Ariyadasa Gurupiya - අරියදාස ගුරුපියා
Hot Kello

Uk Wagawa උක් වගාව

 

උක්ලංකාවේ වගා කරන වැවිලි බෝග අතුරින් පුළුල් විභවයක් පවතින බෝගවලින් එකකි. වාණිජමය වශයෙන් උක් වගාව සඳහා සුදුසු දේශගුණික හා පාංශු තත්ත්වයන්ගෙන් යුත් ඉඩම් හෙක්ටයාර් 80,000 ක් පමණ ප‍්‍රමාණයක් දිවයිනේ වියළි සහ අතරමැදි කලාපයන්හි ව්‍යාප්තව ඇත. 90 දශකයේ මැද භාගය වන තෙක් සකී‍්‍රයව පැවති කන්තලේ සහ හිඟුරාණ පිහිටි සීීනි කර්මාන්ත ශාලා වැසීයාමත් සමග දැනට උක් වගාව, සෙවනගල, පැල්වත්ත, මොණරාගල හා සියඹලාණ්ඩුව වැනි ප‍්‍රදේශවල හෙක්ටයාර් 12,000 කට පමණ සීමා වී ඇත. මෙම ප‍්‍රදේශවල නිපදවන උක් ප‍්‍රධාන වශයෙන් පැල්වත්ත සහ සෙවනගල කර්මාන්තශාලාවල සීනි නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන අතර මොණරාගල හා සියඹලාණ්ඩුව ප‍්‍රදේශවල සුළු වශයෙන් උක් හකුරු සහ පැණි නිපදවීම සඳහා ද යොදා ගනී.උක් කර්මාන්තය සහ එහි වර්ධනය රටේ ආර්ථිකයට ඉතා වැදගත් දෙයකි. ලංකාවේ වැඩිම වාර්ෂික සීනි නිෂ්පාදනය 1994 වසරේ වාර්තාගත වූ අතර එය මෙටි‍්‍රක් ටොන් 72,250 ක් විය. රටේ ජාතික සීනි අවශ්‍යතාවය ක‍්‍රමයෙන් වැඩි වෙමින් පැවතුණ ද, වර්තමාන වාර්ෂික සීනි නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් 45,000 - 50,000 ක් පමණ වන අතර එය රටේ ජාතික අවශ්‍යතාවයෙන් සියයට 10 කටත් වඩා අඩු ප‍්‍රමාණයකි. පාරිභෝජනය සඳහා අවශ්‍ය ඉතිරි සීනි ප‍්‍රමාණය වාර්ෂිකව රුපියල් බිලියන 12 ක්, එනම් රුපියල් කෝටි 1,200 ක් පමණ වූ විශාල විදේශ විනිමයක් වැය කරමින් ආනයනය කෙරේ. එබැවින් උක් වගාව තවදුරටත් ව්‍යාප්ත කොට එය රටේ ආර්ථික සංවර්ධනයේ ප‍්‍රධාන කොටස්කරුවකු බවට පත් කිරීම අත්‍යාවශ්‍ය වේ.කෙසේ නමුත් ලෝකයේ අනෙකුත් ප‍්‍රධාන උක් වගා කරන රටවල් සමග සංසන්දනය කරන විට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය උක් හා සීනි අස්වැන්න පහළ මට්ටමක පවතී.

