Ugurassa උගුරැස්ස

 

අප රට මව්බිම කර ගනිමින් පහත රට හා මැද රට තෙත් කලාපයේ බහුලව වැඩෙන උගුරැස්ස පිළිබඳව සිංහල විශ්ව කෝෂයේ සඳහන්ව ඇත.‘ප්ලකෝෂියාසේ’ (Flacourtiaceae)  ශාක කුලයට අයත් උගුරැස්ස “ජලකෝෂියා රිටෝන්ච්” වශයෙන් උද්භිද විද්‍යාව අනුව හෙන්රි ටි‍්‍රමන් මහතා හදුන්වනු ලබයි.පලතුරු ලොවේ සුළු සුළු වෙනස්කම් හා ප‍්‍රභේදයන් අනුව උගුරැස්ස වර්ග කීපයක් ඇත. කටු ලොවි සහ බොරළු දමුණු වශයෙන් අප රටේ වර්ග කිහිපයක් හඳුන්වනු ලබන අතර බෙන්චි (Benchi)බෙංගාලි භාෂාවෙන්ද සැපිඩා (Sapida) දෙමළ බසින් හා ඉංග‍්‍රීසි භාෂාවෙන්  Ramontchi වශයෙන් හැදින්වීම කරන අතර උගුරැස්ස ගෙඩි අමුවෙන් කෑමේදී කහට ගතියකින් යුක්ත වන බැවින් උගුරේ බැදීම වැඩි බැවින් අපරට උගුරැස්ස ලෙස හැදින්වීමට පුරුදුව ඇත.

මෙම ශාකයේ විශේෂත්වය නම් සෙ.මි. 75 සිට 150 ක් වූ කදෙහි අධික කටු පිහිටා තිබීම හේතුව නිසා කටු ලොවි වශයෙන් හැඳින්වීම කරති. උගුරැස්ස ගසේ ව්‍යාප්තිය මෙහි ඇති කුඩා බීජ මගින් සිදුවේ. මීටර් 8 - 9 පමණ උසට වැඩෙමින් ඔටුන්නක ස්වරූපයෙන් දර්ශණීය ලෙස වැඩී ඇත. ජනවාරි පෙබරවාරි සහ ජූලි අගෝස්තු කාලවලදී කොළ හැලී අලුතින් දළුලා මල් හට ගැනීම ආරම්භ කරනු ලබයි. එමගින් උගුරැස්ස ගෙඩි හට ගනියි.උගුරැස්ස ගෙඩිය ගෝලාකාර වන අතර ඉදුණු පසු රතුපාට වී දම්පාටින් යුක්ත වේ. මෙහි එක් ගෙඩියක කුඩා බීජ 45 ක් පමණ හටගන්නා අතර කෑමට පෙර කිසිවක් ඉවත් කිරීම අනවශ්‍ය වන අතර ගෙඩි කෙළින්ම ආහාරයට ගැනීමට හැකිවේ. ඇතැම් ගෙඩි ඉතා මිහිරි බවින් යුක්ත වන අතර සමහර ගෙඩි ඇඹුල් රසයෙන්ද යුක්ත වේ.ඉදුණු ගෙඩි පලතුරක් වශයෙන් කෑමට ගන්නා අතර ජෑම් සෑදීමට ගනු ලබයි. තවද යුෂ පානයක් වශයෙන් සාදා ගත හැකි අතර භික්ෂූන් වහන්සේලාට විකල්ප පානයක් වශයෙන් වැළඳීමට අෂ්ඨාවිධ පානයක් වශයෙන් පිළියෙල කරගත හැකිවේ.උගුරැස්ස පොතු සහ මුල් ඖෂධයක් ලෙස ප‍්‍රයෝජනයට ගන්නා අතර පොතු සහ මුල් වාත, මුත‍්‍රා දෝෂ සෙම රෝග සහ පිපාසය සංසිඳුවන අතර හෘදයට හිතකර වන අතර කැඩුණු ඇට සන්ධි කිරීම සඳහා වූ බෙහෙත් වට්ටෝරුවට මෙම පොතුද ගනුලැබේ. ස්වභාව ධර්මයා විසින් දායාද කරන ලද පරිසර හිතකාමී මෙම ශාකය කිසිදු කෘමිනාශක හෝ පෝර භාවිතයෙන් තොරව වගා කළ හැකිය.