Wijesundara Sami
Hot Kello

Wada Kaha වද කහ

 

අප රටේ දේශීය වෛද්‍ය විද්‍යාවේ හා ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය තුළ අතිශයෙන් වැදගත් ඖෂධ ශාකයක් ලෙස වද කහ හැදින්විය හැක. මෙම ඖෂධ ශාකය අප රටේ විශේෂයෙන් වගා නොකළාට බටහිර වෛද්‍ය ක‍්‍රමය තුළ සුවිශේෂී තැනක් හිමිව ඇත. ඊට හේතු වී ඇත්තෙ රුව වැඩීම හා සම ආරක්ෂා කිරීමට ගන්නා ඖෂධීය ශාකයක් වීමයි.මෙම ශාකය පදුරු සහිත ශාකයෙකි. වද කහ බහුල ලෙස වැඩෙනුයේ වැලි මිශ‍්‍ර  පසේය. සිංහල භාෂාවෙන් වදකහ ලෙසින් අමතන අතර දෙමළ බසින් වසම්බු ලෙසින් හඳුන්වයි. මෙම පැළෑටිය ඉතා සුවඳවත් ය. කෙටි බිම දුවන අතු බෙදුණු ශාකයක් වේ. ශාකයේ පත‍්‍ර දීප්තිමත් බවකින් යුත් කොළපාටින් යුක්ත වේ.

 

වදකහ ඖෂධිය ශාකයේ මල් ද්විලිංගික වන අතර ඝනව වැඩෙනු ඇත. අප රටේ මෙන්ම ඉන්දියාව පිලිපින් දූපත් ආසියාවේ උතුරු කලාපයේ සහ යුරෝපයේ උතුරු අමෙරිකාව ජපානය චීනය රුසියාව යන රටවල බහුල වශයෙන් දැකිය හැකිවේ. වද කහ අල ගලක අතුල්ලා ආලේප කිරීමෙන් ශරීරයේ චර්ම රෝග සුවවේ. දද කුෂ්ඨ රෝග හොරි වැනි රෝග වල ආලේප කිරීමෙන් විෂ නැසී ලෙඩ සුවවේ. බිළිදු දරුවන්ට වදකහ යුෂ මදක් පෙවීම ගැමියන් අතර සිරිතක් ඇත. මෙතුළින් අජීර්ණ පණුරෝග වමනය මර්ධනය කිරීම සඳහා ගැමි සමාජය අත් බෙහෙතක් ලෙස භාවිතා කරනු ලබයි. තවද කුඩා දරුවන්ගේ ඉන ප‍්‍රදේශයේ හෝ අතේ වද කහ කැබැල්ලක් එල්ලනු ලබයි.

 

මෙහිදී දරුවාට විෂ බීජ ඇතුළු වීම භූතදෝෂ වලින් ආරක්ෂා වීම සිදුවනු ඇතැයි ගැමි සමාජය විශ්වාසය තබා ඇත. බටහිර රටවල රූප ලාවන්‍ය කටයුතු සඳහා අවශ්‍ය බෙහෙත් නිෂ්පාදනය කර ගැනීමට වද කහ උපයෝගී කර එහිදී චර්ම රෝග සුව වී සම පැහැපත් වීම සිදුවේ .වද කහ මව් කිරිවලින් මිශ‍්‍ර කර දීමෙන් කුඩා දරුවන්ගේ බුද්ධි වර්ධනය වේ යැයි විශ්වාසයක්ද ගැමියන් තුළ පවතී. වද කහ භාවිතයට වැඩි වශයෙන් ගනු ලබන්නේ වේලා ගැනීමෙන් පසුවයි. ඉන් පසු කුඩු චූර්ණ සෑදීමට මෙන්ම ගුලිවර්ග සැදීමට විශේෂයෙන් යොදා ගනු ලබයි.