ශ්‍රී ලංකාවේ වර්තමාන සාමාන්‍ය උක් අස්වැන්න හෙක්ටයාර 1 කට මෙටි‍්‍රක් ටොන් 50 -55 ක් පමණ වන අතර සාමාන්‍ය සීනි අස්වැන්න හෙක්ටයාර 1 කට මෙටි‍්‍රක් ටොන් 4.5 ක් පමණ වේ.උක් වගා ඉඩම්වල අතුරු බෝග වගාකිරීම අමතර ආදායමක් ලබාගැනීමට පහසුම ක‍්‍රමයක් බව පෙනී ගොස් ඇති අතර උක් බිම්වල අතුරු බෝග වගාව පිළිබඳව සාර්ථක පර්යේෂණ සිදුකොට නිර්දේශ ඉදිරිපත් කිරීමට උක් පර්යේෂණ ආයතනයේ ශෂ්‍ය විද්‍යා අංශය සමත්ව ඇත. අක් සමග වෙනත් බෝග වගා කිරීම මගින් එක් කන්නයක් තුළ දී රුපියල් 5000 සිට 25,000 ක් පමණ වූ අමතර ආදායමක් ලබා ගත හැකි බව පෙනී ගොස් ඇත.පහළ මට්ටමක පවතින ඵලදායිතාවයත්, වැඩිවෙමින් පවතින නිෂ්පාදන වියදමත් උක් කර්මාන්තයේ පැවැත්මට බලවත් තර්ජයකි. විශේෂයෙන් ඉන්ධන, පොහොර ඇතුළු අනෙකුත් කෘෂි යෙදවුම්වල මිල ඉහළ යාම, රෝග, පලිබෝධ හානි හා අනපේක්‍ෂිත අයහපත් දේශගුණික තත්ත්වයන් ඇතිවීම, වගා කටයුතු සඳහා කම්කරුවන් හිඟවීම නිසා කම්කරු කුලී ඉහළ යාම යනාදී තත්ත්වයන් උක් කර්මාන්තය සිය ජීවනෝපාය කර ගත් බහුතරයක් ගොවීන්ගේ ආදායම් තත්ත්වය පහත හෙළීමට දායක වී ඇත. ඊට අමතරව, උක් ටොන් එකකට ගොවීනට ලැබෙන මිල, වගා වියදම් ඉහළ යාමට සාපේක්‍ෂව වැඩි නොවීම මෙම තත්ත්වය තව තවත් උග‍්‍ර වීමට බලපා ඇත. ඉහත හේතු නිසා, බොහෝ උක් වගාකරුවන් උක් වගාව තාවකාලිකව හෝ සම්පූර්ණයෙන් ම හෝ අත්හැර වෙනත් විකල්ප බෝග වෙත නැඹුරු වීම හේතුවෙන්, දේශීයව උක් වගා කරන භූමි ප‍්‍රමාණය කෙමෙන් අඩු වී යාමේ ප‍්‍රවණතාවයක් පවතී. කෙසේ වෙතත්, එම විකල්ප බෝගවල පවතින වෙළෙඳපොළ අස්ථාවරත්වය නිසා අපේක්‍ෂිත ආදායම් නොලැබීමත්, අන්බෝග හා සසඳන විට උක් වල පවතින නියඟයට ඔරොත්තු දීමේ ඉහළ හැකියාවත් නිසා, උක් වගාව අත්හල වගාකරුවන් නැවතත් ඒ වෙතට යොමුවීමේ ප‍්‍රවණතාවක් ද ඇත. මේ තත්ත්වය, විශේෂයෙන් ම වියළි කලාපීය තත්ත්වයන් හමුවේ වගාකිරීමට හැකි වීම සහ වෙළෙඳපොළ පවතින ස්ථාවර බව සලකන විට, උක් බෝගයට පවතින ඉහළ විභවය මනාව පෙන්නුම් කරයි.

