Siyabala සියඹලා

 

ව්‍යාංජනයක් රස ගන්වන්න මොනතරම් කුළු බඩු අවශ්‍ය වෙනවාද ? කුළු බඩු පමණක් නොව ව්‍යාංජන රසවත් කරන්න නැතිවම බැරි තිබෙනවා. ඒ අතරින් ප‍්‍රමුඛස්ථානයක් ගන්නා පලතුරක් ‘ සියඹලා’ ඉදුණු සියඹලා රස බලන්න දඟකාර දරුවන් හරිම කැමැතියි. එහෙත් එය වැඩිපුර ජනපි‍්‍රය මුළුතැන්ගෙයි තිබිය යුතුම රසකාරයක් ලෙසයි සියඹලා පානය උණුසුම අඩු කරයි. උණුසුම් කාලගුණයක් පවතින කාලයක සිසිලසක් ගෙන දෙන පානයක් රස විදින්න කවුරුත් කැමැතියි. සියඹලා සොබා දහමෙන්්අපට දායාද කර ඇති සිසිලස ගෙන දෙන, ඇඹුල් රසත්, පැණිරසත් එක් කළ මිහිරිතම පානයක්. ව්‍යාංජන රසවත් කරන කුළුබඩු වාගේම, රසකාරකයක් ලෙසින් භාවිත වෙන සියඹලා සතුව ද උදරයට, බඩවැල්වලට හිතකර ගුණ පවතිනවා. වේදනාව සමනය කිරීමේ අපූරු ගුණයක් ද මෙහි පවතී. සියඹලා වේදනා නාශකයක් පමණක්. ප‍්‍රදාහයන් වැළැක්වීමේ ගුණයක් ද සතු පලතුරක්. බැක්ටීරියා නාශක ගුණය, දිලීර නාශක ගුණය සියඹලා සතු වටිනාම,ඒ වගේම වැඩි දෙනෙක් නොදන්නා ගුණාංග දෙකක්. මෙහි පවතින ප‍්‍රබල ප‍්‍රතිඔක්සිකාරක ගුණය නිසා පිළිකා මැඩලීමේ හැකියාවක් ඇති බවට ද විශ්වාසයක් පවතිනවා. සියඹලාවල ගුණ තවමත් සොයා ගනිමින් පවතිනවා. දුර ගමන් යන්නන්ටද සියඹලා පලතුරක් පමණක් නොවෙයි. කදිම ඖෂධයක් ද වෙනවා. ඒ එහි වමනය වළක්වා ලීමේ ගුණයක් පවතින නිසයි.

 

පෝෂණ අගය සියඹලා ග‍්‍රෑම් සියයක්් අඩංගු පෝෂකකැලරි 70 පෙ‍්‍රීටීන ග‍්‍රෑම් 2.3 හිතකර මේදය ග‍්‍රෑම් 0.2 කාබෝහයිඩ්‍රේට් 14.7 කෙඳි ග‍්‍රෑම් 6.3 කැල්සියම් මි.ග‍්‍රෑ 429 පොස්පරස් මි.ග‍්‍රෑ 14 විටමින්  ඒ අන්තර්ජාතික ඒකක 867 විටමින් බී 1 (තයමින් ) මි.ග‍්‍රෑ 0.08 විටමින් සී 2 ( රිබොෆ්ලෙවින් ) මි.ග‍්‍රෑ 0.34 විටමින් සී මි.ග‍්‍රෑ 44 යකඩ නැගෙනහිර අපි‍්‍රකාව නිජ බිම කරගත් සියඹලා වැඩිපුරම ප‍්‍රසිද්ධ ව්‍යාංජන රස ගන්වන්නක් විදියටයි. එහෙත් ඉදුණු සියඹලා මධුර පලතුරක්. අතුරු පස රස ගන්වන්නටත් එය එක්කර ගන්න පුළුවන්. සීනි හා ජලය එක් කර සකසා ගත් සියඹලා පානය ලොව බොහෝ රටයල ජනපි‍්‍රය පානයක්.චට්නි,සෝස්, අච්චාරු රස ගැන්වීමට සියඹලා නැතිවම බැහැ.  සියඹලා කොළ මැලේරියා උණ අඩුකරන ඖෂධයක් ලෙස පිලිපීනාය් ප‍්‍රසිද්ධයි.