Thee Karmanthaya තේ කර්මාන්තය

 

ජාති ආගම් වයස් භේදයකින් තොරව සැම දෙනාම පාහේ තේ උගුරක රසවිඳ ඇති බව නොරහසකි. තේ ඖෂධීය පානයකි. විවිධ ශ්‍රේණි සහ විශේෂ වර්ගවල තේවල ආරම්භය වසර 200 ක පමණ ඈතට දිවයයි. ආර්ථික සහ සාමාජීය බලපෑම අතින් අනෙක් බෝග හා සන්සන්දනයේදී තේ නිෂ්පාදනය ඉතා වැදගත් හා සංකීර්ණ කි‍්‍රයාදාමයකි. නමුත් මෑත කාලයේ සිට සිදුවෙන , සිදුකරන විවිධ අක‍්‍රමිකතා සහ වැරැදි ක‍්‍රමවේද මඟින් සමස්ත කර්මාන්තයම අවදානම් තත්වයකට මුහුණ පා තිබේ.ශී‍්‍ර ලංකාවේ තේ වගාව හෙක්ටයාර් 210,621 ක් පුරා ව්‍යාප්ත වී ඇත. මෙයින් 44% ක්, එනම් හෙක්ටයාර් 91667 ක් කුඩා තේ වතු හිමියන්ටත් ඉතිරිය වතු අංශය මගිනුත් නඩත්තු කරයි. භූමියේ පිහිටීම, දේශගුණික සාධක අනුව ප‍්‍රධාන තේ වගාවන් 03 කි.01. උඩරට තේ02. මැදරට තේ සහ03. පහතරට තේදිස්ති‍්‍රක්ක වශයෙන් ගත් කල දිස්ති‍්‍රක්ක 13ක් පුරා විසිරී ඇති ලක්‍ෂ 2ට පමණ සෘජ සහ වක‍්‍ර රැකියා අවස්ථා උත්පාදනය කරන ජාතික ආදායමෙන් 2% දායක වන තේ කර්මාන්තය මුහුණ දී ඇති ගැටලු සහ ඇති විය හැකි අර්බුදවලට පූර්ව කි‍්‍රයාමාර්ග ගැනීම හා වළක්වා ගැනීම ජාතික වශයෙන් වැදගත් අවශ්‍යතාවයකි. 2004 වසරේදී මෙ.ටො. 309, 438ක් වූ නිමි තේ නිෂ්පාදනයට සෘජු වශයෙන් වතු සේවකයින්, තේ වතු හිමියන්, වගාකරුවන් , තේ කම්හල් හිමියන්, ලියාපදිංචි තේ දළු සපයන්නන් සහ තේ වෙළෙඳාම, ප‍්‍රචාරණය සම්බන්ධව කටයුතු කරන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සහභාගිත්වයත්, වක‍්‍ර ආකාරයෙන් රැකියා ලබන අතරමැදි දළු සපයන්නන්, වතු සේවකයන් ගේ යැපෙන්නන් අතරමැදි කලු තේ ඇසුරුම් කරන්නන් සහ අලෙවිකරුවන්, ප‍්‍රවාහනයෙන් ආදායම් උපයන විශාල පිරිසක්ද ඇතුලත් වේ. තේ නිෂ්පාදනයෙන් 95% ක් පමණ රටවල් 135 ට පමණ අලෙවිකරණ අතර ඒ සඳහා දේශීය වෙළෙඳ පොළේ සහ විදේශීය ප‍්‍රචාරණ කටයුතු සඳහා සැලකිය යුතු පිරිසක් නියැලී සිටියි. මෙම සංකීර්ණ කි‍්‍රයාවලිය දෙස විද්‍යානුකූලව ඇසකින් සහ තර්කානුකූලව විමසා බැලීම, පර්යේෂණාත්මකව අධ්‍යයනය කිරීම සිදුවීමට යන විශාල විනාශය වළක්වා ගැනීමට පළමු පියවර වේ.

