Advertisement
Hot Kello

Wattakka වට්ටක්කා

 

දුකේදී සමීපයෙන් සිටින මිතුරා සැපේදී ළංවන්නාට වඩා සැබෑවටම තමන්ට හිත මිතුරුයි. මිතුරන් සම්බන්ධව පමණක් නොව ආහාර සම්බන්ධව ද එය සැබෑවකි. අපේ දිව පිනවන ආහාර මොනතරම් තිබුණ ද සමීපතමයකුගේ මරණයක් වූ විට අපේ කුස පුරවන ප‍්‍රධාන එළවළුවක් ( මෙය උද්භිද විද්‍යාත්මකව පලතුරක් වශයෙන් සලකයි.) වන්නේ වටිටක්කායි මේ සම්ප‍්‍රදාය කෙසේ ඇරඹුණද එය ඉතා නුවණැති සම්ප‍්‍රදායක් බව නම් නොකියාම බැරිය. වට්ටක්කා බෙහෙවින්ම පෝෂ්‍ය ජනක එළවළුවකි. එනිසා කායිකව මානසිකව පිරිහී සිටින අවස්ථාවක මෙතරම් උචිත එළවළුවක් නැති කරම්ය.

 

ගෙඩිය වගේම ඇට ද ගුණයි. වට්ටක්කා ගෙඩියේ ආහාරයට නොගන්නා කොටස ලෙස ඇට සහිත මදය හඳුන්වන්න පුළුවන්. එහෙත් එය ද පෝෂණීය අගයෙන් වාගේම රසයෙන් ද ඉහළ බව අප අමතක නොකළ යුතුයි.

 

පිරිමින්ට අත්‍යාවශ්‍යයි. පුරස්ථ ග‍්‍රන්ථියේ නීරෝගීතාවය සුරකින ඇට වර්ගයක් ලෙස වට්ටක්කා ඇට වෛද්‍ය ක්ෂේත‍්‍රයෙහි ප‍්‍රචලිතයි. වයස පනහ ඉක්මවූ පසු වෘෂණ කෝෂ විශාල වීම බොහෝ පිරිමින් මුහුණ පාන ගැටලුවකි. කැරොටීන් අධික ආහාර ගැනීමෙන්ද පිරිමින්ගේ පුරස්ථි ග‍්‍රන්ථිය විශාල වීම වළක්වා ගත හැකියි. ඔමෙගා -3 ද වට්ටක්කා ඇටවල අඩංගුයි. වට්ටක්කා ඇටවල අඩංගු සින්ක් පුරස්ථ ග‍්‍රන්ථියේ කි‍්‍රයාකාරිත්වයට අවශ්‍ය දෙයකි.

 

අස්ථි පද්ධතිය ද සුරකී පුරස්ථි ග‍්‍රන්ථියේ නීරොගී භාවය සුරැකීමට අමතරව මැදිවයසේ පිරිමින්ගේ අස්ථි පද්ධතිය දුර්වල වීමෙන් වළක්වා ගැනීමට ද සින්ක් උපකාරී වෙයි.

 

ආතරයිටීස් රොගීන්ට ඇටවල ඇති ප‍්‍රතිප‍්‍රදාහ ගුණය නිසා ආතරයිටීස් රොගීන්ට ද වට්ටක්කා ඇට රස විඳීමෙන් සහනයක් ලබන්න පුළුවන්.

 

ඛනිජ ලවණ බලාගාරයක් පුංචි වට්ටක්කා ඇටයක ඛනිජ ලවණ රාශියක් අඩංගුයි මැග්නීසියම්, මැංගනීස්, පොස්පරස් ඒ අතරින් ප‍්‍රධානයි. ඊට අමතරව යකඩ, තඹ, පෙ‍්‍රීටීන් ද මෙහි අඩංගුයි. වට්ටක්කා ඇට කෝප්ප කාලකින් දෛනික මැග්නීසියම් අවශ්‍යතාවයෙන් 46.1% ක්ද යකඩ අවශ්‍යතාවයෙන් 28.7% ක්ද මැංගනීස් අවශ්‍යතාවයෙන් 52.0 % ක්ද තඹ අවශ්‍යතාවයෙන් 24.0% ක් ද පෙ‍්‍රීටීන අවශ්‍යතාවයෙන් 16.9 % ක්ද සින්ක් අවශ්‍යතාවයෙන් 17.1% ක්ද ලබාගන්න පුළුවන්. වට්ටක්කා ඇට අහිතරකර කොලෙස්ටරෝල් අඩුකරන ආහාරයකි.

 

විටමින් ඒ කහ පැහැ වට්ටක්කා ගෙඩියේ අඩංගු ප‍්‍රධානම පෝෂකය බීටා කැරොටීන්. එනම් ඒ විටමිනය ලබා ගත හැකි ප‍්‍රධානම මාර්ගයක් ලෙස වට්ටක්කා ආහාරයට ගැනීම හඳුන්වන්න පුළුවන්. බීටා කැරොටීන් නීරෝගී සුවය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍යය. පිළිකාවලින්, හෘද රොගවලින්, වයස් ගත වීමත් සමඟ ඇතිවන රෝගවලින් බේරීමට බීටා කැරොටීන් උපකාරි වෙයි. වට්ටක්කා ගෙඩියක 90 % ක්ම ඇත්තේ ජලයයි. එහෙත් එහි අත්‍යාවශ්‍ය පෝෂක සියයට සියයක්ම අඩංගුයි. පිසන ලද වට්ටක්කා කෝප්පයක අඩංගු පෝෂක පෙ‍්‍රීටීන ග‍්‍රෑම් 2කාබෝහයිඩේට් ග‍්‍රෑම් 12කෙඳි ග‍්‍රෑම් 3 කැල්සියම් මිලි ග‍්‍රෑම් 37 යකඩ මිලි ග‍්‍රෑම් 1.4 මැග්නීසියම් මිලි ග‍්‍රෑම් 22 පොටෑසියම් මිලි ග‍්‍රෑම් 564 සින්ක් මිලි ග‍්‍රෑම් 1 සිලේනියම් මිලි ග‍්‍රෑම් 50 විටමින් සී මිලි ග‍්‍රෑම් 12 නියැසින් මිලි ග‍්‍රෑම් 1 ෆෝලෙට් මයික්‍රොග‍්‍රෑම් 21 විටමින් ඒ අන්තර් ජාතික ඒකක 265විටමින් ඊ මි.ග‍්‍රෑ 3 වට්ටක්කා ගෙඩියක් සිසිල් ස්ථානයක දිගු කලක් ගබඩා කර තැබිය හැකියි. එහෙත් වට්ටක්කා කැපූ පසු ශීතකරණයේ තැබුවත් දින දෙකක් තුළ කෑමට ගත යුතුයි.කැපූ වට්ටක්කා ඉතා පහුසවෙන්ම පස් කයි.