උක් සමග වගා කරන අතුරු බෝගයක පහත දැක්වෙන මූලික ලක්‍ෂණ තිබිය යුතු වේ.* උක් ශාකය අයිති ශාක කුලයට එනම් තෘණ කුලයට අයත් නොවීම, උක්වල පලිබෝධකයින්ට ධාරක ශාකයක් ලෙස කි‍්‍රයා නොකිරීම, උක්වලට සෑදෙන රෝගවල ක්ෂූද්‍ර ජීවින්ට ධාරක ශාකයක් ලෙස කි‍්‍රයා නොකිරීම, නොගැඹුරු මුල පද්ධතියක් තිබීම, වර්ධනය සම්පූර්ණ වූ විට අඩි 2 කට වඩා උස් නොවීම, මාස 4 කට වඩා අඩු කාලයකින් අස්වැන්න නෙළා ගත හැකි වීම, පෝෂක ද්‍රව්‍ය අවශ්‍යතාවය අඩු බෝගයක් වීම, වර්ධනයේ අවසාන භාගයේදී සෙවන තත්ත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව, ඉක්මනින් වර්ධනය වී පොළව ආවරණය කිරීමේ හැකියාව.සාර්ථක උක් අතුරු බෝග වගාවක්සඳහා උක් වගාකිරීම සඳහා භූමිය සකසන බැවින් අතුරු බෝග සිටුවීම සඳහා විශේෂ බිම් සැකැස්මක් අවශ්‍ය නොවේ. උක් වගා කිරීම සඳහා සකස් කළ බිමෙහි වැටිවල උස වැඩි නම් පමණක්, වැටිවල මුදුන් තරමක් සමතලා කළ යුතුය. කෙසේ වෙතත්, උක් නිරි වගාවක අතුරු බෝග සිටුවන්නේ නම්, උක් නෙර අතර ඇති උක් රොඩු නෙරයක් හැර නෙරයක් අතර සිටින සේ සකස් කොට, රොඩු ඉවත් කරන ලද උක් පේළි දෙක අතර පස බුරුල් කොට අතුරු බෝගය සිටුවීම සඳහා සකසා ගත යුතුය.පැළ වගාවක් නම්, උක් දඬු සිටවූ විගසමත්, නිරි වගාවක් නම් නිරි කල විගසමත් අතුරු බෝග බීජ සිටුවීම කළ යුතුය. උක් වගාවේ මෙන් ම අතුරු බෝග වගාවේත් රෝපණ කටයුතු කිරීම පහසු වනු පිණිස, අතුරු බෝග බීජ ද පේළි වශයෙන් සිටුවීම වඩාත් සුදුසු ය. අතුරු බෝග, ප‍්‍රභේද, බීජ අවශ්‍යතාවය, සිටුවන පරතරය හා සිටුවන කාලය සඳහා වගුව 2 බලන්න.උක් වගාව සඳහා ජල සම්පාදනය සිදුකරන බැවින් අතුරු බෝග සඳහා විශේෂයෙන් ජල සම්පාදනය කිරීම අවශ්‍ය නොවේ. ඉහළ ආදායමක් ලබා ගැනීම සඳහා වල් මර්දනය කිරීම අත්‍යාවශ්‍ය වේ. අනෙකුත් වල් මර්දන ක‍්‍රම සැලකීමේ දී අතින් වල් මර්දනය කිරීම සාපේක්‍ෂව වියදම් වැඩි වුවත් අතුරු බෝග වගාවේ දී එය වඩාත් සාර්ථක ක‍්‍රමය ලෙස හැඳින්විය හැකිය. එයට හේතුව නම්, යන්ත‍්‍ර භාවිතා කිරීම සහ ප‍්‍රායෝගිකව අපහසු වීම සහ බෝගවලට හානි නොවන සේ යෙදිය හැකි වල් නාශක වර්ග අඩු වීමයි. නමුත් ඇලක්ලෝරි නැමැති වල් නාශකය යෙදීම උක් පර්යේෂණ ආයතනය විසින් නිර්දේශ කොට ඇත. නියමිත අවස්ථාවට පැමිණි පසු අස්වැන්න නෙලීම කළ යුතුය. විශේෂයෙන් ම රටකජු, පිපිඤ්ඤා සහ පැණි කොමඩු වැනි බෝග උක් සමග අතුරු බෝග ලෙස වගාකිරීමෙන් ඉතා ඉහළ ආදායමක් ලබාගැනීමට හැකියාවක් ඇත. අතුරු බෝග වල අස්වැන්න නෙලා ගත් පසු ඉතිරි වන බෝග අවශේෂ පසට එක් කිරීම වඩාත් සුදුසුය. එසේ කිරීමෙන් පසේ පෝෂක ප‍්‍රමාණය ඉහළ නංවා ගත හැකි වීමට අමතරව පසේ වයනයත් යහපත් තත්ත්වයට පත් කර ගැනීමට හැකි වේ. එමඟින් උක් වලින් ලැබෙන ආදායම ද වැඩි කර ගත හැකිය.

අතුරු බොග වගා කිරීමෙන් ලැබෙන වාසිඅතුරු බෝග වගා කිරීමෙන් ආදායම වැඩි වීමට අමතරව පහත දැක්වෙන වාසිදායක තත්ත්ව ඇතිවේ.* අතුරු බෝග නිසා පස ආවරණය වන බැවින් පාංශු සංරක්‍ෂණය සිදුවේ.* මුං, කව්පි, රටකජු වැනි රණිල බෝග වායුගෝලීය නයිට‍්‍රජන් තිර කරන බැවින්් පැස් සාරවත් බව වැඩිවේ.* අතුරු බෝගවල අස්වනු නෙළීමෙන් පසු ඉතිරි වන අවශේෂ කොටස් පසට එකතු කිරීමෙන් පසේ කාබනික ද්‍රව්‍ය ප‍්‍රමාණය වැඩිවීම නිසා පසේ ජලය රඳවා ගැනීමේ හැකියාව වැඩිවේ.* මුල් අවධියේ දී ම බිම ආවරණය වන හෙයින් වල් පැළ මතුවීම අඩුවන නිසා වල් මර්ධනය සඳහා වැයවන වියදම අඩු වේ.* නිරි වගාවන් හි අතුරු බෝග වගා කරන විට උක් නෙර අතර පස බුරුල් කිරීමක් සිදුවන හෙයින් පසෙහි වයනය දියුණු වේ.මේ අනුව, උක් වගා බිම්වල අතුරු බෝග වගාකිරීම තුළින් ගොවීනට අමතර ආදායමක් ලැබීමට අමතරව වෙනත් වාසි සහගත තත්ත්ව බොහොමයක් තිබීම නිසා එය උක් කර්මාන්තයේ පැවැත්මට මෙන්ම චිරස්ථායි වර්ධනයට බෙහෙවින් දායක වන බව කිව හැකිය.