 

විද්‍යානුකූල දැනුමමුලු තේ නිෂ්පාදනයෙන් 60% ක් නිපදවන්නේ කුඩා තේ වතු ආශි‍්‍රතව ලබාගන්නා තේ දළු වලිනි. ඉතිරිය නිපදවන්නේ වතු සමාගම් මඟින් පාලනය වන විශාලවතු වලිනි. බිම් සංවර්ධනයේ සිට පැළ සිටුවීම, නඩත්තුව, දළු නෙළීම සහ තේ දළු සැපයීම දක්වා වෙන දීර්ඝ කි‍්‍රයාවලියට දිවා රෑ කැප වී සිටින කුඩා තේ වතු හිමියන් විශාල කාර්යයභාරයක් ඉටු කරයි. ඉහළ යන කෘෂි රසායන මිල, යෙදවුම් මිල, අයහපත් දේශගුණික සාධක ප‍්‍රධාන වශයෙන් මොවුන් මුහුණපාන ගැටලු වේ. ලබන ආදායම අඩු වීමෙන් ළමයින් සහ තරුණ පරම්පරාව කර්මාන්තයෙන් ඉවත් වී නගරයට සංක‍්‍රමණය වීම සිදු වෙයි. මෙය කම්කරු හිඟයට තදින්ම හේතු වී ඇත. විශේෂයෙන්ම දළු අස්වනු වැඩි මාර්තු, මැයි කාලවලදී පොහොර යෙදීම, දළු නෙළීම, කප්පාදු කිරීම සහ වල් මර්දනය ආදී කටයුතු අඩාළ වී ඇත.ජීවිත කාලයම තේ වගාව සමඟ ගත කළත් බොහෝ ගොවීන්ගේ, තේ ඉඩම් හිමියන් ගේ වගාව සම්බන්ධ විද්‍යානුකූල දැනුම ඉතා පහත් මට්ටමක හෝ සාම්ප‍්‍රදායික මට්ටමක පවතී. උදාහරණ ලෙස දිස්ති‍්‍රක්ක මායිම්වල ග‍්‍රාමීයව පිහිටි, දුර්වල යටිතල පහසුකම් සහිත ගාල්ල නෙලුව ප‍්‍රාදේශීය කොට්ඨාසයේ ආදී ප‍්‍රදේශවල ව්‍යාපෘති අංශයේ අඩු දායකත්වය හේතුවක්ව ඇත. කිලෝමීටර් 3 - 4 ක් දළු හිසෙන් ගෙන යාමට සිදුව ඇති නිසා එම ප‍්‍රදේශවල නෙළන දළුවල පශ්චාත් අස්වනු හානිය ඉහළය, නුසුදුසු නෙළීම, බෑග් සඳහා නයිලෝන් බෑග් භාවිතය, වැඩි දළු ප‍්‍රමාණයක් අසුරා නුසුදුසු ප‍්‍රවාහන ක‍්‍රම භාවිතය වැනි හේතු නිසා සමස්ත කර්මාන්තයේම අමුද්‍රව්‍ය වන තේ දළුවල ප‍්‍රමිතිය බාල වෙයි.

 

