙන් වැඩිවෙනවා පමණක් නොව වටිනාකමින්ද වැඩිය.සාමාන්‍යයෙන් මලක පෙති සිනිඳු බවින් යුතු වුවද සීනියාස් මල් පෙත්ත තරමක ගොරෝසු ස්වභාවයකින් යුක්ත වේ. පෙත්තෙහි හැඩයේද තරමක වෙනසක් දැකිය හැකි අතර මලෙහි මැද කහපාට රේණු පෙළක්් දකිත හැකිය.මෙම මලෙහි පමණක් නොව පත‍්‍ර වලද විවිධාකාර හැඩ දක්නට ලැබේ. ඇතැම් පත‍්‍ර සිහින් දිගටි හැඩයක් ගන්නා අතර තවත් පත‍්‍ර තරමක පළල් ස්වභාවයක් ගනියි. කොළ පැහැති මඳක් ඝනකම් පත‍්‍ර අතරින් සීනියාස් මල පිපිණු කල අලංකාරය දෙගුණ තෙගුණ වේ.සීනියාස් ශාකයේ කඳ කෙළින් ඉදිරියට ඇදෙන ස්වභාවයක් පෙන්වන අතර තරමක් උස යද්දී දළු කැඩීම තුළින් පඳුරක් ලෙසින් සකසා ගත හැකිය.කැනාස් මලෙන් බීජ ලබා ගන්නවාසේම සීනියාස් මලෙහි හටගන්නා බීජ වලින්ද මෙහි වර්ගයා බෝ කරගත හැකිය. විශේෂයෙන්ම කිසිදු හව්හරණයක් නොමැතිව ඉබේ හැදෙන සීනියාස් ශාකයේ මල් වල බීජ මෝරා වැටී අලුත් ශාක බෝ වේ. ඊට අමතරව දෙමුහුම් කිරීමෙන්ද අලුත් සීනියාස් වර්ග බෝකර ගත හැකිය. මෙම දෙමුහුම් වර්ග වල මල් විශාල වන අතර අලංකාරයද, පෙති ප‍්‍රමාණයද තරමක් වැඩිය.

 

වගා මාධ්‍යය :-

මෙම වගාව සඳහා වැලි සහ කොම්පෝස්ට් 1 : 1 ප‍්‍රමාණයෙන් යොදා සකසා ගත් වගා මාධ්‍යයක් සුදුසු වන අතර හොඳින් ජලය බැස යන පරිදි තවාන හෝ බඳුන සකස් කරගත යුතුය. විශේෂයෙන්ම පිහිටි භ®මියේ පාත්ති ලෙස සකස් කර සිටුවීමේදී හොඳින් ජල බැස්ම සකස් කර ගන්න.

 

සූර්යාලෝකය :-

සීනියාස් ශාකයේ හොඳ වර්ධනයක් ලබා ගැනීමටත්, අලංකාර පුෂ්ප හට ගැනීමටත් හොඳ සූර්යාලෝකයක් අවශ්‍යය. ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ වගා කළ හැකි මෙම ශාකය විශේෂයෙන්ම උද්‍යාන අලංකරණය සඳහා ඉතා සුදුසුය. පාත්ති වශයෙන් ගෙමිදුලේ සිටවූ සීනියාස් වගාව මනා හිරු එළියක් ලැබී පුෂ්පයන් හටගන්නා විට මැවෙන පියකරු දසුන සැබැවින්ම චමත්කාරජනකය.රෝග සහ පළිබෝධ හානි:-මෙම වගාවේදී වැඩි වශයෙන් වැළඳිය හැකි රෝගයක් ලෙසින් හැඳින්වෙන්නේ දිලීර රෝග සහ පුස් රෝගයයි. එවිට දිලීර නාශකයක් භාවිතා කිරීමෙන් රෝගය පාලනය කළ හැකි අතර කෘමි හානියක් ඇති වූ අවස්ථාවකදී නම් කෘමිනාශකයක් භාවිතා කරන්න.