 

 

 

 

උක්ගස—තණකොළ අතුරින් යෝධයෙක්

සීනි නොමැති ලොවක් ගැන ඔබට සිතන්නවත් පුළුවන්ද? සීනි නැතුව ලෝකය ක්‍රියා විරහිත වේවි කියා අපට කිව නොහැකි වුවත් බොහෝදෙනාගේ සුපුරුදු ආහාර වේල හාත්පසින්ම වෙනස් කිරීමට සිදු වන බව නම් පුදුමයට කාරණයක් වන්නේ නැත. ඔව්, සීනි අඩංගු ආහාර නිෂ්පාදනය අද ලොව සුපතළ වී ඇති අතර ඒවා අනුභව කිරීම සාමාන්‍ය පුරුද්දක් වී ඇත. ප්‍රතිඵලයක් වශයෙන් සීනි කර්මාන්තය සිව්දිග පැතිර ඇති විශාල ජාත්‍යන්තර ව්‍යාපාරයක් බවට පත්ව ඇත.

කියුබාවේ සිට ඉන්දියාව දක්වාද බ්‍රසීලයේ සිට අප්‍රිකාව දක්වාද මෙම කර්මාන්තය ව්‍යාප්ත වී ඇති අතර දශලක්ෂ ගණන් අය සීනි වගා කිරීමේ හා අස්වැන්න නෙළාගැනීමේ රැකියාවල නිරත වී සිටිති. එක් වකවානුවක සීනි නිෂ්පාදනය කිරීම ලොවෙහි විශාලතම කර්මාන්තය විය. සමස්තයක් වශයෙන් ගත් කල උක්ගස තරම් ලොවට බලපෑමක් ඇති කළ වෙනත් පැළයක් හෝ ශාකයක් නොමැති තරම්ය.

මෙම අරුම පුදුම පැළය ගැන ඔබ තවත් ඉගෙනගන්න කැමතිද? එසේ නම් ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලෑන්ඩ් ප්‍රදේශය බලා අපි යන මේ ගමනට සහභාගි වීමට ඔබටත් ඇරයුම් කරන්නෙමු. ලෝකයේ උක්ගස් වගා කරන අනෙකුත් ප්‍රදේශ හා සන්සන්දනය කරද්දී ක්වීන්ස්ලෑන්ඩ් ප්‍රදේශයේ උක් වගාව විශාල පරිමාණයෙන් සිදු නොකෙරුණද, උක් වගාව හා සීනි නිෂ්පාදනය සඳහා උපයෝගි කරගන්නාවූ කාර්යක්ෂම ක්‍රම නිසා, මෙය ලෝකයේ ඉතාමත්ම සාර්ථකව, ශුද්ධ නොකළ සීනි අපනයන කරන ප්‍රදේශයන්ගෙන් එකක් වී තිබේ.

උක් බහුල ප්‍රදේශයකට පා තැබීම

උණුසුම් වාතාශ්‍රයක් හා අධික ආර්ද්‍රතාවක් ඇති උෂ්ණ කලාපීය ප්‍රදේශවලට නිතර ගලා හැලෙන දැඩි හිරු රැස් මෝරපු උක්ගස් මත පතිත වෙයි. ඒ දර්ශනයේ විශාල උක් පඳුරු අතුරින් දැවැන්ත උක්ගස් කපන යන්ත්‍රයක් ටිකින් ටික මතු වෙයි. මෙම යන්ත්‍රය, දෙපස තිබෙන උක්ගස්වලින් දඬු කපමින් එයට යාබදව ගමන් කරන්නාවූ ට්‍රැක්ටරයක් පිටුපස ඇති ට්‍රේලරයකට දමයි. කැපූ දඬුවලින් යුෂ වෑස්සෙයි. ඒත් එක්කම ඒවායින් වාතය හා මුසු වූ පල් ගඳක්ද අපේ නාස් පුඩු වෙත හමා එයි. මෙලෙස මේ සුන්දර පරිසරයේ සිට ඔබේ ආහාර මේසයට සීනි වශයෙන් පැමිණීම සඳහා මෙම පුදුමසහගත තණකොළ පඳුරේ යුෂ ගමන් අරඹා ඇත.