කසළ තේතේ වගාව තවමත් ආරක්‍ෂා වී ඇත්තේ වතුකරයේ දමිළ කම්කරුවන්ගේ පිහිටෙනි. නමුත් ඔවුන් ලබන රු. 200 ක් වැනි සුළු දෛනික වැටුප උසස් ජීවන මට්ටමකට නොව එදිනෙදා බඩවියත රැක ගැනීමටත් නොහැකිය. මේ තත්ත්වය බොහෝ කම්කරුවන් තම දුපුතුන් හට උසස් අධ්‍යාපනයක් ලබාදී වෙනත් රැකියාවල යොමු කිරීමට හේතු වී ඇත.ලබන වැටුප මාසෙට ලබා දෙන වැඩ කරන දින ගණන අනුවද වෙනස් වේ. මේ නිසා වතුකර සේවක සේවිකාවන් අධෛර්යයට පත් වී සිටියි. වතු හිමියන්ගේ දළු එකතු කර කම්හල්වලට ප‍්‍රවාහනය කර දෙන වෙළෙදුන් ලියාපදිංචි තේ දළු සපයන්නන් වේ.මධ්‍යම පළාත තුළ පමණක් ලියාපදිංචි වෙළෙඳුන් 400 ක පමණ සිටියි. මොවුන් මුහුණපාන ප‍්‍රධාන ගැටලු වනුයේ අමු තේ දළු එකතු කිරීමට ඇති තරඟය, දළුවල බර ගුණත්වය අනුව කම්හලෙන් දෙන අඩු මිල, ප‍්‍රවාහනයට අධික වියදමක් වැය වීම , දුර්වල යටිතල පහසුකම් (පාරවල් ) ආදිය වේ. තත්ත්වයෙන් බාල, දුර්වල තේ දළු වලින් නිපදවෙන ප‍්‍රමිතියෙන් අඩු නිමි තේවලට ඇති වෙළෙඳ පොළ ඉල්ලුම අඩුය.කම්හල්වලින් ලබා ගන්නා කසල තේ, එනම් තේ දළු වලින් කලු තේ වෙන්කර ගැනීමෙන් පසු ඉතිරි වන කොටස නැවත සකස් කර දේශීය පරිභෝජනයට සුදුසු ලෙස සපයන තේ වෙළෙදුන් , 2004 වසරේදී 170 ක් පමණ ලියාපදිංචි වී තිබේ. මේ අය නිපද වූ කලු තේ ප‍්‍රමාණය එම වසරේදී කිලෝග‍්‍රෑම් 820557 ක් විය. මෙය කර්මාන්තයක් ලෙස ව්‍යාප්ත වෙමින් විශාල ගණනක් යැපෙයි. නමුත් කලු කඩකාරයින් ක්‍ෂණික මුදල් උපයන්නන් විසින් නීතිවිරෝධි ලෙස රසායන ද්‍රව්‍ය එකතු කිරීම, විප‍්‍රකෘති (විනාශ) කළ යුතු , යල් පැනපු, මිනිස් පරිභෝජනයට නුසුදුසු තේ තොග වලින් බාල තේ නිපදවීම, හොර රහසේම අනියම් ක‍්‍රම ඔස්සේ වෙන්දේසි හරහා විදේශයන්ට අපනයන කිරීම මඟින් “ සිලෝන් තේ” නමට විශාල කැළලක් සිදුකර ඇත.මේ සඳහා ලියාපදිංචි තේ නිෂ්පාදකයින් සහ වෙනත් බලධාරීන්ගේ නොමද සහයෝගය ලැබෙයි. මේ ජාතික විනාශකාරී කි‍්‍රයාවන් මර්දනය නොකළහොත් තේ කර්මාන්තයට කණකොකා හැඩලීම වැඩි ඈතකට නොයනු ඇත.කසල තේ සඳහා නිෂ්පාදනයට අවසරපත් ලබා දුන්නද ඔවුන්ගේ නිෂ්පාදනයන්ට සුදුසු වෙළෙඳ පොළක් නොමැතිකම මෙම ගැටලුවට හේතු වේ. තේ පාලන පනතේ විධි විධානයන් කි‍්‍රයාවට නැංවීමට පවතින ප‍්‍රතිපාදන , මානව සම්පත් හිඟයද සෑහෙන ප‍්‍රමාණයකට බලපායි.තේ කර්මාන්තයේ නිෂ්පාදනාගාරය තේ කර්මාන්ත ශාලාවයි. දැනට ශී‍්‍ර ලංකාවේ තේ කම්හල් 739 ක් ලියාපදිංචි සිටියත් කි‍්‍රයාත්මක වන්නේ 618 කි. කළමනාකරණයේ ඇති වී ඇති ගැටලු, දළු ලබා ගත නොහැකි වීම, ආදි විවිධ හේතුන් නිසා එම කම්හල් වසා ඇත. නමුත්, තේ කර්මාන්තයට විෂ බීජ එකතු කරන තිප්පොලවල් බවට සමහර වායු තේ කම්හල් කි‍්‍රයා කරයි. කසල තේ එකතු කර තැබීමට, වර්ණ ගන්වා මුදල් ඉපයීමට එම සම්පත් ප‍්‍රයෝජනයට ගනියි. නිපදවන තේ රටවල් 135 ට පමණ අපනයනය කරන අතර යුරෝපා සංගමයේ රටවල් ලෝකයේ ධනවත්ම වෙළෙඳ පොළ ඇති සීමාවයි. මෑතක සිට එම රටවල නිමි තේවලට අනතුරුදායක විශ්ලේෂණ සහතිකය (ඩ්ඒඛ්ඛ්ර්‍ථ )  අනිවාර්ය කිරීම නිසා අපි අපේ නිමි තේ වල ගුණත්වය ගැන අවධානය යොමු කළ යුතු තීරණාත්මක මංසන්ධියකට පැමිණ ඇත. ගුණාත්මයෙන් බාල තේ තොග ව්‍යාජ ලෙස රට යැවීමෙන් දැනටමත් සමහර රටවල් ලංකාවේ තේ මිලදී ගැනීම කෙරෙහි බිය වී ඇත. තේ තොග කීපයක් ආපසු ඒවා ඇති අවස්ථාද නිතර නිතර අසන්නට ලැබේ.