ඕස්ට්‍රේලියාවේ උක්ගස් අතින් කැපීම අත්හැර එතරම් කාලයක් ගත වී නැත. නමුත් සමහර රටවල තවමත් උක් දඬු කපාගන්නේ අතිනි. දැන් අතින් උක් කපන අය සම්බන්ධයෙන් මනසේ චිත්‍රයක් ඇඳගන්න. දහඩියෙන් ගත තෙත් වූ විඩා බර නොසලකන්නාවූ මිනිසුන් ගණනාවක් පේළි ගැසී උක්ගස් කපමින් කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදී යයි. එක් එක්කෙනා එක් එක් උක් පඳුර ළඟට ගොස් එහි දඬු කිහිපයක් තදින් අල්ලාගෙන පැත්තකට අදියි. මෙසේ අදින විට මෙම දඬු නික්මෙන උක්ගසේ කඳ හා මුල් පද්ධතිය පැහැදිලිව දැකගත හැක. අපව පුදුමයට පත් කරමින් අනෙක් අතෙහි ඇති මන්න පිහියකින් ශක්තිමත් පහර දෙක තුනක් එල්ල කර ඔවුන් ඒ විශාල දඬු කපා දමයි. ඉන්පසු විගස ඒ දඬු නිසියාකාරව ගොඩ ගසා ඊළඟ උක් පඳුර වෙතට කඩිසරව පිය මනී. කෙසේවුවත් වර්තමානයේ බොහෝ රටවල අතින් උක් දඬු කපාගන්නවා වෙනුවට යන්ත්‍ර භාවිත කර උක් දඬු කැපීමට වැඩි කැමැත්තක් දක්වයි.

ඕස්ට්‍රේලියාවේ උක් වගා කරන ප්‍රදේශය, කිලෝමීටර් 2,100ක පමණ දුරක් දක්වා විහිදී යන වෙරළබඩ තීරයකට ආසන්න ප්‍රදේශයකි. බොහෝදුරට මෙම උක් වගා කරන තීරය ඕස්ට්‍රේලියාවේ අවට සයුරෙහි මහා බාධක පරය නම් සුප්‍රසිද්ධ ගල් පරයට සමාන්තරව දිව යයි. (වර්ෂ 1991 ජූනි 8, පිබිදෙව්! කලාපයේ “මහා බාධක පරයට ගිය සංචාරයක්” [ඉංග්‍රීසියෙන්] යන මාතෘකාව යටතේ ඇති ලිපිය බලන්න) මුළු වසර පුරාම පවතින නිවර්තන කලාපීය උණුසුම හා ආර්ද්‍රතාව උක් වගාවට ඉතා සුදුසුයි. මෙම ප්‍රදේශයේ වැඩි වශයෙන් දක්නට ඇත්තේ පවුල් වශයෙන් හවුල් වී කුඩා පරිමාණයේ වතු පවත්වාගෙන යන ආකාරයයි. රැකියාවක් හැටියට මෙම ව්‍යාපාරයේ දළ වශයෙන් 6,500දෙනෙකු පමණ නිරත වන බව දත්ත මගින් පෙන්වයි. ඈත සිට මෙම පරිසරය නරඹන්නෙක්, මේ අයගේ එක් එක් වත්තේ පිහිටි නිවහන් දකින්නේ මිදි පොකුරු මෙනි.

විඩා බර දිගු ගමනකට පසු උක්සීනි නිෂ්පාදනයට ප්‍රසිද්ධත්වයක් උසුලන ක්වීන්ස්ලෑන්ඩ්හි බන්ඩබර්ග් නගරය අපට ඈතින් පෙනේ. ස්වල්ප මොහොතකට පසු කඳු බෑවුමක් දිගේ පහළට ගමන් කරද්දී අප ඉදිරියේ ඉතා චමත්කාර දසුනක් දක්නට තිබේ. හමන සනීපවත් සුළඟට ළෙල දෙන උක්ගස් බලන බලන සෑම තැනකම ඇත. මේ සුන්දර වටාපිටාවේ සරුවට වැවෙන උක්ගස් එකම කාලයකදී පැළ කර නැති බව අපට එක පාරටම වැටහිණ. මෙම ගස් විවිධ පැහැයන්ගෙන් යුක්තයි. මේ ප්‍රදේශය දෙස ඈත සිට බලන්නෙකුට මෙය කොතරම් බලා සිටියත් එපා නොවන දසුනකි. මේ මුළු පරිසරයම පෙනෙන්නේ කොළ සහ රන්වන් පැහැයෙන් හැඩගැන්වුණු මෝස්තරයක් ලෙසයි. ඇතැම් කොටස් දුඹුරු පැහැයෙන් දිස් වන්නේ ඒවායින් උක්ගස් ඉවත් කර ශුද්ධ කර ඇති නිසාය. එසේත් නැතහොත් මේ වාරයේ වගාවට භාවිත නොකළ බිම් පුරන් වී ඇති නිසාය.