 

අපනයනයතේ නිෂ්පාදනයෙන් හතර වන ස්ථානයේ සිටින ශී‍්‍ර ලංකාව තේ අපනයනය අතින් 2004 වසරේදී දෙවන ස්ථානයේ පැවතුනු අතර දෙවෙනි වනුයේ කෙන්යාවටයි. නමුත්, කෙන්යාව, ඉන්දියාව, චීනය යන රටවල්වල වගා කරන බිම් ප‍්‍රමාණය වැඩි කිරීම, දියුණු තාක්‍ෂණික ක‍්‍රම, පර්යේෂණ අත්හදා බැලීම් මඟින් ප‍්‍රමිතියෙන් ඉහළ ප‍්‍රමාණාත්මකව වැඩි තේ නිපදවීමෙන් සාම්ප‍්‍රදායික ක‍්‍රමවල එල්බ සිටින අක‍්‍රමිකතාවලට පුරුදු වී සිටින අපේ කර්මාන්තයේ නියැලෙන්නන් දැඩි ව්‍යාකූලතාවකට පත් වී හමාරය. කෙසේ වුවත්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සමහර අංශවල අවධානයට ලක් වීමෙන් මේ තත්ත්වයෙන් ගොඩඒමට, යම් යම් පූර්ව කි‍්‍රයාමාර්ග සහ වළක්වා ගැනීමට ක‍්‍රමෝපායන් සකස් කරමින් සිටියි.විශේෂයෙන්ම ශී‍්‍ර ලංකා තේ මණ්ඩලය, තේ පර්යේෂණ ආයතනය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ මාර්ගෝපදේශ තත්වයෙන් ගුණාත්ම පද්ධතීන් ස්ථාපිත කිරීමේ වැඩසටහන් දියත් කර ඇත. නමුත්, දීර්ඝ කාලීන වැරැදි ක‍්‍රමවලට හුරු වූ ශී‍්‍ර ලාංකිකයින් සමඟ සාමූහික ස්ථීරසාර විසඳුමකට ලඟා වී නොමැති බව මෑත කාලයේ නිතර නිතර අසන්නට, දකින්නට ලැබෙන ප‍්‍රවෘත්ති මඟින් තහවුරු කරයි. නිතර නිතර විදුලිබල ඇණහිටීම්, දුර්වල වී ගිය මාර්ග පද්ධතිය, අයහපත් දේශගුණික සාධක සහ විදේශීීය වෙළෙඳපොළ මඟින් ඇති වන බලපෑම් හමුවේ තේ කම්හල් හිමියන් ගැටලු රාශියකට මුහුණ පා ඇත. පසුගිය වසර හත තුළ නිෂ්පාදන වියදම 56%කින් වැඩි වී ඇත. නමුත්, අලෙවි මිල වැඩි වී ඇත්තේ 34% කිනි. රුපියල් වලින් නිෂ්පාදන වියදම 133/- ක් වන අතර අලෙවි මිල රු. 243.95 ක් විය. උත්සව සමයේදී අපතේ යන අමු තේ දළුවලින් සහ නුසුදුසු ක‍්‍රම භාවිතා කරමින් සිදු කරන පශ්චාත් දළු හානිය වසරකට රු. මිලියන 750 ක්. වන බව සොයා ගෙන ඇත. දුර්වල කළමනාකරණය. අධික ලෙස සිදු වන අක‍්‍රමිකතා මඟින් ප‍්‍රතිලාභ ලැබිය යුතු අය හැර වෙනත් පුද්ගලයින් අතට යාමෙන් ලාභලැබු ඇතැම් කම්හල් වැසීී යාමකට ලක්ව ඇත. විද්‍යානුකූල දැනුමක් නැති පුද්ගලයින් අතට කර්මාන්තය පත්වීමෙන් වගාවේ චිරස්ථායි පැවැත්මට වැදගත් වන පාංශු සංරක්‍ෂණ ක‍්‍රම ක‍්‍රමවත් කෘෂි රසායන යෙදීම, වල් පැළෑටි පාලනය, නැවත වගාව සහ රෝග පළිබෝධ හානිය හඳුනා ගැනීමට නොහැකි වීම නිසා ඒවායේ භාවිතයන් ඇණහිට ඇත. මේ තත්ත්වය හමුවේ බොහෝ තේ බිම් අල වගාවට හෝ මල් ඉදි කිරීමට ආදී කෙටි කාලීන වාසි තකා විවිධාංගීකරණයේ නාමයෙන් තේ කර්මාන්තයට අනතුරු හඟවා ඇත.