මේ ප්‍රදේශයේ වඩාත්ම සිසිල් දේශගුණයක් ඇති මාසය ජූලි මාසයයි. මේ කාලයේදී උක් කපාගැනීම සහ යුෂ මිරිකාගැනීමේ වැඩ ඇරඹෙයි. විවිධ කාලවලදී වගා කළ උක්ගස් මෝරපු තත්වයකට පත් වන්නේ එකම කාලයකදී නොවෙයි. ඒ නිසා උක් දඬු කපාගැනීම සහ යුෂ මිරිකාගැනීම දෙසැම්බර් මාසය දක්වාම කරගෙන යෑමට සිදු වේ. දැන් ඇඹරුම් හලක් ඇතුළට ගොස් කපාගත් උක්වලට සිදු වන්නේ කුමක්ද කියා දැකබලා ගන්නා තෙක් අපට ඉවසිල්ලක් නැත. නමුත් ඒ ආශාව සංසිඳුවාගැනීමට පෙර උක් ගැන අප යම් මූලික දේවල් දැනගන්න කියා අපට යෝජනා කරයි. එහෙයින් මුලින්ම එම ප්‍රදේශයේ පිහිටි පරීක්ෂණාගාරයකට යෑම සුදුසුම දෙයයයි අපි තීරණය කරමු. එහි විද්‍යාඥයෝ නව උක් ප්‍රභේද වර්ධනය කිරීමට හා උක් වගාවත්, නිෂ්පාදනයත් තවත් දියුණු කිරීමට පර්යේෂණ පවත්වති.

සුල මුල සොයා

පර්යේෂණාගාරයේදී ශස්‍යවිද්‍යාඥයෙක් අපව සුහදව පිළිගෙන මහත් ආශාවෙන් උක්ගස හා එහි වගාව පිළිබඳව යමක් අපට විස්තර කරන්න වෙහෙසුණේය. මුලින්ම උක් සොයාගනු ලැබුවේ දකුණු ආසියාවේ හා නිව්ගිනීහි පිහිටි වර්ෂා වනාන්තරවල බවට ඓතිහාසික සාක්ෂි ඇත. උක්ගස යනු තෘණ කුලයට අයත් යෝධ පැළයකි. ධාන්‍ය වර්ග, සාමාන්‍ය තණකොළ සහ උණගස් මේ කුලයට අයත් තවත් පැළ වර්ග සමහරකි. මේ පැළ සියල්ලම ප්‍රභාසංස්ලේෂණය මගින් තම පත්‍රවල යම් ප්‍රමාණයකින් සීනි නිපදවයි. එහෙත් උක්ගස මේවායින් වෙනස් වන්නේ එය නිපදවන මහත් සීනි ප්‍රමාණය නිසාය. උක්ගස ඉතා විශාල ප්‍රමාණයන්ගෙන් සීනි නිපදවන අතර එම පැළයෙහි කෙඳි සහිත දඬුවල ඇති සෛලවල එය පැණිරස ද්‍රාවණයක් ලෙස ගබඩා කරයි.

උක්ගස් වගාව අතීතයේ සිටම ඉන්දියාවෙහි පැවත ඇති වගාවකි. පොදු යුගයට පෙර 327දී මහා ඇලෙක්සැන්ඩර් රජුගේ හමුදාවල සිටි ලේඛකයන්ගෙන් සමහරෙක් ඒ ගැන මෙසේ කියයි. ඉන්දියාවෙහි ස්වදේශිකයෝසිත්ගන්නා බටපඳුරකින් ගත් ඊයක් හපමින් සිටියෝය. ඒවායෙහි මී මැස්සන්ගේ මැදිහත් වීමක් නොමැතිව පැණි මෙන් යුෂයක් තිබිණ.” පහළොස්වන ශත වර්ෂයේ ගවේෂණ සංචාරයන්වල වැඩි වැඩියෙන් යෙදීම හා ලෝකයෙහි තාක්ෂණික දියුණුව නිසා උක්සීනි කර්මාන්තයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබිණ. වර්තමානයේ උක් ප්‍රභේද දහස් ගණනක් ඇති අතර ඒවා රටවල් 80කට වැඩි ගණනක වගා කෙරේ. වාර්ෂික උක් නිපැයුම ටොන් බිලියනයකට ආසන්න බව වාර්තා වේ.

උක් වගා කරන බොහෝ ප්‍රදේශයන්හි එම කර්මාන්තය රඳා පවතින්නේ මිනිස් ශ්‍රමය මතයි. ඔවුහු මෝරපු උක් දඬු සෙන්ටිමීටර් 40ක පමණ දිගකට කපාගනිති. ඉන් අනතුරුව මීටර් 1.5ක පමණ පරතරයකින් සකස් කළ හීවිටිවල එම දඬු කැබලි තබා පස්වලින් වසනු ලැබේ. මෙලෙස වගා කරන එක් දණ්ඩකින් දඬු 8කුත් 12කුත් අතර ඇති උක්ගසක් වැඩෙයි. මාස 12 සිට 16ක් පමණ ගත වූවාට පසු උක් දඬු කැපීම සුදුසුය. සාමාන්‍යයෙන් කැපීමට සුදුසු මෙවන් මේරූ විශාල පඳුරු අතරෙහි ඇවිදින විට භයංකාර තැතිගැන්මක් හිතට දැනෙන්නත් පුළුවන. අඩි 13ක් පමණ උසකට වැඩෙන මෙවන් දැවැන්ත පඳුරු ඔස්සේ ගමන් කරන විට භයක්, චකිතයක් ඇති කරමින් නැඟෙන සිහින් හඬක් අපට ඇසෙයි. ඒ නයෙක්ද? නැතහොත් එය හමන මද සුළඟ නිසා ඇති වන හඬක් පමණද? කෙසේවෙතත් පඳුරු අතරින් ඉක්මනටම එළියට පැමිණුණොත් හොඳයි වගෙයි.

උක්ගසකට වැළඳිය හැකි රෝග ගණනාවක් ඇත. එමෙන්ම එයට හානි කරන බොහෝ කෘමීහුද වෙති. මෙවැනි හේතුකාරක නිසා උක්ගසට ඇති විය හැකි හානි මැඩපවත්වා ගැනීම සඳහා පර්යේෂණ කෙරෙන බව අපට දැනගැනීමට ලැබිණ. සමහර අවස්ථාවලදී මෙම ප්‍රයත්නය සාර්ථක වී ඇති නමුත් අසාර්ථක වූ අවස්ථාද ඇත. නිදසුනකට 1935දී විනාශකාරි උක් කුරුමිණියා මර්දනය කිරීම සඳහා හවායි රටින් උක් මැඩියායයි නම් කරන ලද මැඩියෙකුද මෙම ප්‍රදේශයට ගෙනෙන ලදි. එහෙත් මෙම කුරුමිණියාව ආහාරයට ගන්නවා වෙනුවට මෙම මැඩියා වෙනත් ආහාර වර්ගවලට රුචියක් දැක්වූ අතර උන් ශීඝ්‍රයෙන් වර්ධනය විය. දැන් මෙම මැඩියා ඕස්ට්‍රේලියාවේ උතුරු නැඟෙනහිර ප්‍රදේශයේ මහත් හිසරදයක් වී ඇත.

කපාගැනීමට පෙර පිලිස්සීම

එදින රාත්‍රියේ නොසිතූ විරූ අන්දමේ පුදුම දනවන තවත් අපූරු සිද්ධියක් අපට දැකගැනීමට හැකි විය. එක් උක් වගා කරන ගොවියෙක් තමාගේ මුළු වගාවටම ගිනි තැබීය. කුඩාවට පටන්ගත් මෙම ගින්න විගසින්ම මහත් ගින්නක් බවට පත් විය. රාත්‍රිය ආලෝකවත් කරමින් මෙහි ගිනිදැල් බුර බුරා ඉහළට නැඟිණ. ඒත් මෙවන් ගිනි තැබීමකින් උක් වගාව විනාශ වන්නේ නැත. ඇත්තෙන්ම එය උක් කැපීමේදී හෝ මෝල යන්ත්‍රයට උක් දැමුවායින් පසු බාධාවක් විය හැකි අනවශ්‍ය පත්‍ර සහ වෙනත් ද්‍රව්‍ය විනාශ කිරීමට යොදාගන්නා පිළිගත් ක්‍රමයකි. නමුත් මෑතක සිට මෙම දැකුම්කලු ගිනි තැබීම වෙනුවට වෙන ක්‍රමයක් යොදාගැනෙයි. මෙම ක්‍රමය හඳුන්වන්නේ අමු කැපුම හෝ නොපිලිස්සූ උක් ලෙසයි. මෙම නව ක්‍රමය උපයෝගී කරගැනීමෙන් පසුව ඵලදාව වැඩි වී ඇති බවටත්, පස සේදී යෑම වළක්වන කොළ රොඩු ආදියෙන් සමන්විත ස්වාභාවික ආරක්ෂක ස්තරයක් පස තුළ රඳවාගැනීමට හැකි වී ඇති බවත්, වල් පැළවල වර්ධනය අඩු වී ඇති බවත් සොයාගෙන ඇත.