 

පාරිභෝගිකයාපාරිභෝගිකයා තේ කර්මාන්තයේ තීරණාත්මක සාධකයක් වේ. දේශීය, විදේශීය පාරිභෝගිකයන් ගේ රුචි අරුචිකම් සෑහීමට පත් කිරීමෙන් පමණක්. තේ වෙළෙදාම අලෙවිය පරිපූර්ණ වෙයි. ශී‍්‍ර ලංකාවේ ඒක පුද්ගල වාර්ෂික තේ පරිභෝජනය කිලෝග‍්‍රෑම් 1.38 කි. ඉරාකයේ මෙය 2.96 කි. වැඩිම පරිභෝජනයක් ඇති රට ඉන්දියාවයි. නමුත් ක්‍ෂණික මුදල් පසු පස යාමෙන් විශ්වාසදායක ස්වභාවික තේ රසය, පානය පාරිභෝගිකයින්ට නොලැබී යයි.මෙම කරුණු වලින් ගම්‍ය වන්නේ එක් වැදගත් පණිවිඩයකි. එනම්, විවිධ තරාතිරම්වල අය මඟින් සිදු කරන විවිධාකාර කි‍්‍රයාවන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස සමස්ත තේ කර්මාන්තය විශාල පරිහානියකට යන බවයි. තේ කෝප්පය සංකීර්ණ රසායනික ප‍්‍රතිකි‍්‍රයාවලියක ප‍්‍රතිඵලයක් සේම ඇති වී ඇති තත්ත්වයද සංකීර්ණ කි‍්‍රයාවලියකි. තනි තනිව එක් එක් අයගේ ගැටලු නිරාකරණය කරනවාට වඩා සමස්ත කර්මාන්තයේම ස්ථායිතාව සඳහා දීර්ඝ කාලීන ක‍්‍රමවත් වැඩ පිළිවෙළක් අවශ්‍ය කරයි. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සාමූහික ප‍්‍රයත්නයක් මඟින් ජය ගත යුතු තීරණාත්මක අවධියකට පැමිණ සිටින්නෙමු. පුද්ගල ලාභ අපේක්‍ෂාවෙන් තොරව සියලු දෙනාගේ කි‍්‍රයාකාරි දායකත්වයෙන්, හැඟීමෙන්, කැපවීමෙන් මෙම තත්වයෙන් අත්මිදිය යුතු බව ඉතා පැහැදිලිව දෘශ්‍යමාන වේ.