තවමත් බොහෝ රටවල උක් අස්වැන්න අතින් කපාගත්තත්, යන්ත්‍ර යොදාගෙන උක් කපාගැනීමට වැඩි කැමැත්තක් ඇති බව දක්නට තිබේ. මහත් බලයකින් යුක්ත මේ දැවැන්ත යන්ත්‍ර උස උක් පඳුරු අතරින් ගමන් කරමින් උක්ගස් කප්පාදු කර අනවශ්‍ය පත්‍ර කපා දමයි. ඒත් එක්කම එයින් උක්ගසේ දඬු ඇඹරුම් හලට ගෙන යෑමට හැකි වන පරිදි සුදුසු ප්‍රමාණයකට කපාගනු ලැබේ. මෙවැනි එක් යන්ත්‍රයක් මගින් දිනකට උක් ටොන් 300ක් පමණ කපාගත හැකි අතර ඕස්ට්‍රේලියාවේ උක් කපන්නෙකුට සාමාන්‍යයෙන් අතින් කපාගත හැකි වන්නේ උක් ටොන් 5ක් පමණක් බවට ගණන් බලා ඇත. එක් උක් වගාවකින් ලැබෙන සීනි ඵලදාව අඩු වී යෑමට පෙර එයින් අවුරුදු කිහිපයක් පුරා වර්ෂයක් වර්ෂයක් පාසා අස්වැන්න ලබාගත හැක. උක් වගාවෙන් ලැබෙන ඵලදාව අඩු වූ බව දැකගත් විට එම පැළ ඉවත් කොට අලුත් උක් දඬු පැළ කළ යුතුය.

කපාගත් උක් දඬුවල ගුණය ශීඝ්‍රයෙන් හීන වන නිසා හැකි ඉක්මනින් යුෂ මිරිකාගත යුතු වේ. ඇඹරුම් හල කරා විගස උක් දඬු ගෙන යෑමට හැකි වන පරිද්දෙන් ක්වීන්ස්ලෑන්ඩ් ප්‍රදේශයෙහි කිලෝමීටර් 4,100 පමණ දුරක් දක්වා දිවෙන කුඩා පරිමාණයේ දුම්රිය පාරවල් තනා ඇත. ඒවා දිගේ ගමන් කරන්නාවූ මෙම කුඩා දුම්රියන්වල විවිධාකාර වර්ණ ගල්වා ඇති අතර, එහි පෙට්ටි උක්වලින් පුරවාගෙන ධාවනය කරන විට එය ඇත්තෙන්ම සිත්ගන්නාසුලු දර්ශනයකි.

ඇඹරුම් හලක් තුළදී

උක් සීනි ඇඹරුම් හලක් දැකබලා ගැනීමට ගිය විටදී එයට ආවේණික වූ සැලකිල්ලට ගත යුතු දේවල් බොහොමයක් ඇති බව අපට වැටහිණ. ඇඹරුම් හලට පැමිණෙනවාත් සමඟම අපේ නෙත් ගැටුණේ උක් පටවාගෙනවිත් තිබුණ රථ පේළි ගණනාවකි. ඒවායෙහි පටවා තිබූ උක් බාන තෙක් ඒවා නවත්වා තිබිණ. මේ අතර පසෙකින් ඇති විශාල පිහි කට්ටල සහ ෂ්‍රෙඩර් යන්ත්‍ර මගින් ඒවා කැබලි කර සිහින් තීරු බවට පත් කිරීමෙන් පසු ඇඹරුම් යන්ත්‍ර (මිල් රෝලර්) මගින් උක් දඬුවල තන්තුමය කොටස් මිරිකා යුෂ ගනියි. ඉතිරි වන උක් රොඩු වේළාගෙන ඇඹරුම් හලට අවශ්‍ය බලය සැපයීමට ඉන්ධන හැටියට භාවිත කරයි. ඉන්පසුවත් මෙම රොඩුවල අතිරික්තයක් ඇති වුවහොත් ඒවා කඩදාසි නිෂ්පාදනයට හෝ ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා යොදාගන්නා අමු ද්‍රව්‍ය සාදාගැනීමට වෙනත් ආයතනවලට විකුණයි.

අපද්‍රව්‍ය ඉවත් කිරීමෙන් පසු ඉතිරි වන්නේ පිරිසිදු යුෂයකි. උක් යුෂවලින් වෙන් කරන ලද අපද්‍රව්‍ය අහක දමනවා වෙනුවට ඒවා පොහොර ලෙස භාවිත කරයි. මෙය හඳුන්වන්නේ ෆිල්ටර් මඩ ලෙසයි. මෙම ක්‍රියාවලියේ තවත් අතුරු ඵලයකි ඉක්ෂුපාක (මොලැසස්) යන ද්‍රව්‍යය. මෙලෙස උක් පැණි මණ්ඩියෙන් ගන්නාවූ ඉක්ෂුපාක අරක්කු, රම්, බ්රැන්ඩි වැනි මත්පැන් රාශියක් සෑදීම සඳහා යොදාගනු ලැබේ. ඉක්ෂුපාක සත්වයන්ට ආහාර පිණිසද භාවිත කරයි. උක් වගාවෙන් මෙපමණ දේවල් සෑදිය හැකි බව දැනගන්න ලැබීමෙන් හා උක් ඇඹරුම් හලක කාර්යක්ෂමතාව දැකීමෙන් අපි ඉමහත් සේ පුදුමයට පත් වුණෙමු.

පිරිසිදු කළ යුෂ උණු කිරීමෙන් එය තුළ